සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 August 2012

Create 3D from 2D Videos -3D වීඩියෝ හදමු..

කතෘ අයිතිය සුරකින්න..!
ඔක්කොම කැමතියි නේද 3D ෆිල්ම් එකක් බලන්න..? 3D ටීවී එකක් ගන්න? ඒත්  වියදන් අඩික හින්දා අපිට 3D ටීවී එකක් ගන්න එක නම් ටිකක් අමාරුයි නේද? ඉතින් අපි උත්සාහා කරලා බලමු 3D ෆිල්ම් එකක් LCD එකකින් බලන්න. ඔයාලා දන්නවා  LCD එකකින්  අපිට බලන්න පුලුවන් සාමානයය ෆිල්ම් එකක් විතරයි කියලා. ඒත් අපිට ෆිල්ම් එකේ පොඩි වෙන්සක් කරලා ඒක  3D  බවට පත් කරලා 3D කන්නාඩියක් ගත්තා නම් මේ වැඩේ හරි යනවා නේද?  3D කන්නාඩියක් ගත්තා කියමුකො.. එත් කොහොමද 2D ෆිල්ම් එකක්  3D කරන්නේ? ගොඩක් අය කියනාව මෙහෙම කරන්න බෑ කියල. තාක්ශනික ගැටලුවක් තියනවා කියලත් කියනවා. ඒත් අපි උත්සාහා කරලා බලමු  2D ෆිල්ම් එකක්  3D කරන්න. 

හරි, අපිට මේකට පොඩි මෘදුකාංගයක් පාවිච්චි කරන්න වෙනවා. පහල් ලින්කුවෙන බා ගන්න් පුලුවන් ඒක. ඒකේ නම Wondershare Video Converter Ultimate


ඉතින් මේක බාගෙන ඔයාලගේ පරිගනකයට ස්තාපනය කරගන්න. ඊලගට මෘදුකාංගය ඕපන් කරගන්න 


ඊලගට අපිට 3D  කරන්න ඕනේ ෆිල්ම් එක මේ මෘදුකාංගයට ලබාදෙන්න. ඒකට ෆයිල් වල ඕපන් විදානය පවිච්චි කරන්න පුලුවන් 

අපිට සිද්ද වෙනාවා 3D ආකාරයෙන් output එක් ගන්න.  ඒ සදහා  3D ග්ලාස් ආකරයෙන් තියන ෆයිල් පෝමැට් එක තෝරන්න වෙනවා. පහත රූපය බලන්න. 


ඊලගට start ක්ලික් කරන්න. 2D ෆයිල් එක 3D වෙන්න පටන් ගනී. ඔයාලගේ පරිගනකයේ වෙගය අනුව ඒ වෙනුවෙන් යන කාලය නම් අඩු වැඩිවෙන්න පුලුවන්. ඉතින් අවසානයේ අපිට ලැබෙනවා  3D ෆ්ලිම් ෆයිල් එකක්. ඉතින් මේක බලන්න පුලුවන් ඕනේම ප්ලේයර් එකකින්. හැබැයි 3D පේන්ඩ නම් කන්නාඩිය දාන්න වෙනවා..! 
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive