සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Saturday 18 August 2012

Internet Money - අන්තර්ජාලයෙන් මුදල් සෙවීම

කතෘ අයිතිය සුරකින්න..!
අන්තර්ජාලයෙන් ඉතාමත් පහසුවෙන් අසීමිත විදියට මුදල් හොයන්න පුලුවන්ද? මේකේ ඇත්ත තත්වය කුමක්ද? අන්තර්ජාල මුදල් යනු මොනවද?

ප්‍රශ්න ගොඩක් තියනව. හරි, මේකට මගේ පිලිතුර නම් අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් කියන එක. හැබැයි ඒකේ බොහොමයක් අමාරුකම් අපැහැදිලි තැන් තියනවා. අපි මුලින්ම බලමු අන්තර්ජාල මුදල්  කියන්නේ මොනවද කියලා..

අන්තර්ජාල මුදල් යනු...
කිසියම් සේවාවක් හෝ පහසුකමක් අන්තර්ජාලය බාවිතා කරන්නන් හට සාදාරන ආකාරයෙන් ලබා දී ඒ වෙනුවෙන් ලබා ගන්නා මුදල අන්තර්ජාල මුදල් ලෙස සරලව අර්ත දක්වන්න පුලුවන්. මොනවද මේ ආකාරයෙන් ලබාදෙන්න පුලුවන් සේවාවන් ?

1. ඔබ web අඩවි නිර්මානකරුවෙක් නම් ඔබට පුලුවන් අලංකාර web අඩවි නිර්මානය කර ඒවා වෙනුවෙන් අන්තර්ජාලය හරහා වෙලදපොලක් නිර්මානය කරගන්න පුලුවන්..

2 ඔබ මෘදුකාංග සංවර්දනය කරන්නේ නම් ප්‍රොයෝජනවත්  මෘදුකාංග  නිර්මානය කර වෙනුවෙන් අන්තර්ජාලය හරහා වෙලදපොලක් නිර්මානය කරගන්න පුලුවන්..

3. ඔයාලා ගාව තියන විකුනන්න පුලුවන් බාන්ඩ පිලිබද web අඩවි නිර්මානය කර  ප්‍රසිද්ද කිරීමෙන් ඒවට ඇනවුම් ලබාගැනීමෙන් ඔබට අන්තර්ජාලය හරහා මුදල් උපයා ගන්න පුලුවන්..

4. කිසියම් සේවාවක දැනුවත් කිරීම් මගින් මුදල් හොයන්න පුලුවන්. උදාහරනයක් විදියට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක ටිකට් අලවිය වගේ දේවල්..

5. කිසියම් නිශ්පාදනයක් පිලිබද අලෙවිකරන මාදයයක් ලෙස අන්තර්ජාලය  බාවිතා කරලා ඒ තුලින් මුදල් හොයන්න පුලුවන්..

6. විවිද නිශ්පාදන සම්බන්දයෙන් වෙලද දැන්වීම් පල කරලා ඒවා වෙනුවෙන් වැයවෙන ඉඩ ප්‍රමානය මුදල් අය කරගන්න පුලුවන්.

7. ලෝකයේ පවතින විවිද සමාගම් වල කටයුතු නිවසේ සිට කිරීම තුලින් ඒ සමාගම් මගින් මුදල් ලබා ගැනීම්.

ඉතින් මේ වගේ එක එක ක්‍රම ගොඩක් තියනවා අන්තර්ජාලය  තුලින් මුදල් හොයන්න. ඊලගට අපි බලමු අන්තර්ජාලය තුලින් මුදල් හෙවීමේදී ඇති අපහසුතා මොනවද කියලා..


අපහසුතා මොනවද...?
1. වෙබ් අඩවි නිර්මානකරනය සදහා පුලුල් දැනුමක් හා පරිනත අත්දැකීම් තිබිය යුතුයි. වෘත්තීය මට්ටමෙන් වෙබ් අඩවි නිර්මානකරනය කරන්නන් ලෝකය පුරා විශාල ප්‍රමානයක් සිටින නිසා ඒ වගේ දෙයක් කරන එක ලේසි වෙන්නෙ නෑ..

2. වෘත්තීය මට්ටමෙන් මෘදුකාංග  නිර්මානය කර අය ඕනේ තරම් හොයාගන්න පුලුවන්..ඉතින් ජාත්‍යන්තර මට්ටමේ මෘදුකාංග නිශ්පාදකයෙක් වෙන එක දවසින් දෙකින කරන්න බෑ.  ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

3. ඔයාලා ගාව විකුනන්න දේවල් තිබුන උනත් ඒවා ගන්න අවශ්‍ය තාවයක් තියන අය ඉන්න ඕනේ.. ඒ අය ඔයාලා දාන වෙලද දැන්වීම දකින්න ඕනේ වගේම ඒකට ප්‍රතිචාර දක්වලා ඔයාගේ විකුනන්න තියන දේ ගන්න එකග උනොත් පමනයි ඔයා සාර්තක් වෙන්නෙ. ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

4. වෙනත් සමගමක් විසින් ක්‍රියාත්මක කරන යම් සේවාවක් හෝ වැඩසටහනක් ගැන අපි ප්‍රචාරය කරනවා නම් අපි අය කරන මුදලට වඩා අඩු මුදලට ඒක අන්තර්ජාලහ් තුල ප්‍රචාරය කරන්න අය ඕනේ තරම් ඉන්නවා.. ඉතින් මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

5 යම් නිශ්පාදනයක් පිලිබද ජනතාව දැන්නුවත් කරන්න විවිද මාදයයන් තියනවා. අන්තර්ජාලය කියන්නේ එක මාද්‍යයක් පමනයි. අනික අන්තර්ජාලය බාවිතා කරන්නේ සීමිත පිරිසක්. ඊට වඩා වැඩි පිරිසක් රූපවාහිනිය වගේ ප්‍රචාරන මාදයයන් නරබනව. ඉතින් අන්තර්ජාලය තුලින් යමක් ප්‍රචාරනයි කරනවට වඩා ලේසි ක්‍රම තියන නිසා මේ වැඩේත් ලේසි වෙන්නෙ නෑ..

6. වෙලද දැන්වීම් ප්‍රචාරන මාද්‍යයන් උනත් තව බොහොමයක් තියන් නිසා මේකත් ටිකක් තරගකාරී වෙනවා

7 ලෝකයේ විවිද සමාගම් අන්තර්ජාලය හරහා ඔවුන්ගේ ආයතනමය ක්‍රියාකාරම වෙනත් රටවල වෙසෙන අයට කිරීමට ලබා දීම මේ වෙනකොට ඇති අලුත්ම රැකියා අවස්තාවක් වෙනව. අපි මේකට කියන්නේ මානව සම්පත් දුරස්තව සැපයීම කියලා.

ඉතින් මේ ආකරයෙන්  අපිට විවිද බාදාවන් පවතිනවා අන්තර්ජාල මුදල් ලබා ගැනීම් සම්බ්න්දයෙන් ඒ වගේම මෙක ටික කාලයක් අමරුවෙන් හරි කරගන්න පුලුවන් නම් ඊලග පියවර අපිට පහසු වෙනව. උදාහරනක් විදියට ගත්තොත් එක අන්තර්ජාතික ආයතනයක කිසියම් දත්ත ඇතුලත් කිරීමේ (Data Enter Job) රැකියාවක් සාර්තකව අවසන් කලාම ඔයාලා පිලිබද ඒ ආයතනයේ විශ්වාසනීයත්වය වැඩිවෙනව. ඉතින් නව රැකියාවන් ඔබට ලබා දෙන්න ඔවුන් පසුබට වෙන්නෙ නෑ.

ඉතින් මේ වගේ රැකියා අවස්තාවන් පොදුවේ BPO (Business Process Outsourcing) කියලා හදුන්වනව. උදාහරනයන දක්වනවා නම්,

1. කිසියම් ආයතනයක පැවැත්වූ සාකච්ජාවක් ඇසුරින් එහි වාර්තාවක් සැකසීම
ඉතින් මෙ වගේ දෙයක් කරන්න නිපුන අවබෝදයක් තියෙන්න ඕනේ වගේම හොද අත්දැකීමක් තියෙන්නත් ඕනේ

2 කිසියම් ආයතනයක ගනුදෙනු සම්බන්ද විස්තර අනුසරයෙන් ඒ ආයතනයේ ගිනුම් සැකසීම
ඉතින් මේ වගේ දෙයක් කරන්න ගිනුම් කටයුතු පිලිබද හොද දැනීමක් ඕනේ

ඉතින් මේ හැම දෙයක්ම සර්තකව කරගන්න් නම් ඒ ආයතන වල විශවාසය දිනාගන්න මහන්සි වෙන්න ඕනේ වගේම  ජාත්‍යන්තර ප්‍රමිතියකට වැඩ කරන්නත් සිදු වෙනවා.

ඉතින් මේ අනුව අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමට නම්  වෘත්තීය මට්ටමේ නිපුනතාවයක් තිබුය යුතුවා සේම  මහාපරිමානයෙන් ඉතා ඉක්මනින් මුදල් ඉපයීම කල නොහැකිය. ඉතින් අන්තර්ජාල මුදල් අවස්තාවන් සදහා ලියාපදිංචියට ඉල්ලන මුදල් ප්‍රමානය විශාල උනත් ඒ මුදල් ප්‍රමානය වත් ආපසු ලබා ගැනීම ඒ තරම් පහසු වෙන්නෙ නැති  බව අවබෝදකරගෙන මේ කාර්යයට යොමු වෙනවා නම් හොදයි.. සුබ දවසක්...!

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

6 comments:

Unknown said...

Online job ekak karanna kamathi hamoma softcreation ITsolution Account ekata add wela Online job ekak karanna.Training free,Tutorial Free,Software Free.All Are FREE.Request Softcreation ITsolution kiyana Facebook Account ekata.Nathna CV eka mail karanna contact no ehekuth ekka softcreation@sltnet.lk ekata.man join wela wada karanawa.paypal account one na.thange bank account ehekatamai salli watenne.add click karanawa wage jork nemei thiyenne.data entry job.payment 100% sure.jaya wewa

Unknown said...

google

Unknown said...

AD CLICK KARALA E MONEY HOYANNA PULUWAN WEB SITE AKAKA API REJISTER WELA IDDI E SITE AKEMA WENA ACCOUNT AKAK HADAGANE KOHOMADA?

Unknown said...

දැන් ඔබේ Paypal මුඳල්ද අප වෙතින් ලබාගත හැක. වැඩි විස්තර සඳහා
www.cpsmoneytransfers.webs.com වෙබ් අඩවියට පිවිසෙන්න

Unknown said...
This comment has been removed by the author.
Anonymous said...

http://www.clixsense.com/?5801746 meke register wenna ekaparata loku ganan hoyanna ba. habai wade alla gaththoth salli hoyanna mahansi wenna onath na. try it now!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive