සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 1 August 2012

Google Drive එකක් හදමු..

අලුත් පෝස්ට් එකක් එක්ක ඔන්න ආයෙමත් ආවා. මේක් ටිකක් අලුත් වැඩක්. ඔයාල කවුරුත් දන්නවා ඇති Cloud Computing ගැන. නොදන්නව නම් ඒ තරම් හිතන්න දෙයක් නෙමෙයි ඒක..  cloud Computing කියන්නේ අපි ලග බාවිතා කරන්න නැති සම්පත් වෙන වෙන අයගෙන් ලබා ගන්නවා වගේම අපි ලග තියන වැඩිපුර සම්පත් අනිත් අයගේ භාවිතයට දෙනවා වගේ දෙයක්..




හරි, අපි හිතමු අපේ පරිගනකයේ වේගය මදි කියල අපිට වැඩ කරගන්න. ඉතින් අපි අලුත් පරිගනකයක් ගන්න ඕනේ. සල්ලි නැත්නම්? අන්න ඒ වෙලාවට අපිට පුලුවන් වෙනත් කෙනෙක්ගේ වේගවත් පරිගනකයක් බාවිතා කරල අපේ වැඩේ කරගන්න. ආයේ හිතන්න තියන හාර්ඩ් ඩිස්ක් එකේ ඉඩ ප්‍රමානය අපිට මදි කියල. ඉතින් අපිට කරන්න තියෙන්නේ හාර්ඩ් එකක් ගන්න එක නේද? ඉතින් අතේ සල්ලි නැත්නම්? අන්න ඒ වෙලාවට අපිට පුලුවන් අනුන්ගේ හාර්ඩ් එකක් අපේ වගේ පාවිච්චි කරන්න.. 

දැන් අපි බලමු මේ කතන්දරේ කරන්නේ කොහොමද කියල. ඒකට අපිට පුලුවන් මේ  Cloud Computing සේවාව ලබාදෙන හොදම් සමගමක් වන ගූගල් සමාගමේ වෙබ් අඩවියක සේවයි ලබගන්න. ඉතින් මේ වැඩේ කරන්න ගූගල් ඊමේල් ලිපිනයක් නම් අවශයය වෙනවා. හරි, මුලින්ම පහල තියන වෙබ් ලිපිනයට යන්න.


ඊලගට අපිව ගෙනියනවා ගූගල් පේජ් එකට. එතනදි අපි Sing in වෙන්න් ඕනේ අපේ ගූගල් ඊමේල් ගිනුම භාවිතා කරල.
ඊලගට විවෘර්ත වෙන පිටුවේ Download Google Drive For PC කියල තියන ලින්කුවට යන්න. එතනදි අපිට මේක බාගන්න පුලුවන්. අපිට් ලැබෙනවා googledrivesync.exe සෙටප් එක. ඒක පරිගනකයට ඉස්ටෝල් කරගත්තාම My Computer වලට අලුත් එකක් Drive එකක් ලැබෙනවා. ඒක් හරියට අපේ හාර්ඩ් ඩිස්ක් එකක් වගේමයි. ඉතින් අපිට මුලින් 5GB කැපෑසිටි එකක් ලැබෙනව මුලින්. ඒක 25GB දක්වා වැඩිකරගන්න් පුලුවන්. 

මෘදුකාංගය නිවැරදි ආකරයෙන් ඉන්ස්ටෝල් වෙලා නම් ඔයාලගේ ටාස්ක් බාර් එකෙ පහත ආකරයෙන් Google Drive එක දකින්න් ලැබෙයි.


ඉතින් ඔයාලගේ පරිගනකයේදි ඕනෑම ප්යිල් එකක් මේ ඩිස්ක් එකට කොපි කරන්න පුලුවන්.ඒ වගේම මේකෙ තියන හොදම පහසුකම වෙන්නේ ඒ කොපි කරන ඕනේම ප්යිල් එකක් ලෝකයේ ඕනෑම තැනකින් ගන්න පුලුවන්කම. ඒකට ඕනේ වෙන්නේ ඔයාලා මේ හර්ඩ් එක හදාගන්න බාවිතා කරපු ගූගල් ඊමේල් ලිපිනය විතරයි. අපි බලමු ඒක කරන ආකරය.

මුලින්ම කලින් ලොග් උන වෙන වෙබ් ලිපිනයටම අයෙමත් යන්න. එතනදි අපිට ආයෙමත් ගූගල් ඊමේල් ලිපිනය හා පාස්වර්ඩ් එක ලබාදෙන්න එනවා. Sing in උනාට පස්සේ පහත ආකරයට ඔයාලගේ පරිගනකයේ තිබුන හාර්ඩ් ඩිස්ක් එකම අපිට ලබාගන්න පුලුවන්.

ඉතින් මේ තියන ඕනේම පයිල් එකක් ඊමේල් කරන්න් පුලුවන්... එඩිට් කරන්න පුලුවන්.. ඒ වගේම පරිගනකයට බාගන්නත් පුලුවන්. නියමයි නේද? උත්සහ කරල බලන්න. බැරිනම් කියන්න. තව උදවු දෙන්නම්.. සුබ දවසක්.. !
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive