සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 3 August 2015

Despite Issues, 6 Reasons Why Windows 10 is Best Windows Ever

වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය පසුගියදා එළිදක්වනු ලැබුවා. එළිදැක්වීමෙන් දින කීපයක් ගතවීමටත් මත්තෙන් එහි ඇති දුර්වලතාවන් ගණනාවක්ම සොයා ගැනීම නිසා පරිගණක ලෝකයෙ යම් කැලබීමක් පැවතුනත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන නව පහසුකම් විශාල ප්‍රමාණයක් පවතිනවා.

වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8.1 භාවිතා කරන සියලු දෙනාටම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය නොමිලේ යාවත්කාල කිරීමක් ලෙසින් මයික්‍රොසොෆ්ට් සමාගම ලබාදුන්නා. ඒ අනුව අද වන විට ලෝකයෙ මිලියන 65 ක් පමණ වන ප්‍රමාණයක් සිය පරිගණක වින්ඩෝස් 10 සදහා අප්ඩේට් කරනු ලැබ තිබෙනවා.

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම මෙහෙයුම් පද්ධතිය හදුන්වාදෙන්නේ “Windows as a service” ලෙසිනුයි. ඒ නිසා වින්ඩෝස් 0 මෙහෙයුම් පද්ධතිය නොමිලේම ලබාදීමටයි තීරණය කර ඇත්තේ. 

මේ වන විට සොයාගෙන ඇති ප්‍රයිවසි වල පවතින ගැටළුව සහ වයිෆයි සම්බන්ධතා වලදී ඇතිවන ගැටලුවත් වින්ඩෝස් 10 මගින් ඔබගේ අන්තර්ජාල වේගය වෙනත් අය සමග බෙදා ගැනීමක් සිදුකිරීම වැනි බග්ස් ඇති නමුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ පහතින් දැන්වෙන විශේෂතා දැකගන්න පුළුවන්.

1. One Operating System for All Devices: Windows 10


වර්තමානයේ භාවිතා කරන ජංගම දුරකථන ටැබ් ලැප්ටොප් පරිගණක සුපර් පරිගණක මෙන්ම රූපවාහිනී වැනි උපකරණ වලටද එකසේ ගැලපෙන එකම ප්ලැට්ෆෝම් එකක් සහිත මෙහෙයුම් පද්ධතියක් ලෙසින් මෙම වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය එළිදැක්වේ.

මෘදුකාංග නිර්මාණකරුවන්ට මෙය ඉතාමත් පහසු තත්ත්වයක් වන අතර වින්ඩෝස් 10 භාවිතා කරන ඕනෑම ඩිජිටල් උපාංගයකට සරිලන ලෙසින් එක වැඩසටහනක් ලිවීමෙන් සිය කාලය ශ්‍රමය ඉතිරි කර ගැනීමේ හැකියාව පවතිනවා.  ඒ වගේම ටැබ් එක්ක භාවිත කළ සැකසුම් ඒ ආකාරයෙන් ලැප් එකකට ගැනීම එසෙ නැති නම් සින්ක් පහසුකම ඉතාමත් ඉහලින් මෙහි දැකගන්න පුළුවන්.


2. Cortana — Most Intelligent Digital Assistant

ඔබට බොහොමයක් දේවල් අමතක වෙනවද? මෙතන් සිට එය ප්‍රශ්නයක් කරගන්න එපා. ඔබ වින්ඩෝස් 10 භාවිතා කරනවා නම් අමතක වන සියල්ල මතක් කර දීමට "කෝටානා" සූදානම්. කෝටාන යනුවෙන් හැදින්වෙන පරිගණක වැඩසටහන හරහා ඔබගේ අවශ්‍යතාවයන් සියල්ල ඉටුකර ගැනීමේ හැකියාව පවතිනවා. ඒ අතර ඔබට අමතක වෙන දේවල් මතක් කර දිම මෙන්ම ඔබගේ පෞද්ගලික තොරතුරු ලිපිගොනු සොයා ගැනීම සහ කළමණාකරණයට උපකාර කිරීම වැනි දේ සිදුකරනවා.  


ගූගල් සමාගමේ "Google Now" නම් වූ වැඩසටහන විසින් ලබාදෙන පහසුකම් වලටත් වඩා වැඩි පහසුකමින් යුක්තව  මයික්‍රොසොෆ්ට් කෝටානා ක්‍රියාත්මක වෙනව. ඉදිරියේදී කෝටානා ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියට සහ ඇපල් මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන පරිදි  නිර්මාණය වන බවයි ආරංචිය. 

නමුත් මේ කෝටානා පහසුකම දැනට සක්‍රීය වන්නේ රටවල් කීපයකට පමණයි. ඒ රටවල් අතර United States, United Kingdom, France, Spain, Germany, Italy, and China; in languages supporting Chinese (Simplified), English (U.K.), English (U.S.), French, Italian, German සහ Spanish ඇතුළත් වෙනවා. 


3. Virtual desktops & Split View for Multitasking

Multitasking කියන්නේ බොහෝම වැදගත් පහසුකමක්. අතීතයේදී අපිට වැඩ කිරීම සදහ ලබාදුන්නේ එක් අතුරු මුහුණතක් නැතිනම් ඩෙක්ස්ටොප් එකක් වුවත් නවීන මෙහෙයුම් පද්ධති වලදී එක මෙහෙයුම් පද්ධතියක් මත ඩෙක්ස්ටොප් ගණනාවක් නිර්මාණය කරගෙන වැඩ කිරීමේ හැකියාව පවතිනවා. අයිනුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේදී Aero Snap පහසුකම හදුන්වාදෙමින් ඩෙක්ස්ටොප් 10කට වඩා වැඩිගණනක් සෑදීමේ හැකියාව ලබාදෙනවා. 


4. DirectX 12: Gamers Will Love Windows 10
'පරිගණක ක්‍රීඩා කරන්නන්ට සුභදායක ආරංචියක් තමයි මේ. වින්ඩොස් 10 මෙහෙයුම් පද්ධතිය සමග පරිගණක ක්‍රීඩාවේදී නැතිවම බැරි  DirectX යෙදුමේ 12 වැනි සංස්කරණය වඩාත් උසස් අන්දමින් ලබාදෙනු ලබනවා. ඒම සංස්කරණය  මේතාක් සාර්ථකව සහය නොදැක්වූ AMD වර්ගයේ graphics card සදහාද සහය දෙන ආකාරයෙන් අප්ඩේට් කරලා තිබෙනවා. 



5. Microsoft Edge — Single Web Browser

අපි දන්නා ඉතිහාසයේ මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධතිය සමග අපට ලැබුනේ ඉන්ටර්නෙට් එක්ස්ෆ්ලෝරා බ්‍රවුසරයයි. නමුත් වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය සමග ලැබෙන්නේ නවතම බ්‍රවුසරයක් වන Microsoft Edge බ්‍රවුසරයයි. මේ බ්‍රවුසරය හරහා කෝටානා වැනි නවීන පහසුකම් කිසිදු අපහසුවකින් තොරව ක්‍රියාත්මක වෙනවා. 

ගූගල් ක්‍රෝම් සහ මොසිලා පයර්ෆොක්ස් වලදී ලැබෙන වේගවත් බව සහ ආරක්ෂාව එකොට නිර්මාණය කර ඇති මෙහි නව rendering engine එකක් ද ඇතුළත් කර තිබෙනවා. 


6. Windows Hello — Supports Two-factor and Biometric authentication
පරිගණක සහ දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන අයට වින්ඩෝස් 10 හරහා විශේෂ පහසුකමක් ලබාදෙනවා. ඒ තමයි Windows Hello කියන්නේ. මෙහිදී සිදුවන්නෙ Two-factor සහ  Biometric authentication ආකාරයේ ආරක්ෂිත උපක්‍රම භාවිතාවට අවස්ථාව ලබාදීම. අපි සාමාන්‍ය පරිගණක වලදී භාවිතා කරන්නේ මුරපදයක් පමණයි. නමුත් මේ Two-factor ආරක්ෂිත ක්‍රමවේදයේදී මුරපදයක් සමග ඇගිලි සලකුණු වැනි යමක් භාවිතා කිරීමේ හැකියාව ලබාදෙනවා. 

ඉතින් මෙවන් නවීන පහසුකම් ගණනාවකින් සමන්විත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ ස්ථාපිත කිරීමක් පහත දිගුවෙන් බාගත කරගන්න පුළුවන්. 






About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Unknown said...

"ගූගල් සමාගමේ සිරි නම් වූ වැඩසටහන විසින් ලබාදෙන පහසුකම් වලටත් වඩා වැඩියෙන් කෝටානා ක්‍රියාත්මක වෙනවා"

පොඩ්ඩක් මගහැරිලා.... ඇපල් සිරි සහ google now නේද? නිවරදි විය යුතු ආකාරය.
ගූගල් සමාගමේ "Google Now" නම් වූ වැඩසටහන විසින් ලබාදෙන පහසුකම් වලටත් වඩා වැඩියෙන් කෝටානා ක්‍රියාත්මක වෙනවා


හොද blog එකක්.. හොද දැනුමක් දෙනවා... දිගටම කරගෙන යන්න.. තව ගොඩක් අය කියවලා දැනුම ලබා ගනි. බොහොම ස්තුතියි.

Era said...

බොහොම ස්තුතී ඔබගේ අදහස් වලට. වැරැද්ද නිවැරදි කළා. :)

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive