සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 12 August 2012

NTLDR Missing - නැති උන වින්ඩොස් පද්ද්ති ගොනු නැවත ස්තාපනය කරමු..

කතෘ අයිතිය සුරකින්න..!
NTLDR කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය දුවන්න ඕනේ ගොනුවක්. මේක C:\  ඩ්‍රයිව් එකේ පිටින් සැගවිලා (Hide) ආකාරයෙන් පවතින්නේ. ඉතින් නොදැනුවත්කමින් මේ ගොනුව මැකුනොත් නම් පරිගනකයම ක්‍රියා  විරහිත වෙනව.  NTLDR වලට තනිවම  ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ වෙනුවෙන් ntdetect.com හා boot.ini කියන පද්දති ගොනු දෙකත් අවශය වෙනව. මේ ගොනුව මේතරම් වැදගත් වෙන්නෙ BIOS වැඩසටහන කියවා අවසානයේ කියවන පලවෙනි පද්දති ගොනුව නිසායි.

ඉතින් වැරදීමකින් හෝ වයිරස් ආසාදනයකින් මැකුන NTLDR ගොනුව ආයෙමත් පරිගනකයට හෝ දත්ත වලට කිසිම් හානියක් නැතුව නැවත ස්තාපනය කරගන්නා ආකරය පහලින් දක්වලා තියනවා. හරියට පියවර අනුගමනය කරන්න.

1. පලමුව වින්ඩොස් XP CD එක පරිගනකයට දාල පරිගනකය Restart කරන්න. CD එකෙන් පරිගනකය බූට් කරන්න.

2. වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය ස්තාපනය කිරීම දිගටම අරගෙන යන්න. අවසානයේ අහනවා වින්ඩෝස් පරිගනකයට ඉන්ස්ටෝල් කරන්නද කියලා. එතනදි අපිට ඕනේ Recovery  අවස්තාවට යන්න. අංක 2 අවස්තාව අපිට ලබා දෙනව Recovery Console එකට යන්න.
3. R ගහලා Recovery Console එකට යන්න.  Recovery Console කියන්නෙ අපි බාවිතා කරන DOS මෙහෙයුම් පද්දතියමයි.
4. C:\WINDOWS> ආකාරයෙන් අපිට දක්නට ලැබෙනවා. ඉතින් අපිට පහල විදානයන් බාවිතා කරන්න සිදුවෙනව. නිවැරදි ආකාරයෙන් කරන්න .
( h:  කියන්නෙ මාගේ CD/DVD Drive එකේ Drive Letter එක. ඔයාලගෙ හරි Drive Letter එක බාවිතා කරන්න. නිල් පාටින් තියෙන්නෙ ඔයාලා ගහන්න ඕනේ විදානයන්  )
මුලින්ම අපි අපේ CD/DVD එක ඇතුලට යන්න ඕනේ ඒකට් පහල විදානයන් දෙන්න

cd h:
h:\>cd i386 - Enter Key එක ඔබන්න පහල ආකාරයට පෙනෙයි

h:\i386>copy ntldr c: Enter Key එක ඔබන්න පහල ආකාරයට පෙනෙයි
1 file(s) copy

ඊලගට පහල විදානය දෙන්න.

h:\i386>copy ntldr c:\windows  Enter Key එක ඔබන්න පහල ආකාරයට පෙනෙයි
1 file(s) copy

හරි, ඔන්න අපි දැන් ntldr ගොනුව කොපි කලා. ඒ වගේම ntdetect.com ගොනුවත් කොපි කරන්න ඕනේ. ඒකට පහල විදානයන් දෙන්න.


h:\i386>copy ntdetect.com c: Enter Key එක ඔබන්න පහල ආකාරයට පෙනෙයි
1 file(s) copy

මේ ගොනුව දැනට පරිගනකයේ තියනවා කියලා පනිවිඩයක් ආවොත් අවුලක් නෑ "Y" ගහලා Enter Key එක ඔබන්න


ඊලගට පහල විදානය දෙන්න.

h:\i386>copy ntdetect.com c:\windows  Enter Key එක ඔබන්න පහල ආකාරයට පෙනෙයි
1 file(s) copy

හරි, මන් හිතන්නේ පැහදිලි ඇති. ඉතින් මේ තරම් දුර නොයා අපිට් පුලුවන් එකම විදානෙකිනුත් මේක කරගන්න

C:\WINDOWS>copy h:\\i386\\ntldr c:\\
C:\WINDOWS>copy h:\\i386\\ntdetect.com c:\\

ඊලගට් අපිට පුලුවන් සියලුම පද්දති ගොනු ආයෙමත් පරික්ශා කරලා බලන්න
ඒකට පහල විදානය දෙන්න.

C:\WINDOWS>chkdsk /r


පද්දති ගොනු වල අඩුපාඩුවක් තියනව නම් මේ මොහොතේ ඒවා නැවත් පරිගනකයට ස්තාපිත කරගන්නවා ඊලගට පරිගනකය Restart කරන්න. NTLDR Missing කියලා ආයෙමත් එන්නේ නැතුව සාමානයය පරිදි පරිගනකය ක්‍රියාත්මක වෙයි.
Share:

1 comments:

Anonymous said...

Hard eka pichchunamath meka kiyanwada? Na neda? Mehema wela mata shop ekakin kiuwa hard eka pichchila kiyala

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive