සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 7 August 2012

Advanced Port Scanner - පෝට් ස්කෑනරය යනු කුමද්ද?

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනක ජාල පාලනය කරන්නන් හා ජාල කලමනාකරනය  කරන්නන් අතර වැඩියෙන්ම භාවිතා වෙන මෘදුකාංගයක් තමයි Advanced Port Scanner කියන්නේ. පරිගනක ජාල ආරක්ශාව ගැන කතා කරන කවුරුත් පෝට් ගැන කතා කරනවා. මොනවද මේ පෝට් කියන්නේ? පරිගනකයක් ගත්තාම ඒකේ තියන සියලුම මෙහෙයුම් සිදුවෙන්නේ ඒ වගේම මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නේ මේ කියන පෝට් හරහා. උදාහරනයක්  විදියට ගත්තොත් 80 පෝට් එක කියන්නේ පරිගනකයේ අන්තර්ජාල පහසුකම් වලට අදාල සේවා සපයන පෝට් එක.

පෝට් ආකාර 2ක් තියනවා. TCP හා UDP කියලා පහල තියනවා ගොඩක්ම ප්‍රසිද්ද පෝට් ටිකක්


25 - Simple Mail Transfer Protocol (SMTP)
42 - Windows Internet Name Service56 - Route Access Protocol (RAP)
80 - Hypertext Transfer Protocol (HTTP)
158 - DMSP, Distributed Mail Service Protocol

ඉතින් මේ වගේ පෝට් 49151 තියනවා. ඒවා එක එක වැඩේට විශේශ වෙලා තියෙන්නේ.  හරි අපි දැන් බලමු මේ පෝට් ටික හරියට වැඩ කරනවද කියලා බලන විදිය. සමහර ඒවා නම් අපිට නිකම්ම බලගන්න පුලුවන්. උදාහරනයක්, අපිට අන්තර්ජාලය හරියට වැඩ් කරන්නේ නැත්නම් වෙබ් පිටු හරියට ඕපන් වෙන්නෙ නැත්නම් 80 පෝට් එකේ ඖලක් වෙන්න පුලුවන්. ඉතින් Advanced Port Scanner වලින් කරන්නේ මේ පෝට් ටික අපිට පහසු ආකාරයට පරීක්ශා කරල දෙන එක. 

පහලින් මේ මෘදුකාංගය නොමිලේම බා ගන්න පුලුවන් මේක windoos 95/98/ME/NT4.0/2000/XP/2003/Vista/2008 and Windows 7 (32 bit, 64 bit) වලදි හොදට වැඩ කරනවා.


ඉතින් මේක බාගෙන පරිගනකයට ස්තාපිත කරගත්තාම පහත ආකරයට දකින්න පුලුවන් වෙයි. 
අපිට ඕනේ පෝට් එකක් ස්කෑන් කරගන්න නම් ඔප්ශන් වලදි පෝට් අංකය ලබාදෙන්න ඕනේ. 
ඉතින් මේ ආකරයට අපිට පුලුවන් ඕනේම පෝට් එකක් හරියටවැඩ කරනවද කියලා බලාගන්න 
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive