සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 10 August 2012

Lock your PC Temporarily - අනවසර ඇතුල් වීමකදී පරිගනකය ලොක් වෙන්න හදමු..

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනක බාවිතා කරන් අයට තියන ලොකුම ගැටලුවක් තමයි තමන්ගේ පරිගනකය අනිත් අයගෙන් පරිස්සන් කරගන්නෙ කොහොමද කියල.. දත්ත හොරු හැමතැනම. සමහර අය දන්න දන්න මුරපද ගහල බලනව ලොග් වෙනවද කියල.. ඉතින් මෙහෙම සෙල්ලන් දාන්න අවොත් ඉබේම පරිගනකය විනාඩි 30කට ලොක් එන්න් හදන විදියක් ගැනයි මේ කියන්න් යන්නෙ..

හරි, අපි මුලින්ම් මේක පටන් ගන්නෙ Local security Policy වලින්. ඔයාල දන්නව නේද මොකද්ද මේ Local security Policy කියන්නේ කියල? පස්සෙ ලිපියකින් මේ ගැන විස්තර කියන්නම්. මේකට යන්නෙ Start > Run එකේ secpol.msc කියල ගහලයි. වින්ඩෝස් 7 වලදි නම් පහල රූපයේ ආකරයට පෙන්නනවා. එතනින් අපිට  Local security Policy  වලට යන්න පුලුවන්.


ඊලගට අපිට හම්බෙනව ගොඩාක් විදානයන් තියන මෙනු එකක්. බයවෙන්න එප. මේක පාවිච්චි කරන එක හරිම් පහසුයි. මුලින්ම security settings වලට යන්න. පහල රූපයේ ආකරයට ඊලගට Account Lockout Policy වලට යන්න. 


අනික් පැත්තෙන් ඔයාලට පේනවා ඇති Account Lockout Duration කියලා එකක් ඒක උඩ ඩබල් ක්ලික් කරන්න. එතකොට පහත රූපයේ ආකාරයට පෙනෙයි. 
මෙතනදි අහනවා කීවරක් පරිගනකයට ලොග් වෙන්නට උත්සාහා කරන්න දෙන්නද කියලා. ඉතින් අවස්තා 2ක් පමන දුන්නාම ඇති. ඊලගට ඕකේ කරන්න. ඔන්න අපේ මූලික සැකසුම් හරි, ඉතින් දැන් අනවසර ඇතුල් වීමකදී විනාඩි 30කට පරිගනකය ලොක් එනව. ඉතින් ඒ කාලය වැඩි වගෙ නම් Account Lockout Duration  එකට පහලින් තියන Reset Account Lockout counter after කියන එක වෙනස් කරල අපිට ඕනේ කාලය ලබා දෙන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්..! 

Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive