සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 21 August 2012

BSOD - Blue Screen Of Death

කතෘ අයිතිය සුරකින්න..!
නිල් තිර දෝශ පනිවිඩ පරිගනක බාවිතා කරන හැමදෙනාම වගේ එක් වරක්වත් මූනදුන්න ප්‍රශ්නයක්. ඔයාලා දන්නවා මේ දෝශ පනිවඩය ආපුවාම පරිගනකයේ මොනවත්ම කරන්න බෑ කියලා. අපි බලමු Blue Screen Of Death පනිවිඩ නැත්නම් STOP error සහ එක එන්න බලපාන ප්‍රදන හේතු මොනවද කියලා.





1. Stop 0x0000000A or IRQL_NOT_LESS_OR_EQUAL


මේ පනිවඩය එන්න ප්‍රදාන හේතුවක් තමයි kernel-mode process හරි driver ගොනුවක් අවසර නොමැති පෝල්ඩර්ස් වැනි දේ බාවිතා කිරීමට සූදානම් වීම නිසායි. එහෙම නැත්නම් kernel interrupt request level (IRQL) කියන අගය ඉතාමත් ඉහල අගයක් උනාමත් මේ දෝශ පනිවිඩය එනවා. kernel-mode process එකක් පරිගනකයේ දුවද්දි ඒකට බාවිතා කරන්න පුලුවන් IRQL ලෙවල් එක, අඩු හෝ සමාන වෙන්න ඕනේ පරිගනකයේ දෘඩාංග මගින් සපයන IRQL ලෙවල් එකට

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• මෙතනදි මන් කලින් කිවුව දේ පැහැදිලි උනා නම් ඔයාලට තේරෙන්න ඇති IRQL ලෙවල් එක, අඩු හෝ සමාන නොවන දෘඩාංග මගින් මේ දේශය හටගන්නවා කියලා. ඉතින් හොදම දේ ලගදින ස්තාපිත කරපු දෘඩාංගයක් හෝ මෘදුකාංගයක් ඩයිවර්ස් එකක් disable කිරීම, remove කිරීම, roll back කිරීම වෙනි දෙයක් කිරීම. සමහර වෙලාවට මෘදුකාංග update කරන්න ගියාමත් මේ දේම සිදු වෙනවා

• මේ දේශ පනිවිඩය ආවේ Windows XPl වලදි නම් හේතුව වෙන්නෙ නොගැලපෙන ඩර්යිවස් . තෙවන පාර්ශවීය ඩර්යිවස් නිසා මේ දේ බොහෝදුරට වෙනව. ඉතින් ඩර්යිවස් ස්තාපිත කරනවා නම් හොදම දේ අදාල දෘඩාංගය නිශ්පාදනය කල සමාගමේ නිල වෙබ් අඩවියෙන් අදාල ඩර්යිවස් බාගත කරගැනීමයි


2. Stop 0x0000001E or KMODE_EXCEPTION_NOT_HANDLED


මේ පනිවඩය එන්න ප්‍රදාන හේතුවක් තමයි පරිගනකය විසින් බාවිතා කල නොහැකි illegal හෝ අදුනාගත නොහැකි ක්‍රියාවලියක් (processor) ආරම්බ කිරීම .

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• අක්‍රීය ඩර්යිවස් ස්තාපිත උනාමයි බාවිතා කල නොහැකි illegal හෝ අදුනාගත නොහැකි ක්‍රියාවලියක් (processor) ආරම්බ කිරීම සිදු වෙන්නෙ. සමහර විට එක හාඩ්වෙයාර් කොටසකට අදාල IRQ සැකසුම් අලුතින් ස්තාපිත කරපු හාඩ්වෙයාර් කොටසකට අදාල IRQ සැකසුම් සමග සමාන උනාම IRQ conflicts එකක් ඇති වෙනවා. ඒ වගේ වෙලාවටත් මේ ආකාරයෙන් දේශ පනිවිඩයක් දෙනවා. ඉතින් අපිට පුලුවන් අලුතින් ස්තාපිත කරපු ඩර්යිවස් roll back කරන්න

• සමහර අවස්තාවලදී Win32k.sys කියන පද්දති ගොනුව සහ තෙවන පර්ශවීය මෘදුකාංග සමග conflicts වීම නිසා මේ දේශ පනිවිඩය දෙනවා. ඉතින් අපිට පුලුවන් Win32k.sys කියන පද්දති ගොනුව බාවිතා කරන Remote Control පහසුකම පරිගනකයට safe mode ආකාරයෙන් ලොග් වෙලා නවත්තන්න.

• පද්දතිය බාවිතා කරන system firmware වල ඇතිවෙන අසමානතා වලදිත් මේ දේ වෙනවා බොහෝවිට

• අනික් හේතුව තමයි සමහර මෘදුකාංග මගින් පරිගනකයේ තාවකාලික මතකය ඕනේවටත් වඩා බාවිතා කිරීම. ඉතින් පරිගනකයෙන් එවැනි මෘදුකාංග ඉවත් කරන්න ඕනේ වගේම .tmp විදියට තියන සියලුම ගොනු මකා දැමීමක් කරන්නත් ඕනේ.

3. Stop 0x00000024 or NTFS_FILE_SYSTEM


මේ දේශය එන්න මූලික හේතුව Ntfs.sys කියන පද්දති ගොනුව අක්‍රීය වීම. මේ ගොනුව මගින් කරන්නෙ ආකරයෙන් පවතින හාර්ඩ් ඩිස්කය තුලට ලිවීම හා කියවීම කියන පහසුකම් දෙක ලබා දීම. ඉතින් Ntfs.sys කියන පද්දති ගොනුව අක්‍රීය උනාම ලිවීම හා කියවීම නතර වී ඉහල දේශ පනිවිඩය එනවා.

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?
• නිවැරදි ලෙස වින්‍යාශ ගත නොකල (Malfunctioning) SCSI සහ Advanced Technology Attachment (ATA) හාඩ් ඩිස්කයන් හ ඒවාට බාවිතා වන drivers නිසි ආකාරයෙන් සකස් කිරීම.

• හාඩ් ඩිස්කය පරීක්ශා කිරීමට බාවිතා කල හැකි යම් යම් මෘදුකාංගයන් බාවිතා කර නිතරම ඒවා පරීක්ශා කිරීම. උදා: disk defragmenters

ඒ වගේම් පහල ක්‍රම වලිනුත් අපිට ඒ ක්‍රියාව කරගන්න පුලුවන්.

පලමු ආකාරය

1. Run dialog box එකේ cmd කියල ටයිප් කරලා ඩොස් මෙහෙයුම් පද්දතියට යන්න.

2. ඊලගට chkdsk drive: /f කියන විදානය දෙන්න. මෙතන drive කියලා කියන්නෙ ඔයාලගේ පරිගනකයේ පද්දතිය ස්තාපිත කරලා තියන කොටසේ ඩ්‍රයිව් ලෙටර් එක.

දෙවන අකාරය

1. My Computer ඕපන් කරගන්න පද්දතිය ස්තාපිත කරලා තියන ඩ්‍රයිව් තෝරන්න
2. රයිට් ක්ලික් කරලා Properties ගන්න.
3. Tools කියන ටැබ් එකට යන්න
4. ඒකේ තියන Error-checking කියන එක ක්ලික් කරලා Check Now විදානය දෙන්න.
5. එතන තියන Scan for and attempt recovery කියන එකයි Automatically fix file system errors කියන් එකයි තෝරන්නත් අමතක කරන්න එප

4. Stop 0x0000002E or DATA_BUS_ERROR


මේ දෝශ පනිවිඩය එන්නේ ඔයාලගේ පරිගනකයේ තාවකාලික මතකයේ ඇතිවෙන ගැටලු නිසා. ප්‍රදාන වශයෙන් මතකය හුවාරු වෙන motherboard එක Level 2 cache සහ video memory අතර ගැටුම් ඇති උනාම මේ දේශ පනිවිඩය දෙනවා නොගැලපෙන බස් වෙගයන් සහිත තාවකාලික මතක පත් බාවිතා කිරීම බොහෝ විට මේ දෝශයට හේතුවයි.
මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?


• හොදම දේ පරිගනයකේ මවුපුවරුව සමග ගැලපෙන් බස් වෙගයක් සහිත තාවකාලික මතක පත් බාවිතා කිරීම නොගැලපෙන තාවකාලික මතක පත් බාවිතා කරනවා නම් ඒවා ඉවත් කිරීම වඩා හොදයි
• ඒ වගේම හාඩ් ඩිස්කයේ ඇතිවෙන බිදවැටීම් වලටත් මේ දේශ පනිවිඩයම එනවා

5. Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES


මේක පහල තියන හේතු එකක් හෝ කීපයම නිසා වෙන්න පුලුවන්

• පද්දතියේ පවතින Page Table Entries (PTEs) කියන කොටසට දරාගත නොහැකි තරමින් input සහ output විදානයන් ලැබීම

• දුර්වල පද්දති ඩර්යිවස් නිසා මතකය නිසි ආකරයෙන් කලමනාකරනක් නොවීම.

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• පරිගනකයට දරාගත හැකි ආකාරයට Page File ගොනුව පාලනය කිරීම හෝ පරිගනකයටම් පාලනය කර ගැනීමට ඉඩ දීම

අපි බලමු පරිගනකයේ Page Table Entries වල් සැකසුම් හදෙන්නේ කොහොමද කියලා ඒකට අපිට යන්න වෙනව රිජිස්ට්‍රියට මන් හිතන්නේ ඔයාලා රිජිස්ට්‍රියට යන්න් දන්නවා කියලා.


රන් එකේ regedit කියලා ගහන්න. ඊලගට පහල තියන මාර්ගයේ ගමන් කරන්න.

HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Session Manager\Memory Management

එතනදි අපිට් හම්බෙනවා PagedPoolSize සහ SystemPages කියලා කොටස් දෙකක් මේ දෙක වෙනුවෙන් තියන ඇතුලත්කිරීම් මොනවාද් බලන්න PagedPoolSize කියන එක් 0 විදියට නැත්නම් ඒක 0 කරන්න SystemPages එක 0 විදියට නැත්නම් ඒක පහල තියන විදියට සකසන්න


40000 128 MB (or less) මතකයක් නම්
10000 128 MB to 256 MB මතකයක් නම්
ඊට වඩා වැඩි මතකයක් නම් 110000 ලෙස
ඊලගට ඕකේ කරලා පරිගනකය Restart කරන්න.

6. Stop 0x00000050 or PAGE_FAULT_IN_NONPAGED_AREA


මේකට හේතුව පරිගනකය විසින් ඉල්ලන දත්තයන් තාවකාලිම් මතකය තුල අඩංගු නොවීම.

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• ඉතා මෑතකදී ස්තාපිත කරපු හාඩ්වයාර් ඇත්නම් ඉවත් කරන්න.

7. Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR


මේ දේශ පනිවිඩයට හේතුව වන්නේ පරිගනකය විසින් ඉල්ලන දත්තයන් Page File එකෙන් ලබා නොදීම හෝ ඒ තුල අදාල දත්තයන් නොමැති වීමයි

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• මේකට හේතුව හාඩ් ඩිස්ක් එකේ bad sectors ඇතිවීමයි ඉතින් bad sectors ඉවත් කර ගැනීමට කල හැකි ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්න.

8 Stop 0x00000079 or MISMATCHED_HAL


hardware abstraction layer (HAL) සහ පරිගනයකේ kernel එකේ විදානයන් සමාන නොවීම මෙයට හේතුවයි

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?

• පරිගනකය බාවිතා කරන Ntoskrnl.exe සහ් Hal.dll කියන පද්දති ගොනු දෙක යාවත්කාලීන නොවී පැවතීම නිසා මේ දේශ පනිවිඩය ලැබෙනවා. නිවැරදි නොවන පද්දති ස්තාපනයක් අවසානයේදී මේ දේශ පනිවිඩය ලැබී පරිගනකය දිගින් දිගටම Restart වෙන්න් ගන්නවා. ඉතින් හොදම දේ අලුත් පද්දතියක් ස්තාපිත් කරද්දි සාර්තකව ස්තාපනය අවසන් කරන්න අතරමගදී යම් යම් දේශ පනිවිඩ ලැබුන නම් ඒ ස්තාපනය ඉදිරියට කරගෙන යන්න එප.
• මේ දේශය ආපුවාම හොදින් වැඩ කරන පරිගනකයක Hal.dll ගොනුවක් ලබාගෙන ක්‍රියා විරහිත පරිගනයේ රිකවරි කොන්සෝල් එක ඕපන් කරගෙන කොපි කර ගැනීමෙන් විසදා ගන්න පුලුවන්.

9. Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE


Windows XP හෝ වෙනත් මෙහෙයුම් පද්දතියක් වීසින් පරිගනකයේ පද්ද්ති හාඩ් ඩිස්ක කොටස හා boot volume එක පරිගනයක බූට් වෙන අවස්තාවේදී ප්‍රමානය ඉක්මවා බාවිතා කිරීම මෙයට හේතුවයි.

මෙහිදී අපිට මොනවද කරන්න පුලුවන්..?
• පරිගනකය විසින් පරිගනකයේ I/O පද්දතිය නිරීක්ශනය කරන අවස්තාවේදී නිසි ආකාරයෙන් යුතු startup device ඒ කියන්නේ හාඩ් ඩිස්කය හම්බුනේ නැත්නම් මෙහෙම වෙනව. ඉතින් නිවැරදි ලෙස ඒවා පෙලගස්වන්න ඕනේ.

• Boot.ini නම් පද්දති ගොනුවට හානි වීම හේතුවෙනුත් මේ දේ වෙනාව. එම ගොනුවට හානි වෙන්නේ ප්‍රදාන වශයෙන් වයිරස් වලින්. ඉතින් වයිරස් වලින් බේරෙන්න යොදන්න පුලුවන් උපක්‍රම බාවිතා කරන්න වෙන්වා.

• BIOS settings නිසි ආකාරයෙන් පවතිනවද කියන එකත් බලන්න වෙනව.

ඉතින් මේ දේශ පනිවිඩයට මූන දුන්න අයට පුලුවන් පහල දේවල් කරලා පරිගනයක යතා තත්වයට පත් කරගන්න.
  • පරිගනකය Last Known Good Configuration වලින් ඔන් කරන්න 
  • System Restore පහසුකම බාවිතා කර පෙර දිනයකට පරිගනකයේ පද්දතිය ගෙනියන්න 
  • සියලුම පද්දති ඩයිවර්ස් Roll Back කරන්න 
  • පරිගනකයේ free space ප්‍රමානය වැඩිකරගන්න 
  • පරිගනකය viruses වලින් තොර කරගන්න 
  • වඩාත්ම අලුත් Windows service packs සහ අනිකුත් updates ලබාගන්න 
  • සියලුම දෘඩාංග වල drivers අප්ඩේට් කරන්න. 
  • සියලුම hardware settings default ආකාරයෙන් තබන්න 
  • BIOS settings default ආකාරයෙන් තබන්න 
  • BIOS updates කිරීමක් කරන්න 
  • අත්‍යාවශයම දෘඩාංග කොටස් පමනක් බාවිතා කර පරිගනකය ඔන් කරන්න.

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

4 comments:

Anonymous said...

Hello there! I could have sworn I've been to this blog before but after checking
through some of the post I realized it's new to me.
Nonetheless, I'm definitely delighted I found it and I'll be bookmarking and checking back often!

Also visit my web-site ... natural colon cleanse diet

Anonymous said...

වැඩේ කැතයි යකෝ,මේ පොස්ට් එකේ හරි අයිති කාරයා ලක්ජය, එකතුව.org එකේ මේ පොස්ට් එක උබ කොපි කරලා තමන්ගේ වගේ දාගෙන මෙව්වා කැත වැඩ

Anonymous said...

උඩ කමෙන්ට් එක සම්බන්ධවයි.

මා (ලක්ජය) කිසිදු ලෙසකින් ඉහත ලිපිය සම්බන්ධව කිසිදු අයිතියක් නොදරමි. කරුණාකර කතෘ අයිතිය නියම අයිතිකරු හට පවරා දෙන්න.. මෙම ලිපිය 2012 අගෝස්තු ලියූවක් බැවින් මෙය පළමු ලිපිය වන බවත් එමෙන්ම මා විසින් පවත්වාගෙය යනු ලබන කිසිදු බ්ලොග් අඩවියක් නොමැති බවද සැළකිය යුතුය.

Anonymous said...

උඩ ඇති කොමෙන්ටුව ඉදිරිපත් කල මා විසින් සිදුවූ අතපසු වීම පිළිබඳව කණගාටු වෙමි,මෙම ලිපිය සොරකම් කල වෙනත් අයකු වෙත ඉදිරිපත් කිරීමට සුදානම් වූ කොමෙන්ටුව වැරදීමකින් පල වුනේ මුල්ම
පිටපත වූ මෙහිම බව කණගාටුවෙන් දන්වා සිටිමි,ලක්ජය මෙය හා සම්බන්ද වුයේ මෙම ලිපිය වෙනත් අයකු අමු අමු වේ කොපි කිරීමට විරෝදය පලකිරීමට ඉදිරිපත් වීම මත ය,කෙසේ නමුත් මා බලාපොරොත්තු වුනේ මෙම කොපි කිරීමට විරෝදය පලකිරීමට බව දන්වා සිටිමි,මගේ කොමෙන්ටුව නිසා සිදුවූ අපහසුතාවය පිළිබඳව එරන්ද සොහොයුරාගෙන් සහ ලක්ජය සොහොයුරාගෙන් සමාව ඉල්ලා සිටිමි,


Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive