සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 20 January 2013

Face Recognition

තාක්ශණය දිනෙන් දින දියුණු වෙන් බව හැමදෙනාම දන්නා කාරණයක්. ඉතින්  මෙහෙයුම් පද්දති වලත් අලුත් අලුත් පහසුකම් වගේම නවීන තාක්ශණික යෙදවුම් බාවිතාව එන්න වැඩි වෙමින් පවතිනව. ඉතින් මේ කියන්න යන්නේ වින්ඩෝස් ලොගින් එක වෙනුවට සාම්ප්‍රදායිම මුරපදය ලබාදීම වෙනුවට තමන්ගේ මුහුනේ චායාරූපය ලාබාදීම ගැනයි. සරලවම කියනවා නම් මුර පදය ලෙසින් මුහුණ බාවිතා කරන්නේ කොහොමද කියන එක. 


අපි බලමු කොහොමද Face Recognition  තාක්ශණය ක්‍රියාත්මක වන්නේ කියලා. 



මුලින්ම මෘදුකාංගය මගින් මුහුනේ එක් එක් තැන් වල සලකුනු ලබාගන්නවා. ඉහල රූපයේ ආකාරයෙන්. ඊලගට එය මෘදුකාංගය මගින් දත්ත ගබඩාවක් බවට පත් කරගන්නවා. ඊලගට අපි මුරපදය ලෙස මුහුණ ලබාදීමේදී නැවතත් මුහුණේ තැන් තැන් වල ලබාගන්නා සලකුනු පෙර් ලබාගත් සලකුණු සහිත දත්ත ගබඩාවේ කිසියම් දත්ත කොටසක් සමග ගැලපෙනවාද කියලා බලනවා. බැලපෙනවා නම් පරිගණකයට බාවිතා කිරීමට අවසර ලැබෙනවා. හරියට මුරපදය හරි නම් ලොග් වෙන්න දෙනවා වගේ.

මුහුණ බාවිතා කිරීම වගේම ඇගිලි සලකුණු බාවිතා කිරීමත් කාලයත් එක්ක දියුණු උන තාක්ශනයක්. ඉතින් අපි බලමු කොහොමද මේ මුහුණු බාවිතා කිරීම කරන්නේ කියලා. මේ වෙනුවෙන් අනිවාර්යයෙන් වෙබ් කැමරාවක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒ වෙනුවෙන් බාවිත කල හැකි මෘදුකාංගයක් තියෙන්නත් ඕනේ. මොකද දැනට වින්ඩෝස් වෙනි මෙහෙයුම් පද්දති වලදී කෙලින්ම මුහුණ හදුනා ගැනීමේ පහසුමක ලබා නොදීමයි. ඉතින් ඒ වෙනුවෙන් තෙවන පාර්ශවීය මෘදුකාංගයක සහය පතන්න වෙනවා. Blink කියන්නේ මෙවැනි වින්ඩෝස් මෙහෙයුම් පද්දති වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන් අනර්ග Face Recognition  මෘදුකාංගයක්. advanced face recognition තාක්ෂණය සහිත මේ මෘදුකාංගය පහල ලින්කුවෙන බාගත කරගන්න පුලුවන්. 

ඉතින් මේ මෘදුකාංගය හරහා අපිට හැකියාව තියනවා අපේ මුහුණ මුරුපදයක් ලෙසින් බාවිතා කරන්න. 










මෘදුකාංගය පරිගණකයට ස්තාපිත කරගන්න.පහල රූප වල ආකාරයෙන් එය ස්තාපිත කරගන්න. 



I Agree ක්ලික් කරන්න. 



OK ක්ලික් කරන්න. 



Install Luxand Blink! ක්ලික් කරන්න.



පහල රූපයේ ආකාරයෙන් ස්තාපනව ආරම්භ වෙනවා. 



වෙබ් කැම් එක මේ වෙනකට සම්බන්ද කරලා තියෙන්න ඕනේ. වෙබ් කැම් එකකට අමතරව වෙනත් කැම් තියනවා නම් පහල රූපයේ ආකාරයෙන් එක් එක් ටික් ලෙසින් ඒවා පෙන්වාවි. මෙතනදී webcam කියන එක තෝරලා Apply කරන්න.
 


ඉතින් අවසානයේ අපිට මේ මෘදුකාංගයේ සැකසුම් සකස් කල හැකි කොටසට පිවිසෙන්න පුලුවන්. පහල රූපය බලන්න. එයින් අපේ මුහුණ Remember මගින් ලබාදෙන්න පුලුවන්.



ඉතින් ඊලගට වින්ඩෝස් ලොග් වෙන විට කැමරාව ක්‍රියාත්මක වී අපේ මුහුණ මුරපදය ලෙසින් ලබාදෙන්න හැකි වේවි. උත්සාහ කරලා බලන්න. සුබ දවසක්....!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

@tesh said...

Niyamaiiiiiiiiii :D

Anonymous said...

Aiye Run Wenne nhanae Windows Log wenakota Mokada Akata Karanna Ona

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive