සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 23 August 2012

Windows 7 New Tips Tweaks And Secrets

Copyrights Received…!

වින්ඩොව්ස් 7 මෙහෙයුම් පද්දතිය බාවිතා කරන සියලු ෙදෙනාටම  වැදගත්වෙන  පොඩි පොඩි ටිප්ස් ටිකක් දෙන්නයි මේ සූදානම. ඉතින් මේවා ඔයාලා දන්නවත් ඇති. නොදන්නවත් ඇති. දන්න දැනුම වැඩි කරගන්නත් නොදන්න දේවල් දැනගන්නත් එක්ක අපි කියවලම බලමු. 





1. Show the Windows Desktop with a new shortcut

වින්ඩොව්ස් XP වලදි අපි ඕපන් කරලා තියන වැඩසටහන් සියල්ල එකින් එක මිනිමයිස් කරලා  තමයි ඩෙස්ක්ටොප් එක බලාගන්න ඕනේ. ඒ වගේම Windows key + D වගේ කී එකතුවක් බාවිතා කරන්නත් පුලුවන් . ඒත් වින්ඩෝස් 7 වලදි අපිට ඒ වෙනුවෙන් පහසුකමක් සපයලා තියනවා. පරිගනකයේ වෙලාව වැටෙන ස්තානයට ටිකක් එහයින් තියන පොඩි කොටුවට මවුසය ගෙනියපුවාම නිකම්ම අපිට ඩෙස්ක්ටොප් එක බලාගන්න බලාගන්න පුලුවන්. රූපය බලන්න. 

ඉතින් මේ දේ කරන්නත් ඔන්න කී එකතුවක් හොයාගත්තා. Windows key + space bar ඔයලත් උත්සාහා කරලා බලන්න. 

2. Change Task Bar Location 

ටාස්ක් බාර් එක සාමනයෙන් තියෙන්නේ පහලට වෙන්නයි අපිට පුලුවන් අපේ පරිගනකයේ කැමති අතකට මේ ටාස්ක් බාර් එක හරවාගන්න. ටාස්ක් බාර්  එකේ ප්‍රොපටීස් ගන්න. ඊලගට
Taskbar Location on Screen කියන තැනට් ඕනේ පැත්ත දෙන්න. 


3. Select multiple items

ගොනු ගොඩකින් කීපයක් තෝරාගන්න අපි බාවිත කරන්නේ මවුසය සමග CTRL කී එක. ඒක ඔයාලා දන්න දෙයක්නෙ. ඉතින් වින්ඩෝස් 7 වලදි අපිට ටික් බොක්ස් එකක් දාලා ටික් කිරීම මගින් ගොනු ගොඩකින් කීපයක් තෝරාගන්න  අවස්තාව ලබා දෙනවා. මේක කෙලින්ම වින්ඩෝස් 7 සමග එන පහසුකමක් නොවෙයි. අපි ඒක ඇඩ් කරගන්න ඕනේ ඒකට පහත මාර්ගයේ යන්න. ඒ වගේම පහත රූපයත් බලන්න. 

Windows Explorer  > Organize > Folder and search > Folder Options > View > Use check boxes to select items

මේ සැකසුම් හදාගත්තට පස්සෙ අපිට ටික් බොක්ස් එකක් ලැබෙනවා හැම ගොනුවක් ඉස්සරහින්ම. පහල රූපය බලන්න 


4. Application Switching Mode

පරිගනකයේ බාවිතා වෙන එක එක ඇප්ලිකෙශන් අතර මාරු වෙන්න අපිට වින්ඩෝස් 7 වලදී අලුත් කී එකක් හම්බෙනවා. ඒ Windows key + T කියන කී එකතුව. මේට අමතරව Alt + Tab සහ Windows key + Tab කියන ඒවාත් බාවිතා කරන්න පුලුවන්.


5. Easy external-monitor or projector setup

පරිගනකයක් බාවිතා කරද්දි අපිට සිදු වෙනවා වෙනත් මොනිටරයක් සමග හෝ පොජෙක්ටරයක් සමග අපේ පරිගනකය සම්බන්ද කරන්න. ඉතින් ඒ වගේ වෙලාවට අපිට ඉතාමත් පහසුවෙන් වින්ඩෝස් 7 වලදී මෙයි කරගන්න Windows key + P කියන කී එකතුව බාවිත කරන්න පුලුවන්. එතනදී අපිට Computer Only, Duplicate, Extend, Projector Only කියන අවස්තාවන් වලට පහසුවෙන් යොමු වෙන්න පුලුවන් 


6. Burn ISO disc images directly

ISO මාදිලියේ ගොනුවක් DVD එකකට ලියවා ගන්න අපිට තෙවන පර්ශවීය මෘදුකාංගය පිහිට පතන්න වෙනවා. ඒත් වින්ඩෝස් 7 වලදී අපිට කෙලින්ම ISO මාදිලියේ ගොනු ලියන්න් පුලුවන්. 


7. Windows Mobility Center

ලැප්ටොප් එකක බැටරියේ ආයු කාලය, ඩෙස්ක්ටොප් එකේ තීවුතාවය වගේ දේවල් අපි හදාගන්නේ Windows Mobility Center බාවිතා කරලා. ඉතින් මේකට යන්න අපිට පුලුවන් Windows key එක ඔබාගෙන X කී එක් ඔබන්න. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive