සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 16 August 2012

Modify the Windows System Properties logo (7 & XP)

කතෘ අයිතිය සුරකින්න..!
වින්ඩොස් වල ඇති System Properties වලට කැමති ආකරයේ රූපයක් දාගන්නේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ. අපි බලමු සමානයයෙන්  වින්ඩොස් XP වලදි System Properties තියෙනෙ කොහොමද කියලා පහල රූපයෙන් අපිට ඒක බලගන්න පුලුවන්.



හරි, අපි මුලින්ම අපිට දාන්න ඕනේ රූපය .bmp මාදිලියෙන් හදාගන්න ඕනේ. මුලින්ම Paint මෘදුකාංගය ඕපන් කරගන්න. වෙන පොටෝ එඩිට් කරන මෘදුකාංගයක් උනත් ප්‍රස්නයක් නෑ. ඊලගට ඕනේ පොටෝ එක හදාගන්න. 
මම ඉහත ආකරයට helpitlanka නමින් පොඩි ඉමේජ් එකක් හදා ගන්නවා. ඊලගට මම ඒක oemlogo.bmp නමින් ඩෙස්ක්ටොප් එකේ සේවු කරගන්නව.
ඊලගට අපි මේ ගොනුව c:\windows\system32 කියන පෝල්ඩර එක ඇතුලට කොපි කරනවා. අවසානයේ අපි System Properties ගත්තාම අපිට පහල රූපයේ ආකාරයෙන් අපි හදපු ඉමේජ් එකත් ඇතුලත්ව බලගන්න පුලුවන්. 

වින්ඩෝස් 7 වලදි මේක කරන්නේ කොහොමද බලමු. වින්ඩොස් 7 වලදි System Properties 7 පහල රූපයේ ආකාරයටයි. 
ඊලගට අපිට දාන්න ඕනේ රූපය .bmp මාදිලියෙන් හදාගන්න ඕනේ. මුලින්ම Paint මෘදුකාංගය ඕපන් කරගන්න. වෙන පොටෝ එඩිට් කරන මෘදුකාංගයක් උනත් ප්‍රස්නයක් නෑ. ඊලගට ඕනේ පොටෝ එක හදාගන්න. 
ඊලගට අපි මේ ගොනුව c:\windows\system32 කියන පෝල්ඩර එක ඇතුලට කොපි කරනවා. ඉතින් වින්ඩොස් 7 වලදි  තව පොඩි වැඩක් කරන්න ඕනේ. අපිට යන්න වෙනවා වින්ඩෝස් රෙජිස්ට්‍රියට. 
Start > regedit කියලා ගහල එන්ටර් කලාම අපිට පුලුවන් රෙජිස්ට්‍රිය යන්න. ඒක ටිකක් පිස්සු හැදෙන ස්තානයක් පිලිවෙලට පහත මාර්ගයේ යන්න.

HKEY_LOCAL_MACHINE \ SOFTWARE \ Microsoft \ Windows \ CurrentVersion \ OEMInformation

ඊලගට පහල රූපයේ ආකාරයට New -> string value කියන විදානය දෙන්න.
මෙතන New Value #1 කියන එකට Logo කියලා දෙන්න . Logo එක උඩ double-click කලාම ඕපන් වෙන් වින්ඩෝ එකට \ Windows \ system32 \ OEMLogo.bmp කියන කේතය ලබා දෙන්න. පහත රූපය බලන්න
හරි, ඊලගට මේක ඕකේ කරන්න. ඉන්පසු පරිගනකය Restart කරන්න. පහත රූපයේ ආකාරයට අපි බාවිතා කල ඉමේජ් එක එකතු වෙලා තියෙයි


උත්සාහා කරලා බලන්න .. සුබ දවසක්...!


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive