සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 19 August 2012

Windows 8 Installation

කතෘ අයිතිය සුරකින්න..!
මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් 8 බව කවුරුත් දන්නා කරුනක්. ඉතින් මේ වෙනකොට සාමාන්‍ය ජානයාගේ බාවිතය පිනිස Windows 8 Release Preview වශයෙන් එහ නොමිලේ ඉදිරිපත් කරලා තියනවා. ඉතින් මෙය ISO ගොනුවක් ආකාරයෙන් මයික්‍රොසොෆ්ට් නිල වෙබ් අඩවියෙන් බාගත කරගන්න පුලුවන්. ඔබට ඒ සදහා පහල ලින්කුව බාවිතා කරන්න පුලුවන්..






මෙතනදි අපෙන් අහනවා අපගේ ඊමේල් ලිපිනය..  ඒ වගේම අපේ රට. මේ විස්තර පුරවපුවාම අපිට පුලුවන් කැමති ISO ගොනුවක්  බාගත කරන්න.


වින්ඩෝස් 64 හා 32 වශයෙන් අපිට බාගත කරගන්න පුලුවන්. ඉතින් අපිට ලැබෙන ISO ගොනුව DVD එකකට ලියාගන්න වෙනව වින්ඩෝස් 8 පරිගනකයට ස්තාපිත කරගන්න නම් පහත දේවල් තියෙන්න ඕනේ.


  • Processor: 1 gigahertz (GHz) or faster
  • RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
  • Hard disk space: 16 GB (32-bit) or 20 GB (64-bit)
  • Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver

හරි, මේ දේවල් සහිත පරිගනකයට  ඊලගට ඒ DVD එක පරිගනකයට දාලා අපිට පුලුවන් Installation එක පටන් ගන්න. DVD එකෙන් බූට් කරන්න..



මෙතනදි අපි බාවිතා කරන Language එක වගේම වෙලාව වගේ දේවල් ඔයාලා කැමති ආකාරයට තෝරන්න පුලුවන්. ඒ තේරීම් කලාට පස්සෙ Next කරන්න..

මෙතනදි අපිට අවස්තා දෙකක් දෙනවා. පලවෙන එක දැනට තියන මෙහෙයුම් පද්දතියේ සැකසුම් වල වෙනසක් නොකර වින්ඩෝස් 8 ස්තාපිත කිරීම, දෙවෙනි එක අලුතින්ම වින්ඩෝස් 8 ස්තාපිත කිරීම ඉතින් මේ අවස්තා දෙකෙන් ඔයාලා කැමති අවස්තාවක් තෝරාගෙන ඉදිරියට යන්න පුලුවන්. මම බාවිත කරන්නේ අලුතින්ම වින්ඩෝස් 8 ස්තාපිත කිරීම කියන දෙවෙනි මාර්ගය. මෙහිදී අපිට පුලුවන් හාර්ඩ් ඩිස්ක් එකේ මොන කොටසටද වින්ඩෝස් 8 ස්තාපනය වෙන්නෙ ඕනේ කියන එක තෝරන්න. අපිට අපගේ දත්ත පරිස්සන් කරගන්නත් හොද අවස්තාවක් මේක.

ඊලගට අදාලා හාර්ඩ් ඩිස්ක් එකේ මොන කොටස තෝරලා Next කරන්න..

මෙතනදි පද්දති ගොනු කොපි වීමක් හා පද්දතිය ස්තාපනය වීමක් සිදු වෙනවා.  ඒකට  සුලු කාලයක් ගතවෙනවා. එය ඔයාලගේ පරිගනකයේ වේගය මත රදාපවතින්නක්.
ඊලගට අපිට ලැබෙනවා පරිගනකයට නමක් දෙන්න. පසුව වෙනස් කරගන්නත් පුලුවන් මේක.
මෙතනදි අපිට පුලුවන් අපේ ඊමේල් ගිනුමක් පරිගනකයට ස්තාපිත කරගන්න. ඒ කියන්නේ පරිගනකයේ දත්ත හා ඊ මේල් ගිනුමේ දත්ත හුවමරු කරගන්න. අපි ඒකට කියන්නෙ Synchronization කියලා.
ඉන්පසු අපිට ලැබෙනවා වින්ඩෝස් 8 වල අතුරු මුහුනත. මේක අනික් මෙහෙයුම් පද්දති වලට වඩ හාත්පසින්ම වෙනස්. ඉතින් අපි බලමු මෙහෙම ස්තාපිත කරගත්තු මෙහෙයුම් පද්දතිය activate කරගන්නේ කොහොමද කියලා. මුලින්ම මවුස් පොයින්ට් එක වම් පසට ගෙන ගියාම ලැබෙන Charms එකේ ඇති Setting වලට යන්න.
එතන තියන් More PC settings වලදි Activate Windows යන්න තෝරන්න.
ඉතින් මේ මාර්ගය සොයාගන්න අපහසු නම් Win Key + R ගහලා cmd වලින් ඩොස් වලට යන්න. එතනදි පහල විදානය දීමෙනුත් අපිට මෙහෙයුම් පද්දතිය activate කරගන්න පුලුවන්.

slmgr /ato

ඉතින් මේ අපිට බාගත කරගන්න දුන්න මෙහෙයුම් පද්දතියේ කාලය awasan අවසන්වන දිනය බලගන්න පහල විදානය ලබා දෙන්න් පුලුවන්

slmgr /dlv 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Geethan said...

activate karaganne kohomada

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive