සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 9 August 2012

How to Set up a FTP Server - PC එක Server එකක් කරමු..

කතෘ අයිතිය සුරකින්න..!
ඔයාලා දන්නවා පුද්ගල් පරිගනකයක් හා සර්වර් පරිගනකයත් අතර වෙනස. පරිගනකයට අදාල දෘඩාංග වලින් පරිගනකයේ මෙහෙයුම් පද්දතියෙන් පවා මේ දෙක වෙනස් වෙනවා ඉතින් සර්වර් එකකින් කරගන්න් වැඩ පුද්ගල පරිගනකයකින් කරගන්න බැරිද? පිලිතුර නම් බෑ කියන එක තමයි. මොකද එක එක් වැඩ වලට විශේශීකරනයි උන ස්ර්වර්ස් තියන නිසා. ඒත් මේ බෑ කියන පිලිතුරේම ඉන්නේ නැතුව අපි උත්සාහා කරමු ස්ර්වර්ස් වලින් එක වැඩක් හරි  පුද්ගල පරිගනකයකින් කරගන්න පුලුවන්ද කියලා. 

ඉතින් ස්ර්වර්ස්  බාවිතා කරන්නෙ මොකටද කියලා පොඩ්ඩක් බලමු. 

1. ඊමේල් හුවමරුවට  - SMTP 
2. ෆයිල් හුවමරුවට - FTP
3. අන්තර්ජාල පහසුකම් සදහා-  HTTP

ඉතින් මේ වගේ ගොඩක් තියනවා ඉතින් මන් කියන්න යන්නෙ කොහොමද වින්ඩෝස් XP භාවිතා කරල කොහොමද ෆයිල් හුවමරුව සදහා සර්වර් එකක් හදාගන්නේ කියලා. 

හරි, ඒකට අපිට ඕනේ වෙනව වින්ඩෝස් XP දුවන හොද පරිගනකයක්.  ඒ වගේම වින්ඩෝස් XP සීඩී එකක්, අපි වැඩේ පටන් ගමු. 

මුලින්ම වින්ඩෝස් XP සීඩී එක පරිගනකයට ඇතුල් කරන්න. ඊලගට Control Panel එකට යන්න. ඒකෙදි අපිට හම්බෙනවා Windows Components කියන එක. ඒක ඇතුලෙ තියනව Internet Information Services කියලා එකක්.
ඊලගට Details කියන් එක ක්ලික් කරන්න. පහල රූපයේ විදියට ඕපන් වෙන බොක්ස් එකෙන් File Transfer Protocol (FTP) Service කියන එක් තෝරල ඕකේ කරන්න. ඊලගට තියාන් බොක්ස් එක නෙස්ට් කරන්න 
ඊට පස්සෙ වින්ඩෝස් XP සීඩී එකෙන් කොපි කරගන්න ඕනේ ෆයිල් ටික කොපි වෙලා ඉවර වෙනව  එහෙම කොපි වෙලා ඉවර උනාම  අපිට C:\INETPUB\FTPROOT කියන අලුත් පෝල්ඩර් එක ලැබිලා තියෙයි ඉතින් මේ පෝල්ඩර් එකට කොපි කරන ඕනේම දෙයක් වෙන් පරිගනකයක ඉදගෙන කිසිම අවුලත් නැතුව ගන්න පුලුවන්. මේකෙ තියන අනිත් වසිය තමයි එක එක්කෙනාට ආදාලව මුරපද දාල සුරක්ශිත කිරීමේ හැකියවත් තියනවා.


ඉතින් අපි ඔන්න FTP සර්විස් එක ස්තාපනය කරගත්තා. ඊලගට අපි බලමු කොහොමද වෙන පරිගනකයකින් මේ හදාගත්තා සර්වර් එකට ලොග්වෙන්නෙ කියලා. 

මුලින්ම අපේ පරිගනක වල වින්ඩෝස් ෆයර්වෝල් එක ඔන් එකේ නම් තියෙන්නේ FTP සර්විස් එක අදාල පෝට් එක අරින්නත් අමතක කරන්න එප. ඉන්ටර්නෙට් එක්ස්පෝරා ඕපන් කරලා ඔයාලා සර්වර් එක හදපු පරිගනකයේ IP ලිපිනය පහත ආකරයට ලබා දෙන්න. 

ftp://10.1.1.20 

මෙතන 10.1.1.20 කියන්නෙ මන් උදාහරනයක් විදියට දාපු  IP ලිපිනය. උත්සාහා කරලා බලන්න. සුබ දවසක්. 
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive