සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 6 August 2012

Bitdefender - හොදම ප්‍රති වයිරස් ආරක්ශකයා

කතෘ අයිතිය සුරකින්න..!
Bitdefender කියන්නේ දැනට ලෝකයේ තියන හොදම ප්‍රති වයිරස් මෘදුකාංග වලින් එකක්. ඉතින් අපිටත් පුලුවන් මේ මෘදුකාංගයේ ආරක්ශාව ලබ ගන්න. ගොඩක් අය  ප්‍රති වයිරස් මෘදුකාංග වලින් බලාපොරොත්තු වෙන්නෙ වයිරස් වලින් බේරෙන එක. නමුත් ඊටත් එහා ගිය ආරක්ශාවක් මේකෙන් හම්බෙනවා.

1. ජාල පද්දතියකදී පරිගනක පරිගනක අතර ආරක්ශාව (File Sharing) 
2. ජාල පද්දතියෙන් පිටදී පද්දතියට ඇතිවෙන බාහිර බලපෑම් වලින් ආරක්ශාව (Hacking, Fishing)
3. ඊ මේල් සදහා ආරක්ශාව (Attachment Scaner) 
4. Pen Drive වැනි උපකරන වලින් ඇතිවිය හැකි බලපෑම් වලින් ආරක්ශාව 
5. ඉබේම යාවත්කාලීන වීම 
6. පරිගනකයට සම්න්කද කරන සියලුම බාහිර උපකරන පිලිබද විමසා බැලීම (ඔයාලා දන්නවද පරිගනකයට සම්බන්ද කරන හර්ඩ්වෙයාර් හරහත් වයිරස් එනවා කියල?) 
7. නිහඩ ක්‍රියාකාරීත්වය 

ඉතින් මේ වගේ ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුලුවන්. කී එකකුත් එක්කම පහල ලින්කුවෙන් බා ගන්න. 




ඉතින් මේක බාගෙන පරිගනකයට ස්තාපනය කරගන්න. හැබැයි මේක දාගන්න නම් පහල දේවල් ඔයාලගේ පරිගනකයේ තියෙන්න ඕනේ. 

Operating system: XP SP3 (32 bit) , Vista (SP2), Windows 7 (SP1), Windows 8
CPU: 800MHz processor
Memory (RAM): 1 GB
Available free hard disk space: 1.8 GB free space (at least 800 MB on the system drive)
Internet Explorer 7 and higher
.NET Framework 3.5 (automatically installed by Bitdefender if necessary)

හරි, ඊලගට සෙටෆ් එක පටන් ගමු.

සමානයය මෘදුකාංගයක් ස්තාපනය කරන ආකාරයටම මේකත් ස්තාපනය කරන්න පුලුවන්. 

ඉතින් අවසානයේ පරිගනකය Restart කරලා ගත්තාම අපිට ටාස්ක් බාර් එකේ Bitdefender  අයිකොන් එක දකින්න පුලුවන්. ඔබ අන්තර්ජාලයට සම්බන්ද  වෙල ඉන්න හැම වෙලාවෙම  යාවත්කාල කිරීම් ඇත්නම් Bitdefender  ඒවා ඉබේම යාවත්කාල කරගන්නවා
Bitdefender  2013 අලුත්ම මෘදුකාංගයත් ඇවිත් මේ වෙනකොට. කැමති එකක් උත්සාහා කරලා බලන්න.  සුබා දවසක්..!

Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive