සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 13 August 2012

What is Ready-boost ?

කතෘ අයිතිය සුරකින්න..!
Ready-boost  කියන්නේ වින්ඩෝස් 7 එක්ක අදුන්නලා දුන්න අලුත්ම ගැජට් එකක්. මෙකෙන් මොකක්ද වෙන්නෙ? ඔයාලා දන්නවා පරිගනකය බාවිතා කරන්න මතකයක් ඔන්නේ. ඒක තාවකාලික මතකයක්. ඉතින් පරිගනකයට බාවිත කරන මතකය (RAM) විවිද දාරිතා වලින් ගන්න තියනවා වගේම එක එක මිල ගනන් වලින් ගන්න පුලුවන්. අපි හිතමු අපි ලග ලොකු මතක දාරිතාවක් තියන  RAM කාඩ් පත් නෑ කියලා. ඒත් අපි ගාව පෙන් ඩ්‍රයිව් එකක් තියනවා කියලා හිතමු. ඒ  පෙන් ඩ්‍රයිව්  එකේ දාරිතාවය පරිගනකයේ තාවකාලික මතකය වශයෙන් බාවිතා කිරීම තමයි මේ  Ready-boost කියලා කියන්නෙ.  පෙන් ඩ්‍රයිව් එක  RAM එකක් විදියට බාවිතා කිරීම වගේම පරිගනකයේ කෑස් මතකය විදියට බාවිතා කිරීම.. මන් හිතන්නේ පැහැදිලි වෙන්න ඇති මේ කතාව. 


හරි, අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල. වින්ඩෝස් 7 වලදි නම් අපිට මේක කෙලින්ම බාවිතා කරන්න පුලුවන් කම දීලා තියනවා. අපි පෙන් ඩ්‍රයිව් එකක් පරිගනකයට සම්බන්ද කලාම එය Auto Run අවස්තාවේදී ලබා දෙන මෙනුවෙන් අපිට Ready-boost  වලට යන්න පුලුවන්. එසේ නොවේ නම් My Computer තුලදි පෙන් ඩ්‍රයිව් එක් මත Right Click කරලා එන මෙනුවෙනුත් අපිට පුලුවන් Ready-boost  වලට යන්න. 

මෙතනදි Open Folder to view File ගියාම අපිට පෙන් ඩ්‍රයිව් එක ඕපන් කරගන්න් පුලුවන්. ඒ වගේම Speed Up my System ගියාම පහල තියන ආකාරයට විවෘත වෙනවා. 
මෙහිදී පරිගනකයේ තාවකාලික මතකය විදියට බාවිතා කරන්න ඕනේ MB ප්‍රමානය තොරල ඕකේ කලාම ඒ ප්‍රමානයෙන් RAM දාරිතාවක් ලැබෙනවා. 

ඉතින් වින්ඩෝස් XP වලදි අපිට මේ දේ කරගන්න ඉහත දක්වල තියන තරම් පහසු වෙන්නෙ නේ. ඒ සදහා තවත් මෘදුකාංගයක සහය ලබ ගන්න වෙනවා. 

ඒ වගේ මෘදුකාංගයක් තමයි eBoostr කියන්නෙ. පහල ලින්කුවෙන් බාගෙන පරිගනකයට ස්තාපිත කරගන්න. 


පහල ආකරයට අපිට මෘදුකාංගය දකින්න පුලුවන්.. 

ඉතින් මේකට පෙන් ඩ්‍රියිව් එකක්ම ඕනෙ නේ. ඔයාලගෙ SD කර්ඩ් එකෙන් පවා මේ දේ කරගන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න.. 

Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive