සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 15 August 2012

Setting up a Linksys router for DSL Internet connection

කතෘ අයිතිය සුරකින්න..!
 පරිගනක ජාලකරනයේදී බාවිතාවෙන එක එක කොටස් අතරින් වඩාත්ම වැදගත් කොටසක් තමයි router  එක් කියන්නෙ. මෙකෙන් තමයි අන්තර්ජාල බාවිතය හා මූලික ජාලකරන තලමිතීන් වල සැකසුම් හදන්නේ. ඉතින් අපි බලමු router  එකක සැකසුම් හදන්නේ කොහොමද කියලා . සමානයයෙන් router  එකක  සැකසුම් හදන විදි 2ක් තියනව. 



1.  router එකට අදාල CD එක බාවිතා කරලා 
2.  router එකට වෙබ් බේස් සම්බන්ද වෙලා 

ඉතින් CD එක බාවිතා කරලා  කරගන්න එක පහසුයි. අපි බලමු කොහොමද වෙබ් බේස් සම්බන්ද වෙලා  router එකේ සැකසුම් හදන්නේ කියලා . ඉස්සරලාම අපි router  එකට ලොග් වෙන්න ඕනේ. ඒ සදහා සම්මත නෙට්වර්ක් කේබල් එකක් ඕනේ. පරිගනකයක් ඕනේ. 

මුලින්ම router එකේ  ඊතනෙට් පෝට් එක හා පරිගනකයේ නෙට්වර්ක් පෝට් එක නෙට්වර්ක් කේබල් එක භාවිතයෙන් සම්බන්ද කරගන්න. 

ඊලගට  router  එක ඔන් කරන්න. සමානයයෙන්  router  එකෙ වර්ගය අනුව බූට් ටයිම් එකවෙනස් වෙන්න පුලුවන් ඊලගට අපි router එකට ලොග් වෙන්න බලමු. මුලින්ම පරිගනකයේ Network Connection Settings වලදි IP Setting 192.168.1.2 ආකාරයට හදගන්න. Default Gateway කිසිවක් ඕනේ වෙන්නෙ නෑ 

හරි, පරිගනකයේ මේ සැකසුම් හැදුවට පස්සෙ Internet Explorer  විවෘත කරගන්න. ඊලගට පහත ආකාරයට IP එක ලබා දෙන්න. 

http://192.168.1.1

192.168.1.1 කියන්නේ router එකෙ default IP address එක. ඒක අපිට router  එක එන පෙට්ටියෙන් බලාගන්න පුලුවන්. http://myrouter.local කියලා ගැහුවත් අපිට් මේ වැඩේ කරගන්න පුලුවන්. 
ඊලගට අපිට  එනවා මුරපද හා පරිශීලක නාමය ලබාදෙන්න. මොනවද ඉතින් මේ පරිශීලක නාමය හා මුරපද? 

ඉතින් Router එකක default password එක නම් "admin" . පරිශීලක නාමය ත් "admin" කියලා ලබාදුන්නත් කමක්නෑ නැත්නම් හිස්ව තිබ්බත් කමක්නෑ. අපිට මේ දෙකම් පස්සෙ වෙනස් කරගන්න් පුලුවන්.  හරි මේ දෙක නිවැරදිව දීලා Ok කරන්න. ඊලගට අපිව අපේ router එකෙ Home Page එකට අරන් යනවා. මේ Home Page එක router එකෙන් router  එකට පොඩි වෙන්සකම් වෙන්න් පුලුවන්. හැබැයි අන්තර්ගතයි නම් එකයි 

හරි, අපි බලමු ඊලගට router එකක සැකසුම් හදන්නේ කොහොමද කියලා . router එකකින් අන්තර්ජාල පහසුකම් ලබාගන්න විදි 2ක් තියනවා. 

i. For PPPoE connection setting
ii. For Automatic Configuration – DHCP setting

මේ දෙක ගැන ලොකු හැදින්වීමක් නම් මං දැන් කරන්නෙ නෑ පසුව ඒ ගැන ලියන්නම් හරි, අපි බලමු මුලින්ම PPPoE connection එකක් හදන විදිය.Setup tab එකේ Internet Connection Type වලදි PPPoE කියන් එක තෝරන්න

මේ තේරීම කලාම අපෙන් අහනවා මුරපද හා පරිශීලක නාමය ඉදිරිපත් කරන්න කියලා.  ඉතින් ඔයාලා කැමති මුරපද ක් හා පරිශීලක නාමය ක් ලබාදෙන්න පුලුවන්. ඉදිරි සැකසුම් වලදි මේවා ඕනේ කරන හින්දා හොදට  මතක තියගන්න
ඉන් පසු Save Settings වලින් සුරක්ශත කරන්න ඊලගට Status tab එකට යන්න.
Disconnected කියන එක ලග තියන Connect කියන එක් ක්ලික් කරන්න.
ඉතින් Internet IP address එකක් ඔයාට් නැත්නම් මේ සැකසුම් හදලා router එක Restart කරන්න. එතකොට අදාල Internet IP address ලැබිලා තියෙයි. ඒ සකසුම් අපිට හදාගන්න පුලුවන්  For Automatic Configuration – DHCP setting කියන මාර්ගයේ ගියොත්. හරි අපි බලමු එහෙම කරන්නෙ කොහොමද කියල.

Setup tab එකේ Internet Connection Type එක විදියට Automatic Configuration – DHCP කියන එක තෝරන්න.
ඊලගට අපිට් පුලුවන් IP Address වෙනුවට් රූපයේ පරිදි IP Address  එකක් දාගන්න. මේ අංකයන්ම වෙන්න් ඕනේ නෑ. ඉන් පසු Save Settings වලින් සුරක්ශත කරන්න ඔන්න ඉතින් අපේ  router එක  අදාල මූලිකම සකසුම් හැදුවා. ඊලගට අපිට පුලුවන් අන්තර්ජල සම්බන්දතාවයක් ලබගන්න පහල රූපයේ ආකරයෙන් 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

සේරමදේවල් said...

මචං ඔයා මේ කරන දේ ගොඩක් වැදගත්.. හරිම වටිනවා.. ගොඩක් අය තමන් දන්න දේ කියලා දෙන්නේ නැහැ.. ඒත් ඔයාගෙ හොඳකමට කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව ඔයා ඒ දැනුම බෙදලා දෙනවා.. ඉස්සරහටත් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.. බුදු සරණයි..
පුළුවන් නම් අපිට මේවා PDF විදියට බාගන්න සලස්සන්න.. එතකොට අපිට ගෙදරදිත් බලන්න පුළුවන්!
ජය වේවා!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive