සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 20 August 2012

Windows 7 Tips

කතෘ අයිතිය සුරකින්න..!
වින්ඩෝස් 7 වල ඔබ නොදන්න ඒත දැනගත යුතුම කොටස් කීපයක් ගැන කියන්නයි යන්නෙ. අපි වින්ඩෝස් XP බාවිතයට හුරුවෙල ඉදලා එක පාරටම වින්ඩෝස් 7 ආවම ඒකේ තියන අලුත් පහසුකම් අදුනා ගන්න ටිකක් කල් යනවා. ඒත් බාවිතයට පහසු ආකාරයෙන් නිර්මානය කල අලුත් පහසුකම් මෙන්ම වැඩි දියුනු කල පැරනි පහසුකමුත් වින්ඩෝස් 7 වල අඩංගු වෙනවා





1. Problem Steps Recorder
මේක වින්ඩෝස් 7 වලින් ඉදිරිපත් කල අලුත් පහසුකමක්. මේක හුගක් වැදගත් එන්නේ Help Desk වල වැඩ කරන අයට. මෙකෙන් සිද්ද වෙන්නෙ කිසියම් අපහසුතාවයක් හෝ උදවු අවශ්‍යය අවස්තාවක් වඩාත් පැහැදිලි කරගන්න එය  Record  එකක් වශයෙන් නැත්නම් අපිට බලන්න් පුලුවන් වීඩියෝ එකක් වශයෙන් ලබාගැනීමට හැකි වීම. මොකද සමහර ගැටලු බාවිතා කරන්නාටත් පැහැදිලි කරන්න අපහසු අවස්තාවකදී එයට නිසි පිලියමක් දෙන්න අපට බැරි වෙනවා 


Start වල Problem Steps Recorder කියලා ටයිප් කරන්න. එතකොට අපිට හම්බෙනවා අදාල ගොනුව. ඒක ක්‍රියාත්මක කරන්න. පහල රූපයේ පරිදි අපිට මේ කුඩා මෘදුකාංගය විවෘර්ත කරගන්න පුලුවන්. 

අපිට Record කරගන්න් ඕනේ දේ Record කරලා එය ඊමේල් එකක් ලෙස Help Desk  එකට එවන්න පුලුවන්. 

2 Burn images
 .iso තත්වයේ පවතියන් ඉමේජ් ගොනු තවත් තෙවන පාර්ශවීය මෘදුකාංගයක් බාවිතා නොකර CD/DVD වලට ලියවීමේ හැකියාව. 

3. Create and mount VHD files
Microsoft Virtual Machine  සදහා බාවිතා වන .vhd ගොනු විවෘත කිරීමේ හැකියාව. මේ සදහා  Start වල    diskmgmt.msc ලෙස සටහන් කර එන්ටර් කී එක් ඔබන්න ඉන්පසු ලැබෙන Disk Management  වල ඇති Action > AttachVHD වලදී මේ ක්‍රියාව කරගන්න පුලුවන්. 

4. Troubleshoot problems
පරිගනකය මුහුන දෙන සියලුම ගැටලු වලට විසදුම් සෙවීම හෝ විසදුම් සොයාගත නොහැකි අවස්තා වලදී ඒ වෙනුවෙන් විකල්ප සැපයීම මෙහි කාර්යයි 

5. Start-up repair
පරිගනකය විදුලිය විසන්දි වීමකදී හෝ යම් පද්දති ගොනුවක හානි වීමකදී නිසි අයුරින් ක්‍රියාත්මක වන්නේ නැත්නම් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය විසින්ම එය නිවැරදි කරගන්න උත්සාහා කිරීම Startup repair ලෙස හදුන්වන්න පුලුවන්.

6.  Take control - AppLocker
පරිගනකයේ බාවිතා වන් යම් යම් ගොනු හා යම් මෘදුකාංග වල පාලනය තමන් අතතට ගැනීමට බාවිතා කරන්න් පුලුවන් අලුත් ක්‍රමයක් වින්ඩෝස් 7 හදුන්වලා දෙනවා. එයා බාවිතා කරන්න් අපිට GPEDIT.MSC (Start> Run > gpedit.msc) එකට යන්න වෙනව.  GPEDIT වලදි පහත මාර්ගයෙන් අපිට මේ වැඩේ කරගන්න පුලුවන් 

Computer Configuration > Windows Settings > Security Settings > Application Control Policies > AppLocker

7. Calculate more
වින්ඩෝස් 7 වලදී අපිට ලැබෙන කැල්කියුලේටරය විද්‍යාත්මක ගනනය කිරීම් සදහා උවත් බාවිතා කරන්න පුලුවන් 


8. Activate XP mode
වින්ඩෝස් 7 වලදී අපිට XP වල වැඩ කරනවා වගේ වැඩකරන්න නම් අපි XP mode නම් අලුත් ක්‍රමය බාවිතා කරන්න ඕනේ. ඉතින් මේක ගැන වැඩි විස්තර පසුවට. ගොඩක් වටින්නෙ 7 වල දුවන්න බැරි XP වල විතරක් දුවන් මෘදුකාංග XP mode එක් බාවිතා කරලා දුවවා ගන්න පුලුවන් වීම.

9. Enable virtual Wi-Fi
Virtual Router Manager කියන මෘදුකාංගය බාවිතා කරලා අපිට පුලුවන්  Wi-Fi  පහසුකම් සහිත වින්ඩෝස් 7 පරිගනකයක් wireless hotspot බවට පත් කරන්න.  වැඩි විස්තර පසුවට.

10. Explore God Mode
අලුත්ම් පහසුකමක්. බාවිතා කරලම බලන්න. මුලින්ම් අලුත් පෝල්ඩර් එකක් හදන්න. ඒක පහල කේතය බාවිතා කරලා රීනේම් කරන්න 

God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}

ඊලගට අපිට ලැබෙනව කොන්ට්‍රෝල් පැනල් අයිකොන් එකක්. එක ඕපන් කරන්න 

ඉතින් මේවට අමතරව ReadyBoost, BitLocker , Resource monitor වගේ ගොඩක්  හැංගුන   පහසුකම් වින්ඩෝස් 7 එක්ක තියනවා.
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Unknown said...

ayya virtual vifi eka gana ikamanata visthara kiyanawada

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive