සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 15 August 2012

Windows Update

කතෘ අයිතිය සුරකින්න..!
ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් සමග නොමිලේ දෙන වැඩසටහනක් තමයි Windows Update  කියන්නේ.. මේකේ හොදා වගේම නරකත් තියනවා. හොද තමයි මයික්‍රොසොෆ්ට් සමගම මගින් දෙන යාවත්කාල කිරීම් සියල්ල ලබා ගැනීමට හැකි වීම. නරක තමයි අපේ පරිගනකයේ සියලුම විස්තර  මයික්‍රොසොෆ්ට් සමගම විසින් අවසරයකින් තොරව ලබා ගැනීම. ඉතින් අපි බාවිතා කරන්නෙ වින්ඩෝස් හොර කොපියක් නම් Windows Update  පහසුකම සක්‍රීය කරල තියන අවස්තාවකදි ඉතාමත් සුලු කාලයකදි අපි  හොර කොපියක් බාවිතා කරන බව දන්වල දෝශ පනිවිඩයක් එවන්න තරම්  මයික්‍රොසොෆ්ට් සමගම කාරුනික වෙනව.. 


අපි මුලින්ම බලමු Windows Update ඔයාලගේ පරිගනකයේ ක්‍රියාත්මකද නැද්ද කියලා බලන්නේ කොහොමද කියලා. 

වින්ඩෝස් XP වලදි, 
Start > Control Panel > Automatic Update 


වින්ඩෝස් 7 වලදි, 
Control Panel >All Control Panel Items > Windows Updates 

ඉතින් මේ දෙආකාරයෙන්ම අපිට ලැබෙන Windows Update පහසුකම ඕනේ නම් අක්‍රීය කරන්නත් ඕනේනම් සක්‍රීය කරන්නත් පුලුවන්. 

හරි, Windows Update  ලබා ගැනීම සදහා ක්‍රියාත්මක තත්වයේ පවතින අන්තර්ජාල පහසුකම් ඕනේ කරනවා ඉතින් සමහර Update වල ප්‍රමානය අපේ Downloading Limit  එකට ගොඩක් දැනෙනවා. මයික්‍රොසොෆ්ට් සමගම ඉදිරිපත් කරන මේ Windows Update සියල්ල  අන්තර්ජාල පහසුකම්  නොමැති පරිගනකයක ස්තාපිත කරගන්නේ කොහොමද? 

ඉතින් ඔන්ලයින් නැතිව ඕෆ්ලයින් Windows Update   කරන්න පුලුවන් හොද මෘදුකාංගයක් ලැබුනා. මේකෙ නම WSUS Offline Update මේක පහල තියන දේවල වලට සහයෝගය දක්වනවා. 

1. WSUS Offline Update supports: Windows XP, Windows Vista & Windows 7.
2. Supports MS Office 2003 & 2007 versions.
3.You can create an ISO of the updates.
4. Supports copying updates directly to USB

මුලින්ම පහල ලින්කුවෙන WSUS Offline Update බාගන්න. 



ඉතින් මේ මෘදුකාංගය පරිගනකයට ස්තාපිත කරගත්තට පසුව ලැබෙන මෙනු එකයි ඉහල තියෙන්නෙ. ඔයාලට Windows Update ගන්න ඕනේ Operating System එක හරි  Office Package එක හරි තෝරලා ඊලගට අදාල භාශාව තෝරලා Start කරන්න. පහසුවෙන්ම ඔබගේ තේරීමට අනුව පරිගනකය Windows Update ලබාගනී 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive