සියලුම GPS උපකරණ ක්‍රියාත්මක වන්නේ space-based satellite navigation පද්ධතියක් හරහායි. එහෙම නැතිනම් සරලවම කියනවා නම් ඉහලින් රදවලා තියෙන සැටලයිට් කීපයක් හරහායි මේ GPS ක්‍රියාත්මක වෙන්නේ. මුලින්ම මෙහෙම් පද්ධතියක් නිර්මාණය කරන්න ඕනේ කියලා හිතලා ඒ ගැන අධ්‍යයනය කරන්න පටන් අරන් තියෙන්නේ 1973 දී තරම් ඈත කාලෙදි. නමුත් 2005 දී තමයි පළමු GPS සැටලයිට් එක යවන්න පුලුවන් වුණේ. ඉතින් 2005 න් පස්සේ මේ තාක්ෂණය වේගයෙන් දියුණු වුණා. මේ ආකාරයේ ජාලයක් නිර්මාණය වන බව ශේෂ්ඨ විද්‍යා ගවේශකයෙක් වූ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහත්තයත් GPS හැදෙන්න කාලෙකට ඉස්සර කිවුවා එකිනෙකට සමාන දුරකින් පිහිටි චන්ද්‍රිකා 3 ක් හරහා වෘත්තාකාර වූ මුලු පෘතුවියම ආවරණය වන ජාලයක් නිර්මාණය කිරීම තමයි GPS වල මුලික අරමුණ වුණේ
ඉතින් අපි බලමු කොහොමද මේ GPS වැඩකරන්නේ කියලා
කැරකෙන පෘතුවිය වටා නිශ්චිත දුරකින් ස්ථානගත කරලා තියෙන චන්ද්‍රිකා ගණනාවක් (මුලින්ම 27 තිබුණා. නමුත් දැන් වැඩ කරන්නේ 24යි) නිරන්තරයෙන්ම පෘතුවිය වටා බ්‍රමණය වෙමින් පවතිනවා. කිසියම් ලක්ෂයක් ගත්විට පෘතුවියේ අනාතියත් සමග ඉහළ රූපයේ දැක්වෙන ආකාරයෙන් සෑම මොහොතකදීම දැනට ස්ථාපිත කර ඇති චන්ද්‍රිකා වලින් අවම වශයෙන් 5 ක සන්නිවේදනයන් ග්‍රහණය කරගැනීමේ හැකියාව පවතිනවා. ඉතින් GPS තාක්ෂණයේදී කිසිම වේලාවක සබදතා බිදවැටීමක් දක්නට නොලැබෙන්නේ මේ නිසයි.
අවසානයේදී වෙන්නේ අපි තෝරගත් ලක්ෂයක අක්සාංශ සහ දේශාංස ඉතාමත් නිවැරදිව අදාළ චන්ද්‍රිකාවේ සුරක්ෂිත වීමයි. ඉන්පසුව අන්තර්ජාලය හරහා හෝ වෙනත් උපකරණයක් හරහා හෝ GPS මගින් අදාල ස්ථානය ගැන විස්තර ගවේශණයේදී ලබාදෙන්නේ අර චන්දිකා වල සුරක්ෂිත වුණ දත්තයන්
ඉතින් දැන් මෙහි වටිනාකම ඔයාලට පේනවා ඇති. අපි නොදන්නා වූ ඕනේම තැනක් අපිට බලාගැනීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන් මාර්ග වල සිතියම් බලාගැනීමේදී, ස්ථාන දෙකක් අතර දුර බලාගැනීමේදී වැනි දේවල් වලට මේ GPS සමග එම මැප් එක බාවිතා වෙනවා. මැප් එක බාවිතා කරන එක වඩාත් ජනප්‍රිය වුණේ Google Earth කරළියට ආවට පස්සෙයි ඒහිදිත් මූලිකවම භාවිතා කලේ මෙම GPS තාක්ෂණයයි
ඉන් පසුව ඒ තාක්ෂණය Navigation පද්ධති සදහා බාවිතා කරන්න වුණා. ඒ හරහා තමන් ඉන්නා තැන කොතැනද යන්න නිවැරදිව හදුනාගැනීමේ හැකියාව හා ආසන්නව පවතින අක්සාංශ හා දේශාංශ 40 ක දත්ත ඉතාමත් නිවැරදිව කියවීමේ හැකියාව පැවතිණා.
මේ ආකාරයෙන් අදවන විට විශාල පරාසයක විහිදුන දත්ත සමුදායකින් යුතු GPS පද්ධතිය දැනට ලෝකයේ පවතින විශාලතම දත්ත එකතු වලින් එකක් ලෙසිනුයි සලකන්නේ, ලෝකයේ ඕනෑම රටක මාර්ගයක් විශේෂ ස්ථානයක් භූ පිහිටීමක් මේ මගින් ඉතාමත් සාර්ථක සොයාගැනීමේ හැකියාව පවතිනවා.
ඉතින් මුල් කාලීනව තිබුණ හැමදේම දියුණු වෙලා අද වෙනකොට GPS සේවාවන් ජංගම දුරකථන වෙත ලබාදෙන ලෝකයේ ප්‍රමුක අන්තර්ජාල සේවාවන් පවතිනවා. එයිනුත් පහතින් දක්වලා තිබෙන GPS සර්වර් වල සැකසුම් ඔබගේ ජංගම දුරකතනයෙන් භාවිතා කිරීමෙන් වඩා වේගවත් හා නිවැරදි වූ දත්ත ලබාගැනීමේ හැකියාව පවතිනවා
Google Server
ServerIP =74.125.77.192
ServerURL = supl.google.com හෝ = mobile-agps.l.google.com
Nokia Server
ServerIP = 83.150.75.211
ServerURL = Supl.Nokia.com හෝ = default.nokia.supl.geodns.fi
Sony Ericsson Server
ServerIP = 212.209.45.84
ServerURL = Supl.sonyericsson.com
HTC Server
ServerIP = 194.51.71.14
Google Server
ServerIP =74.125.77.192
ServerURL = supl.google.com හෝ = mobile-agps.l.google.com
Nokia Server
ServerIP = 83.150.75.211
ServerURL = Supl.Nokia.com හෝ = default.nokia.supl.geodns.fi
Sony Ericsson Server
ServerIP = 212.209.45.84
ServerURL = Supl.sonyericsson.com
HTC Server
ServerIP = 194.51.71.14
ServerURL = geoloc2.sfr.fr
ඉතින් මේ වගේ සැකසුම් යොදා ගැනීමේන් සාර්ථක GPS බාවිතා කිරීමේ හැකියාවක් ලැබෙනවා සේම හොද අත්දැකීමක් ලබාගන්නත් පුලුවන් වෙනවා. සුභ දවසක්....!
About the author
Eranda Dayawansa -MBCS
is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
4 comments:
ගොඩක් කාලෙකින් නේද?
good
එඋනාට MOBIL PHONE වල GPS වැඩකරන්නෙ POINT එක වටෙ තියන ටවර වල GPS POSITION එකෙන් නෙද
👀
Post a Comment