සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 22 August 2012

BIOS Update - BIOS අප්ඩේට් කරමු..

කතෘ අයිතිය සුරකින්න..!

BIOS කියන්නේ Basic Input Output System කියන එක පරිගනකයේ මූලික සැකසුම් සියල්ල අඩංගු වෙන්නේ මේ කොටස තුලයි පරිගනක මවු පුවරු නිශ්පාදනය කරන සමාගම් මෙම මූලික සැකසුම් සහිත BIOS චිපයන් තමන්ගේ මවුපුවරු වලට ඇතුලත් කරනවා. මේ BIOS වලට සංස්කරනයන් පවතිනවා. එක් එක් කාලයට යම් යම් හේතු නිසා මේ සංස්කරනයන් වෙනස් වෙනවා වගේම  යම් යම් අවශ්‍යතාවයන් නිසා අපිට මේ BIOS අප්ඩේට් කරගැනීමට සිදුවෙනවා. මෙය නිතරම සිදුකල යුතු දෙයක් නොවන අතරම මෙය සිදු කිරීමට පරිගනක දෘඩාංග සම්බන්දයෙන් යම් පලපුරුද්දක් තිබුය යුතුයි 
අපි බලමු මවුපුවරුවක  BIOS අප්ඩේට් කරන මූලික පියවරයන් මොනවද කියලා. මෙතනදි අපි පහල දේවල් දැනගෙන ඉන්න් ඕනේ.
1. පරිගනකයේ දැනට බාවිතා වන BIOS සංස්කරනයපරිගනකය බූට් වෙන මුල් විනාඩි කීපය තුලදී අපිට මේක බලාගන්න පුලුවන්. එහෙම නැත්නම් BIOS වලට ගිහිල්ලම බලාගන්නත් පුලුවන්




2. ඊලගට අපි බලන්න් ඕනේ අපේ මවුපුවරුවට අදාලව අලුත් BIOS ම මවුපුවරු නිශ්පාදකයාගේ නිල වෙබ් අඩවියේ තියනවාද කියලා උදාහරනයක් ලෙස පහත වෙබ් අඩවිය බලන්න


http://www.asrock.com/support/download.asp?cat=BIOS





3. BIOS අප්ඩේට් කරන්න කලින් මවු පුවරුව සමග ලැබුන අත්පොත හොදින් කියවලා බලන්න ඕනේ. සමහර BIOS සංස්කරනයන් තියනවා අපිට ඔන්ලයින් අප්ඩේට් කරගන්න පුලුවන්. සමහර ඒවා බාගත කරගෙන පසුව අප්ඩේට් කරගන්න ඕනේ


ඉතින් ඉහත වෙබ් අඩවියකින් බාගත කරගන්න පුලුවන් .rom හෝ  .bin ආකාරයේ ගොනුවක්. මෙ ගොනුව අපිට පුලුවන් ෆ්ලොපි ඩිස්ක් එකකට කොපි කරගන්න. එහෙම නැත්නම්  CD/DVD එකකට ලියාගන්න ඊලගට පරිගනකයේ BIOS වලට ඇතුලත් උනාම ඔයාලට පෙනෙයි BIOS Flash කිරීමට කුමක් හෝ කී එකක් බාවිතා කරන්න කියන එක. මේක මවුපුවරුවෙන් පුවරුවට වෙනස් වෙනවා


ඊලගට පරිගනකයේ දැනට බාවිතා වෙන BIOS වැඩසටහන බැකප් කරගන්න. අලුත් වැඩසටහන ස්තාපිත කරගන්න පරිගනකය රීස්ටාට් කරන්න. අලුත් BIOS සංස්කරනයක් සහිතව පරිගනකය බූට් වෙයි. ඉතින් මේක ටිකක් අපහසු වගේම අවදානම් සහිත වැඩක්. අපි බලමු මේ තරම් මහන්සි වෙන්නේ නැතුව වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය උඩම ඉදන් කොහොමද BIOS අප්ඩේට් කරන්නේ කියලා
ඒකට අපිට පොඩි මෘදුකාංගයක් ඕනේ වෙනවා. WinFlash පහල ලින්කුවෙන බාගත කරගන්න් පුලුවන්




මේක පරිගනකයට ස්තාපිත කරගන්න. ඊලගට පහල රූපයේ ආකාරයට අපිට මේ මෘදුකාංගය ඕපන් කරගන්න් පුලුවන්

පරිගනකයේ දැනට බාවිතා වෙන BIOS සංස්කරනය බැක්ප් කරගන්න ඕනේ නම්  File > Save Old BIOS  කියන මාර්ගයෙන් අපිට ඒක කරගන්න පුලුවන්.

ඊලගට අපි බාගත කරගත්ත .rom හෝ  .bin ආකාරයේ ගොනුව බාවිතා කරලා අපි BIOS සංස්කරනය අප්ඩේට් කරමු. File > Open හරහා බාගත කරගත් ගොනුව ලබාදෙන්න.

ඉහත රූපයේ ආකාරයට අලුත් BIOS සංස්කරනයට අදාල වෙනස්කම් සමග මෘදුකාංගය ලෝඩ් වෙනවා. ඊලගට BIOS සේවු කරන්න. මෙයට ටික වෙලාවක් ගත වෙන්න පුලුවන්. පහල රූපයේ ආකාරයෙන් එය  සිදුවෙනවා.

BIOS සංස්කරනය අප්ඩේට් වී අවසන් බවත් පරිගනකය රීස්ටාට් කල යුතු බවත් දැක්වෙන පනිවිඩය ලැබෙන තුරු රැදී සිටින්න.

පරිගනකය රීස්ටාට් කරන්න. අලුත් BIOS සංස්කරනයක් සහිතව පරිගනකය බූට් වෙයි. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Unknown said...

ගොඩක් ප්‍රයෝජනවත්.
දිගටම මේ වගේ ලිපි ලියන්න.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive