සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 15 January 2013

Linux Operating System Free Full Download all version


විවෘත කේත මෘදුකාංග අතරින් කවුරුත් වැඩි වශයෙන් බාවිතා කරන්නේ ලිනක්ස් හ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති බව සැකයක් නෑ. වින්ඩොස් වලදී දකින්න ලැබෙන අතුරු මුහුණත් වලින් අංග සම්පූර්ණව පැමිනෙන මේ ලිනක්ස් හා ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති සියල්ලම වගේ ඉතාමක් කෙටි කාලයකින් ජනප්‍රිය උනා. උදාහරණයක් ලෙසින්  උබන්ටු වැනි මෙහෙයුම් පද්දති දක්වන්න පුලුවන්. ඉතින් වින්ඩෝස් වලින් මිදී ලිනක්ස් බාවිතයට ගන්න සිතාගෙන ඉන්න ඒ වගේම් ලිනක්ස් ගැන උනන්දු වන සියලු දෙනා වෙනුවෙන්ම ලිනක් මෙහෙයුම් පද්ද්ති සියල්ල එකම තැනකදී බාගත කරගන්න අවස්තාව තියනවා.
කලින් කතා කල උබන්ටු කියන්නේ සම්පූර්ණයෙන්ම් ලිනක්ස් මෙහෙයුම් පද්දතියක්. එහි කර්ණලයේ සිට අතුරු මුහුණත දක්වා සියලුම කේතයන් ලිනක්ස් පාදක වෙලයි තියෙන්නේ. දැනට ලෝකයේ පරිගණක 100 ගත්තොත් ඒවායින් 80ක්ම වින්ඩෝස් මෙහෙයුම් පද්දති වලින් සමන්විත බව පැවසෙනවා. ඉතිරි 20 ලිනක්ස් හා ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දති බාවිතා කරනවා.  නමුත් ඉතාමත් වේගයෙන් මේ 80 කියන කොටස අඩු වෙමින් ලිනක්ස් බාවිතා කරන්නන් වැඩි වෙමින් පවතින බවයි පෙනෙන්නේ. 

මේ කරුණට ප්‍රදාන හේතුවක් වන්නේ වින්ඩෝස් මිලදී ගතයුතු වීම හා ලිනක්ස් නොමිලේ ලබාදීමයි. බොහොමයක් රටවල්  වින්ඩෝස් ඉවත් කර ලිනක්ස්කරණය වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම වින්ඩෝස් කේත සගවා තිබුනත් ලිනක්ස් කේතයන් විවෘත බැවින් ඕනේම කෙනෙකුට මෙය සංස්කරණය කරමින් බාවිත කිරීමේ හැකියාව පවතිනවා. එසේ සංස්කරණය කර අලුත් මෙහෙයුම් පද්දති නිර්මාණය කිරීමට කිසිම බලපෑමක් ලිනක්ස් අයිතිකරුවන් විසින් දක්වන්නේ නෑ. ඒ ආකාරයෙන් නිර්මාණය උන මෙහෙයුම් පද්දති ගණනාවක්ම දැනට බාවිතයේ පවතිනවා. උදාහරණයක් ලෙසින් ලංකාවේ නිර්මාණයක් වන හන්තාන ලිනක්ස් දක්වන්න පුලුවන්. ඒ වගේම උබන්ටු හොදම නිර්මාණයක්. "Ubuntu" කියන්නේ පුරාණ අප්‍රිකාණු වචනයක්. එහි තේරුම වන්නේ "humanity to others" කියන එකයි. 

Mandriva Linux (Mandrakelinux)

ඉතාමත් පහසුවෙන් ඒ වගේම සරලව බාවිතා කරන්න පුලුවන් මෙහෙයුම් පද්දතියක් තමයි Mandrakelinux කියන්නේ. දැනට බාවිතයේ පවතින බොහොමයක් භාෂාවන් වලට මෙය සහය දක්වනවා. බාවිතයට ඕනේ කරන්නේ අවම මෘදුකාංග සංයෝජනයක්. ලිනක්ස් බාවිතය ආරම්බ කරන්නන් ඒ කියන්නේ මින් පෙර ලිනක්ස් බාවිතා නොකල අයට ඉතාමත් පහසුවෙන් බාවිතා කල අහෙකි ලෙසින් මෙය නිර්මාණය වී තිබෙනවා.








Linux for Advanced User

ඉහල පහසුකම් යටතේ ලිනක්ස් බාවිතා කරන්නට උත්සාහා කරන අය වෙනුවෙන් නිර්මාණය උන මෙහෙයුම් පද්දති මේ ගනයට වැටෙනවා. උදාහරණයක් ලෙස server මෙහෙයුම් පද්දතියක් හදුන්වන්න පුලුවන්.බොහොමයක් දෙනා ඒ වෙනුවෙන් Red Hat බාවිතා කරනවා. මේ වෙනකොට Red Hat Linux 9 සංස්කරණය බාවිතා කරන්න පුලුවන්. 














SUSE Linux

වින්ඩෝස් බාවිතා කිරීමට කැමති කෙනෙක් ඒ පසුබිමින් මිදෙන්න අකමැති නම් ඒ වෙනුවෙන් පහසුවෙන් බාවිත කල් හැකි ලිනක්ස් මෙහෙයුම් පද්දතිය වන්නේ SUSE Linux මෙහෙයුම් පද්දතියයි.Novell සමාගමේ වියාපෘතියක් ලෙසින් මේ මෙහෙයුම් පද්ද්තිය දියුණු කිරීම සිදු වෙනවා.







Live linux 

මෙහෙයුම් පද්දතිය සිය දෘඩ තැටිය මත ස්තාපනය නොකරගනිමින් බාවිතා කිරීමට කැමැත්තක් දක්වන පරිශීලකයින් වෙනුවෙන් නිර්මණය උන මෙහයුම් පද්දතියක් LIVE Linux. එය ලබාදෙන CD එක මත සිටම බූට් වීම ආරම්බ වෙනවා වගේම ඉතාමත් අඩු දෘඩාංග ධාරිතාවකින් බාවිතා කරන්න පුලුවන්. බාවිතයේ පවතින ඉතාමත් හොද Live linux  CD එකක් වන්නෙ Knoppix. 







MEPIS Linux 





MINI

මේකත් LIVE CD ආකාරයේ මෙහෙයුම් පද්දතියක්





Feather Linux 

CD එකක වගේම USB pendrive එකක් ඉදාලා බාවිතා කරන්න පුලුවන් 115Mb ඉඩක් ගන්නා අපූරු මෙහෙයුම් පද්දතියක්. 






SERVER CentOS








Ubuntu Server

 


ඉතින් වින්ඩෝස් වලින් වෙනසක් බලාපොරොත්තු වන අය වෙනුවෙන් මේ ලිනක්ස් මෙහෙයුම් පද්දති නොමිලේම ලබාගන්න පුලුවන්. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive