සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 14 August 2012

Hack Admin Password Using Guest Account

කතෘ අයිතිය සුරකින්න..!
Administrator ගිනුම යනු පරිගනකයේ සියලුම ක්‍රියා පාලනය කල හැකි ගිනුමයි. ඉන් අනතුරුව Power User, User, Guest යන ගිනුම් පවතී.  Guest ගිනුමක් පවතින පරිගනකයක ඇති සියලුම පහසුකම් ලබ ගැනීමට Administrator ගිනුම හැක් කරන ආකාරය බලමු.

පලමුව ලොගින් ස්ක්‍රීන් එකෙදී Shift Key 5 වතාවක් එක දිගට ඔබන්න. එතනදී පහත රූපයේ පරිදි අපෙන් අහනව Sticky Keys වලට අවසර දෙන්නද කියලා yes කරන්න.
ඉන්පසු අපිට Guest Account එකෙන් පරිගනකයට ලොග් වෙන්න සිද්දවෙනවා. ඊලගට C:\windows\system32 යන්න. එතන තියනව cmd.exe එක. ඒක කොපි කරගන්න. ඊලගට ඩෙස්ටොප් එකට ඒක පේස්ට් කරගෙන sethc.exe නමින් Rename කරන්න. හරි, ඊලගට මේ   sethc.exe  එක අපි කොපි කරමු  C:\windows\system32  වලට. ඉතින් වින්ඩෝස් XP වලදි නම් ගොඩක් දුරට මේ ගොනුව අවුලක් නැතුව කොපි කරන්න දෙනව නමුත් වින්ඩෝස් 7 වලදි නම් එහෙම දෙන්නේ නැති වෙයි. Access Denied කියයි.
ඉතින් කොහොමද මේක හදා ගන්නේ? අපිට පුලුවන් පහල පියවර අනුගමනය කරන්න. 
පලමුව C:\windows\system32 වල ඇති sethc.exe වල Properties  ගන්න. පහල ආකරයට Security වල Advanced වලට යන්න 
එතනදි අපිට පහල් රූපයේ පරිදි Edit වලට යන්න වෙනව 
Advanced Security Settings වලදි Administrator Group එක එකතු කරන්න. 
හරි ඊලගට අපිට පුලුවන් sethc.exe වල Properties  ගන්න. Administrator Group  එකට Full Control දෙන්න. 
හරි, දැන් අපිට පුලුවන් කලින්ම Rename කරපු sethc.exe එක C:\windows\system32 වලට කොපි කරන්න. පහල විදියට Replace කරන්නද අහයි yes කරන්න. 
ඉතින් අපි කරපු දේ පැහැදිලි ඇති ඔයාලට. Shift Key 5 වතාවක් එක දිගට ගහපුවම ඕපන් වෙන sethc.exe වෙනුවට Rename කරපු ඩොස් ගොනුවක් දැමීම තමයි ඒ කලේ. ඉතින්  දැන් ලොගින් ස්ක්‍රීන් එකෙදී Shift Key 5 වතාවක් එක දිගට ගහපුවම ඩොස් ඕපන් වෙනවා පහල ආකරයට. වින්ඩෝස් 7 වලත් xp වලත් මේ ආකාරයටම සිදුවෙනවා. 
ඉතින් ඩොස් තියනව නම් අපිට පුලුවන් ඕනේ දෙයක් කරන්න. අපි බලමු ඊලගට කොහොමද ඩොස් වලින්     Administrator මුරපදය කඩන්නේ කියලා. පහල විදානය ඩොස් වලට දෙන්න.

NET USER ADMINISTRATOR aaa

aaa කියන්නේ ඔයාලා කැමති මුරපදයක්..ඉතින් අපිට පුලුවන් දැන් Administrator විදියට ලොග් වෙන්න. ඔයාලා කැමති නැත්නම් Administrator ගිනුමේ මුරපද වෙනස් කරන්න, අපිට පුලුවන් අලුත් ගිනුමක් හදන්න Administrator අසවර සහිතව .පහල විදානය ඩොස් වලට දෙන්න.

NET USER abc /ADD

abc කියන්නේ User Name එකක්. හරි නේද අපේ වැඩේ? උත්සාහා කරලා බලන්න. 
Share:

3 comments:

Amal said...

Dos walin User ain karanne kohomada?

Admin -Help IT Lanka said...

Add wenuwata Delete danna.. :P

Anonymous said...

gust acct aka off karala nam baduma thamai neda?...:P

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive