සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Saturday 11 August 2012

PC Myth - පරිගනක මිත්‍යා මත..

කතෘ අයිතිය සුරකින්න..!
මාතෘකාව නම් ටිකක් අප්සෙට්ද මන්ද...  මොනවද මේ පරිගනක මිතයා මත කියන්නෙ?  පරිගනක භාවිතා කරන අය අතරේ තියන අප්සෙට් අදහස්.. 

1. පරිගනකය Shutdown නොකර Switch එකෙන් ඕෆ් කලාම පරිගනකයට හානි වෙනවා.
මේ විදියට පරිගනකය Shutdown කලාම අපි සුරක්ශිත නොකරපු දත්ත අපිට අහිමි වෙන එක පමනයි සිද්ද වෙන්නේ. නැතුව පරිගනකයේ දෘඩාංග වලට හානි සිදුවීමක් වෙන්නෙ නේ.

2. Recycle Bin එකෙන් ෆයිල් මැකුවාම සම්පූර්නයෙන්ම ෆයිල් මැකුනා කියන අදහස. 

Recycle Bin එකෙන් ෆයිල් ඉවත් කලාම ඒ කියන්නෙ  Recycle Bin එක empty  කලාම හැමෝම හිතන්නේ පරිගනකයෙන් ඒ ෆයිල් මැකුනා කියලා. ඒත් ඇත්තටම එහෙම වෙන්නේ නෑ. සිද්ද එන්නේ මකන ෆයිල් එකට අදාලව හාඩ් ඩිස්ක් එකේ Address එක මැකෙන් එක විතරයි. හොද Recovery Software එකකින් අවුරුදු ගානක් පරන මකපු දත්ත උනත් ගන්න පුලුවන්. 

3. කාන්දම් කැබලි ලන්කලාම දත්ත වලට හානි සිදුවෙනව. 
මේක Floppy Disk  වලදි නම් සිද්ද වෙනවා. ඒත් පොඩි කාන්දම් කෑල්ලකින් අද තියන කිසිම හාඩ් ඩිස්ක් එකකට වත් යුස්බී එකකටවත් එහෙම වෙන්නෙ නෑ හැබැයි ගොඩක් විශාල කාන්දමකට නම් එසේ කිරීමේ හැකියාවක් පවතිනවා. 

4 යුස්බී එක සුරක්ශිත විදියට නොගැලෙවුවොත් දත්ත වලට හානි වෙනව. (Safely remove USB drive)
හොදම දේ නම් මේ ආකායෙන් සුරක්ශිත විදියට යුස්බී එක ගලවන එක. හැබැයි දත්ත හුවමාරු නොවන අවස්තාවකදී එහෙම නොකල කියලා කිසිම දත්ත හානි වීමක් වෙන්නෙ නේ. දත්ත හුවමරු වන අවස්තාවකදී ගැලෙවුවොත් හුවමාරු වෙමින් තියන දත්ත වලට හානි වෙන්න පුලුවන්. 

5. වයිරස් මෘදුකාංගයක් ස්තාපිත කල පමනින් ඒකෙන් ආරක්ශාවක් ලැබෙනවා 
 වයිරස් මෘදුකාංගයක්  පරිගනකයට ස්තාපිත කලා කියලා අපිට ආරක්ශාවක් හම්බෙන් නෑ.  වයිරස් මෘදුකාංගය යාවත්කාල කිරීමක් කරන්න ඕනේ ස්තාපනය කල වහාම. ඒ වගේම නිරන්තර යාවත්කාල කිරීම් කරන්නත් ඕනේ. නැත්නම් අලුත් වයිරස හදුනාගැනීමට තියන හැකියාව නැතිවෙනවා. 

6. දිගටම Refresh  කලම පරිගනකය වේගවත් වෙනවා.. 
පරිගනකයේ දාවනය වෙන මොනයම් හෝ මෘදුකාංගයක් පරිගනකයේ මතකයෙන් කොටසක් බාවිතයට ගන්නවා. සමහර විට ඒ මෘදුකාංගය   close කලත් ඒ මෘදුකාංගයට අදාල සේවාව (Service)  තවමත් ක්‍රියාත්මක තත්වයේ පවතින්න පුලුවන්. ඉතින්  Refresh  කරනකොට වෙන්නෙ ඒ වගේ  close  කරපු මෘදුකාංගයන්ට අදාල සේවාවන් අවසන් වෙලා එතෙක් වෙලා රදාවාගෙන සිටි පරිගනක මතකය නිදහස් වීමක්. ඉතින් පරිගනකය තාවකාලිකව වේගවත් වෙලා වගේ හැගීමක් බාවිතා කරන්නාට දෙනෙනවා මිස සැබැහින් පරිගනකය වේගවත් වෙන්න් නෑ. 

7. MAC පරිගනක වලට කවදාවත් වයිරස් අසාදනය වෙන්නෙ නෑ. 
MAC පරිගනක ලෝකයට එන්නත් කලින් තමයි වින්ඩෝස් මෙහෙයුම්  පද්දතිය මිනිසුන් අතර ජනප්‍රිය උනේ. ඉතින් මේ ජනප්‍රිය තාවය නිසා මිනිසුන් මේ මෙහෙයුම් පද්දතිය ආදරයෙන් වැලදගත්තා වගේම එහි ඇති දෝස සහිත තැන් හොයා බලන්න උනා. ඉතින් නරක මිනිසුන්ට ඒ වගේ  දෝස සහිත තැන්  හමු උනාම ඒ අය කලේ ඒ  දෝස සහිත තැන්  හරහා මෙහෙයුම් පද්දතියට රිංගීමට උත්සාහා කිරීම වයිරස් කියන්නේ ඒකේ ප්‍රතිපලයක් ඉතින් MAC මෙහෙයුම් පද්දතිය තුලත් ඇති මේ වගේ දෝස සහිත තැන් ඕනේතරම්. ඉතින් කාලයක් යද්දි MAC වලටත් වයිරස් එනවා නොඅනුමානයි

8. Megapixel ගනන වැඩි කියන්නෙ හොද පොටෝ එකක් කියන අදහස.. 
හොද ගුනාත්මක පොටෝ එකක් වෙන්න කරුනු දෙකක් බලපානවා. lens used සහ sensor size ඉතින් Megapixel  කියන්නේ ගානක් මිසක් ඒකෙන් පොටෝ එකේ කොලිටි එක මනින්න බෑ.. 

මේ අදහස් සියල්ල සංවාදයට විවෘර්තය.. 
Share:

2 comments:

suneth said...

hoda post 1k...

Anonymous said...

plug eken off kalama moko wenne ban?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive