සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 27 August 2012

Group Policy

Copyrights Received…!

මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්දතිය බාවිතා කරන සියලු දෙනාම දැනගෙන ඉන්න ඕනේ දෙයක් තමයි මේ ගෘෆ් පොලිසි කියන්නෙ. මොනවද මේකෙන් කරන්න පුලුවන්? පරිගනකයේ සියලුම පාලන කටයුතු වලට සහය දක්වන මෙවලමක් ලෙස බාවිතා කරන්න පුලුවන්. මේක බාවිතා කරලා අපිට පුලුවන් පරිගනකයේ එක එක වෙනස්කම් කරගන්න. ඒ වගේම  User management වලටත් අපිට ගොඩක් වටිනවා. මහා පරිමාන පරිගනක ජාල වලදී මේ පහසුකම බාවිතා කරලා එක එක  User Groups වලට පරිගනකයේ එක එක පහසුකම් බාවිතා කිරීම සදහා අවස්තාව ලබා දීමටත් මේ පහසුකම බාවිතා කරනවා. අපි බලමු  ගෘෆ් පොලිසි  වලට යන්නේ කොහොමද කියලා. 


Start > Run > gpedt.msc

ඉතින් පහල් රූපයෙ පරිදි අපිට ගෘෆ් පොලිසි ඕපන් කරගන්න පුලුවන්. 

හරි, අපිට මේක බාවිත කරන්න් පුලුවන් අවස්තාවන් කීපයක් තියනවා.

  • Local - මෙතනදි අපිට පුලුවන් නිතර බාවිතා වෙන් පරිගනකයක් වෙනුවෙන් මේ ගෘප් පොලිසි එකතු කරන්න.
  • Site - Active Directory පහසුකම් සහිත වෙබ් හෝ වෙනත් සර්වර්ස් පරිගනක ක්‍රියාත්මක වෙන ජාලයකදී අපිට මේ පහසුකම බාවිතා කරන්න පුලුවන්.
  • Domain - Windows domain බාවිතා වෙද්දි User Management වෙනුවෙන් බාවිතා කරන්න පුලුවන්.
  • Organizational Unit - Active Directory organizational unit (OU) එකකට කවර යොදන්නත් පුලුවන්. ඒ කියන්නේ කිසියම් වෙනසක් පරිගනක බාවිතා කරන කොටසකට එකවර Apply කරන්න පුලුවන්
හොදයි අපි බලමු මේ ගෘප් පොලිසි වල මොනවද අඩංගු කියල. 
1. පරිගනකයට අදාල 
  • සොෆ්ට්වෙයාර් වල සැකසුම් 
  • වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට අදාල සැකසුම් 
  • පරිගනකයේ ඇඩ්මිනිස්ටේටර් සැකසුම් 

2 පරිගනකය බාවිතා කරන්නාට අදාල
  • සොෆ්ට්වෙයාර් වල සැකසුම් 
  • වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට අදාල සැකසුම් 
  • පරිගනකයේ ඇඩ්මිනිස්ටේටර් සැකසුම්  

ඊලගට අපි බලමු මේවා බාවිතා කරලා පරිගනකයේ වෙනස්කම් කරන්නේ කොහොමද කියලා  උදාහරන කීපයකින්.

1. Remove Add-Remove Programme Icon
පරිගනකයේ ඇති Add-Remove Programme  අයිකනය ඉවත කරන්න නම් පහල මාර්ගයේ යන්න. 

gpedit > user configuration > Administrative Template > control panel > Add or remove programme > Remove Add-Remove Programme

මෙතනදි අපිට ලැබෙන කොටසේ 

Not Configure කියන්නේ තවමත් මේ වෙනස් කම කර නොමැති බව 

Enabled කලොත්  මේ වෙනස්කම පරිගනකයට එක් වෙනවා 

Disabled කලොත් පරිගනකයෙන් මේ වෙනස්කම ඉවත් වෙනවා

මං හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති මේ වෙනස්කම් කරගන්න ආකාරය.

2. Disable The display control panel
පරිගනකයේ ඇති control panel එක ඉවත් කිරීමට පහල මාර්ගයේ යන්න. 

gpedit > user configuration > Administrative Template > Display > Disable The display control panel 

3. Remove Properties form the computer icon
පරිගනකයේ Properties ඉවත් කිරීමට පහල මාර්ගයේ යන්න. 

gpedit > user configuration > Administrative Template > Desktop > Remove Properties form the computer icon

4. Prohibit TCP/IP Advanced Configuration
TCP/IP වල ඇති Advanced Configuration ඉවත් කිරීමට 

gpedit > user configuration > Administrative Template > Network > Network Connections > Prohibit TCP/IP Advanced Configuration

5. Lock the task bar
Task bar එක ලොක් කරන්න පහල මාර්ගයේ යන්න.

gpedit > user configuration > Administrative Template > Staet Menu and Taskbar > Lock the task bar

6. Remove User name from start menu
Start menu එකෙන් User name එක අයින් කරන්න පහල මාර්ගයේ යන්න

gpedit > user configuration > Administrative Template > Staet Menu and Taskbar > Remove User name from start menu

7. Remove Task Manager
Task Manager පහසුකම ඉවත් කිරීමට පහල මාර්ගයේ යන්න.

gpedit > user configuration > Administrative Template > System > Ctrl+Alt+Del option > Remove Task Manager

8.Turn off auto run
Auto run පහසුකම ඉවත් කිරීමට පහල මාර්ගයේ යන්න.

gpedit > user configuration > Administrative Template > System > Auto Play Policy > Turn off auto run

ඉතින් මේ වගෙ වෙනස්කම් දහස් ගනනක් කරගන්න පුලුවන් මේ Group Policy බාවිතා කරලා. හොද අවබෝදෙකින් මේ දේ කරන්න. මොකද වෙනස් කමක් පරිගනකයට ඇතුලත් උන පසු අපිට ඒ වෙනස් කම කල මාර්ගය අමතක උනොත් ආයෙමත් ඒ වෙනස් කම ආපසු හරවා ගන්න බැරුව යනවා... සුබ දවසක්..! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive