ජාලකරනය ඉගෙන ගන්න අය වගේම ජාලකරනය වෘත්තියක් විදියට කරන අයත් අවබෝදයෙන් ඉන්න ඕනේ ප්‍රදාන කොටසක් තමයි IP Addressing කියන්නෙ. IP කියන්නෙ Internet Protocol කියන එක. මේක හරි විදියට කියනව නම් TCP/IT (Transmission Control Protocol / Internet Protocol) කියලයි කියන්නෙ. මොකක්ද් මේ IP Address එකෙන් කරන්නෙ? මේක ලිපිනයක්. අපෙ ගෙවල් වලට තියන ලිපිනය වගේ පරිගනක ජාලයක ඇති පරිගනකයට තියන ලිපිනය. ඉතින් ඇයි මේක මේ තරම් වැදගත් වෙන්නෙ? පරිගනක අතර තොරතුරු හුවමාරුවේදී පරිගනක අදුනාගන්නත් පරිගනක ජාලයට අයත් අනෙකුත් උපකරනවලට පරිගනක හදුනා ගැනීමේ පහසුවටත් ජාල කලමනාකරනයටත් මේ IP ලිපිනය ගොඩක් වැදගත් වෙනවා.
ඉතිහාසය
1974 දී Vinton G. Cerf සහ Robert E. Kahn කියන දෙන්න Advanced Research Projects Agency කියන ආයතනය වෙනුවෙන් දත්ත හුවමරුව් සදහා මුලින්ම IP ක්‍රමවේදය ඉදිරිපත් කලා එහිදී ඔවුන් බාවිතා කලේ දත්ත පැකට් වශයෙන් යැවීමේ ක්‍රමය ඒ දත්ත පැකට්ටුව තුල
යන කොටස් අන්තර්ගත උනා
IP Version
මේ වෙනකොට IP Address සංස්කරනයන් දෙකක් ඉදිරිපත් වෙලා තියනවා.
1974 දී Vinton G. Cerf සහ Robert E. Kahn කියන දෙන්න Advanced Research Projects Agency කියන ආයතනය වෙනුවෙන් දත්ත හුවමරුව් සදහා මුලින්ම IP ක්‍රමවේදය ඉදිරිපත් කලා එහිදී ඔවුන් බාවිතා කලේ දත්ත පැකට් වශයෙන් යැවීමේ ක්‍රමය ඒ දත්ත පැකට්ටුව තුල
- දත්තය ලාබා දෙන පරිගනකයේ මැක් ලිපිනය
- දත්තය ලාබා දෙන පරිගනකයේ IP ලිපිනය
- දත්තය
- දත්තය යා යුතු පරිගනකයේ මැක් ලිපිනය
- දත්තය යා යුතු පරිගනකයේ IP ලිපිනය
යන කොටස් අන්තර්ගත උනා
IP Version
මේ වෙනකොට IP Address සංස්කරනයන් දෙකක් ඉදිරිපත් වෙලා තියනවා.
- IP Version 4 (IPv4)
- IP Version 6 (IPv6)
IP Version 6 වලදී බිටු 128 ප්‍රමානයෙන් IP Address නිර්මානය වෙන්වා ඒ වගේම කොටස් 8කින් යුතු වෙන්වා. උදාහරනයක් ලෙස 2001:cdba:0000:0000:0000:0000:3257:9652.
IP Class
IP Version 4 වලදී බාවිතා වෙන සියලුම IP ලිපිනයන් ප්‍රදාන පන්ති 5 කට බෙදා දක්වන්න පුලුවන්
Class A 0.0.0.0127 සිට 255.255.255 දක්වා
Class B 128.0.0.0191 සිට 255.255.255 දක්වා
Class C 192.0.0.0223 සිට 255.255.255 දක්වා
Class D (multicast) 224.0.0.0239 සිට 255.255.255 දක්වා
Class E (reserved) 240.0.0.0255 සිට 255.255.255 දක්වා
Dynamic and Static
IP Address ආකාරයන් 2කින් පවතිනව. පලවෙනි එක dynamic ආකරය. අනිත් එක static ආකාරය. static ආකාරයේ IP ලිපිනයන් කියන්නේ මොනවද? ඔබ විසින් පරිගනකයෙ ජාලකරන සැකසුම් වෙනස් කර ඇතුලත් කරන IP Address . මේක වෙනස් නොවන IP ලිපිනයක්. dynamic ආකාරයේදී අපි තවත් සර්වර් පරිගනකය ආදාරයෙන් අපේ පරිගනක වලට IP ලිපිනයන් එකතු කරගන්නව. ඒකට අපි බාවිතා කරනවා Dynamic Host Configuration Protocol එහෙම නැත්නම් DHCP සේවාව ක්‍රියාත්මක කල හැකි සර්වර් පරිගනකයක්. ඉතින් මේ ආකාරයේදී පරිගනකය තුලට වෙලාවෙන් වෙලාවට වෙනස්
IP ලිපිනයන් DHCP සර්වර් පරිගනකය මගින් ලබා දෙනවා
DHCP සේවාව තුලින් ලබා දෙන IP ලිපිනයන් ක්‍රියාත්මක වෙන කාලසීමාව වගේ දේවල් හදලා පරිගනක ජාලයේ ආරක්ශාව වැඩි කරගන්න් පුලුවන්. බොහොමයක් විශාල පරිගනක ජාල වල මේ පහසුකම ක්‍රියාත්මක කරනවා. එතනදි වෙන්නේ අලුතින් පරිගනකයක් ඔන් වී පරිගනක ජාලයට සම්බන්ද වෙන්න උත්සාහා කරන අවස්තාවේදී DHCP සර්වර් පරිගනකය වෙතින් IP ලිපිනය ඉල්ලා සිටීමක්. එතනදී අලුත් ලිපිනක් ලැබෙනවා වගේම ඒ පරිගනකය ජාලයෙන් ඉවත් උනාම නැත්නම් පරිගනකය Shutdown කලාම අර ලබාදී තිබුන IP ලිපිනය නිදහස් වෙනවා. ඒ IP ලිපිනය වෙන පරිගනකයක් ඉල්ලපුවාම අයෙමත් දෙනවා. ඉතින් එකම IP ලිපිනය එකම පරිගනකයට නිතරම ලැබෙන්නේ නෑ
මං හිතන්නේ පොඩි අදහසක් එන්න ඇති මේ ගැන ඔයාලට. හරි අපි ඊලගට බලමු අපිට static ආකරයෙන් බාවිතා කරන්න පුලුවන් IP ලිපින මොනවද කියලා
Class A
10.0.0.0 සිට
10.255.255.255 දක්වා
Class B 172.16.0.0 සිට 172.31.255.255 දක්වා
Class C 192.168.0.0 සිට 192.168.255.255 දක්වා
Class B 172.16.0.0 සිට 172.31.255.255 දක්වා
Class C 192.168.0.0 සිට 192.168.255.255 දක්වා
ඉතින් වඩා විශාල ජාලයන් සදහා Class A වලින් IP ලිපින යොදනවා. මොකද Class A වලදී අපිට IP ලිපින 16777216 ප්‍රමානයක් ලැබෙන නිසා.
මේ අතර බාවිතා කල නොහැකිය කියලා Internet Assigned Numbers Authority (IANA) කියන ආයතනයෙන් පනවපු නීති අනුව අපිට අයින් කරන්න වෙන IP ලිපින ප්‍රමානයක් තියනවා.
- 0.0.0.0 - මෙයින් අදුන්නන්නේ default network කියන එකයි. ඉතින් මෙ ලිපිනය පරිගනකයට IP ලිපිනයක් විදියට බාවිත කරන්න් බෑ
- 255.255.255.255 - මේ ලිපිනය වෙන් කරලා තියෙන්නේ network broadcasts කියන සේවාවටයි.
- 127.0.0.1 - මේ ලිපිනය අපි බාවිතා කරන්නේ පරිගනකයේ ජාල්කරන පහසුකම් ක්‍රියාත්මකද කියලා බලා ගැනීමටයි . මේකට loopback address එක් කියලත් කියනවා.
- 169.254.0.1 to 169.254.255.254 - අපි DHCP සේවාව ක්‍රියාත්මක කරලා තියන අවස්තාවක පරිගනකයට DHCP සර්වරය හදුනාගත් නොහැකි අවස්තා වලදී පරිගනකය ජාලයට සම්බන්ද වන්නේ මේ IP ලිපිනයන් බාවිතා කරලා. ඒකට කියන්නේ Automatic Private IP Addressing (APIPA) කියලා.
Subnetting
ප්‍රදාන පරිගනක ජාලය බාවිතයේ පහසුව පිනිස කොටස් වලට කඩා ගැනීම Subnetting කියලා සරලව හදුන්වන්න පුලුවන්. පහල රූපයෙ පරිදි අපිට Subnetting සම්බන්දයෙන් දල අවබෝදයක් ගන්න පුලුවන්.
fix size | Network mask | Available subnets | Usable hosts per subnet | Total usable hosts |
---|---|---|---|---|
/24 | 255.255.255.0 | 1 | 254 | 254 |
/25 | 255.255.255.128 | 2 | 126 | 252 |
/26 | 255.255.255.192 | 4 | 62 | 248 |
/27 | 255.255.255.224 | 8 | 30 | 240 |
/28 | 255.255.255.240 | 16 | 14 | 224 |
/29 | 255.255.255.248 | 32 | 6 | 192 |
/30 | 255.255.255.252 | 64 | 2 | 128 |
/31 | 255.255.255.254 | 128 | 2 * | 256 |
එක Subnet එකක වැඩි පරිගනක ගනනක් බාවිතා කරන්න ඕනේ නම් අපිට 255.255.255.0 ආකරයෙන් මාක්ස් එක බාවිත කරන්න පුලුවන්. මේවා නිර්මානය කරන ආකරය පිලිබදව වෙනම පෝස්ට් එකක් පස්සෙ ලියන්නම්. ඉතින් මේ ආකාරයෙන් Subnet එක හදා ගන්න ලේසි විදියට නිර්මානය කරපු subnet calculator අපිට ඕනේ තරම් හොයගන්න පුලුවන්. පහල වෙබ් අඩවියෙනුත් ඒ සේවාව ඔන්ලියින් සපනයවා.
ඉතින් පරිගනකයේ IP Address හදාගන්නා ආකාරය පහල ලින්කුවෙන් බලන්න
ඒවා හරියට වැඩකරනවද කියන එක පහල ලින්කුවෙන් බලන්න
0 comments:
Post a Comment