
පේස්බුක් හැක් කරන එක කාගෙත් සිහිනයක් උන්මාදයක් විදියට මේ කාලේ පැතිරිලා යන දෙයක්. ඉතින් ඇත්තටම මොකද්ද මේ හැක් කිරීමෙන් බලපොරොත්තු වෙන්නෙ? කාගෙ හරි මුරපදයක් හොයගෙන එයගෙ ගිනුමෙන් ලොග් වෙලා වෝල් එකේ මොනව හරි විකාරයක් කරන්න? නැත්නම් එයගේ ඊ මේල් ගිනුම බාවිත කරලා වැරදි වැඩක්කරන්න?
හරි, ඔයාලා දන්නවා හැකර්ස්ලා ආකාර දෙකක් ඉන්නවා කියලා. කට්ටියක් බ්ලැක් හැට් හැකර්ස් අනිත් අය වයිට් හැට් හැකර්ස්. ඉතින් ඔයාලා ඉගෙන ගැනීමට හැක් කරනවා නම් වයිට් හැට් හැකර්ස් ලා වෙන්න බලන්න. මේ මං වගෙ.. හරි, අපි මාතෘකාවට යමු. මං කිවුවේ පේස්බුක් හැක් කරන එක කාගෙත් සිහිනයක් වගේම උන්මාදයක් කියලා. ඉතින් එක එක් ජාතියේ මෘදුකාංග අන්තර්ජාලය තුලින් හොයගන්න ගන්න පුලුවන් මේ දේ කරගන්න. ඉතින් අපිට තියන ගැටලුව මේ හැම මෘදුකාංගයකින්ම අපිට පේස්බුක් හැක් කරන්න පුලුවන්ද කියන එක. ඒ වගේම පේස්බුක් හැක් කරන්න පුලුවන්ද කියන එක
හොද හැකර් කෙනෙකුට පේස්බුක් හැක් කරන්න පුලුවන්. ඒ වගේම පේස්බුක් හැක් කරන්න පුලුවන් හොද මෘදුකාංගත් තියනවා. ඒ අතරේ පේස්බුක් හැක් කරන්න පුලුවන් කියලා කියන Fake මෘදුකාංගත් ඕනේ තරම් හොයාගන්න් පුලුවන්. මං ගූගල් වල Facebook Hacking Software කියලා සෙවුමක් කලා. මෘදුකාංග දහස් ගනනක් එතන පෙන්නනවා. ඉතින් ඔයාලගෙ දැනගැනීමට මං එයින් කීපයක් පහල රූප වලින් පෙන්නන්නම්.
ඉතින් මේ වගෙ තව ඕනේ තරම් Fake මෘදුකාංග හොයගන්න පුලුවන්. මොකද්ද මේවගෙ තියන හැංගුන ක්‍රියාකාරීත්වය? කවුද මේවා හදන්නෙ?
ම මුලින්ම කිවුවා හැකර්ස්ලා ආකාර දෙකක් ඉන්නවා කියලා. මේවා හදන්න උත්සහා කරන්නේ බ්ලැක් හැට් හැකර්ස් ලා. එයාලගේ අරමුන විවිද Trojans ,Back Doors , Viruses , Worms , Keyloggers , RATs (Remote Administration Tools) වගේ දේවල් ඔයාලගේ පරිගනක තුලට රිංගවන්න. ඉතින් පේස්බුක් හැක් කිරීමෙ උන්මාදයෙන් ඉන්න ඔයාලව මේ බ්ලැක් හැට් හැකර්ස් ලා හරි ඉක්මනින් ග්‍රහනයට ගන්නවා මං රූපවල දාපු Fake මෘදුකාංග පෙන්නලා.
කොහොමද මේක කරන්නෙ?
ඔයාලා දන්නවා පින්තූරයක් තුල ඕනේම .exe ගොනුවක් හංගන ආකාරය. නොදන්න අය මෙතනින් ගිහින් ඒ ලිපිය කියවල ඉන්න.
ඉතින් මේ ආකාරයට එයාල මුලින්ම Trojans ,Back Doors , Viruses , Worms , Keyloggers කියන මේ මොන ආකාරයේ හෝ විනශකාරී .exe ගොනුවක් නිර්මානය කරගන්නවා. ඊලගට ඉහල රූප වල වගේ හරිම සිත් ඇදගන්නා විදියට රූපයක් සාදා ගන්නවා. ඊලගට රූපයක් ඇතුලේ .exe ගොනුවක් හංගන ආකාරයට තමන්ගේ විනශකාරී .exe ගොනුව හංගනවා. ඉතින් අවසානයේ ඔයාලා පේස්බුක් හැක් කරන මෘදුකාංගයක් කියලා බාවිත කරන්නේ මොකක්ද? කවුරුහරි බ්ලැක් හැට් හැකර්ස් කෙනෙක් නිර්මානය කරපු Trojans ,Back Doors , Viruses , Worms , Keyloggers , RATs (Remote Administration Tools) වගේ විනාශකාරී ගොනුවක් අඩංගු මෘදුකාංගයක්.
ඉතින් දැන් ඔයාලට පැහැදිලියි නේද අනුන්ව හැක් කරන්න මෘදුකාංග හොයන්න ගිහින් ඔයාලම හැක් වෙල කියලා.. මං කියන්නේ නෑ අන්තර්ජාලයේ තියන හැම හැකින් මෘදුකාංගයක්ම මේ වගේ Fake මෘදුකාංගයි කියලා. බොහොමයක් ඒවා මේ වගේ තමයි. ඉතින් හැකින් වලට බාවිතා වෙන මෘදුකාංග බාවිතා කරද්දි බොහොම පරිස්සමින් බාවිත කරන්න.

Eranda Dayawansa
1 comments:
නම් වයිට් හැට් හැකර්ස් ලා වෙන්න බලන්න. මේ මං වගෙ..
Post a Comment