සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 13 August 2012

Data Backup - ntbackup - දත්ත උපස්ත කරමු..

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනක බාවිතා කරන අයට ඉතාමත් වැදගත් දෙයක් තමයි දත්ත කියන්නෙ. දත්ත සුරකින්න අපි එක එක ජාතියේ වැඩ කරනවා. එකක් තමයි දත්ත උපස්ත කිරීම හෙවත් Data Backup කිරීම කියන්නෙ. අපිට වටිනා දුර්ලබ දත්ත මතු ප්‍රොයෝජනය වෙනුවෙන් ආරක්ශා කිරීම පොදුවේ  Data Backup කිරීම වශයෙන් හදුන්වන්න පුලුවන්. නොදැනුවත්ව උනත් Data වෙන කොහෙට හරි කොපි කරනවා කියන්නෙත් Data Backup කිරීමක් තමයි


Data Backup කිරීමේ ආකාරයන් කීපයක්ම පවතිනවා 
1. Online Data Backup
2. Offline Data Backup
3. Internet Data Backup
4. Intranet Data Backup
5. Recavary Backup
6. DR Site Backup (Disaster Recavary) 

ඉතින් මේ හැමදේම ගැන නම් ලොකු විස්තරයක් කියන්න බෑ. ගූගල් කරල හොයගන්න හොදද.. 

අපි ගන්න Backup වලත් එක එක වර්ගයන් තියනවා.. 

1. Full Backup 
මේ ආකාරයට ගන්න Backup වලදි සියලුම දත්තයන් Backup වීමක් සිදුවෙනව. වැඩි කාලයක් ගත වෙනවා. වැඩි ඉඩ ප්‍රමානයක අවශයය වෙනවා.  Backup  restore Time ගොඩක් වැඩි. ප්‍රමානය එන්න එන්නම වැඩි වෙනවා. 

2. Incremental Backup 
මෙතනදි මුලින් Full Backup  එකක් ගන්නවා. ඊලගට අවශයය ආකාරයට එදිනෙදා එකතුවෙන දත්ත වල Backup  ගන්නවා. Backup  ගන්න යන කාලයි අඩුයි..  Backup  restore Time  අඩුයි. 

3. Differential Backup
මෙතනදි මුලින් Full Backup  එකක් ගන්නවා. ඊලගට සියලුම දත්තයන් දිනපතා Backup කරනවා. වැඩි කාලයක් ගත වෙනවා. වැඩි ඉඩ ප්‍රමානයක අවශයය වෙනවා.  Backup  restore Time ගොඩක් වැඩි. ප්‍රමානය එන්න එන්නම වැඩි වෙනවා. නිතරම මුලින් පටන්ගත්ත දත්තයන් Overwrite වීමක් සිදුවෙන්නේ නෑ. 
4. Mirror Backup
මෙතනදි සියලුම ගොනු වල Mirror එකක් පමනක් Backup කරනවා. ගතවන කාලය අඩුයි.  අඩු  ඉඩ ප්‍රමානයක අවශයය වෙනවා.

ඉතින් දත්ත උපස්ත කරන්නට එක් එක මාදයයන් බාවිතා කරනවා 
  1. Magnetic tape 
  2. Hard disk
  3. Optical storage 
  4. Floppy disk 
  5. Solid state storage 
  6. Flash memory
  7. Thumb drives 
  8. USB flash drives 
  9. Compact Flash
  10. Smart Media 
  11. Remote backup service
ඉතින් අදවෙන කොට  දත්ත උපස්ත කිරීම කොයි තරම් වැදගත් වෙනවාද යන්න මනින්න පුලුවන් එක සාදකයක් තමයි ඒ වෙනුවෙන් ආයතනයන් දරන වියදම ගැන සිතීමෙන්. ඒ නිසා තමයි Disaster Recavary Site කියන සංකල්පය ඇති වුනේ. ඒකෙන් කරන්නේ ආයතනය එක තැනක පිහිටවලා අදාල පරිගනක ගත දත්තයන් රදවන ස්තාන (Server Site) වෙන වෙන ස්තාන වල පිහිටුවීමයි. 

දත්ත උපස්ත කිරීම සදහා අද වෙනවිට විවිද මෘදුකාංග නිපදවලා තියනවා ලෝකයේ හොදම උපස්ත මෘදුකාංගයන් පහත් ලින්කුවෙන් බලගන්න් පුලුවන්. 


ඉතින් මේ මෘදුකාංගවල නොමිලේ දෙන සංස්කරනයන් නම් හොයාගන්න නෑ. සල්ලි දීල තමයි ගන්න වෙන්නේ.

පරිගනකයක දත්ත උපස්ත කරනවා කියන්නෙ ටිකක් වෙනස් දෙයක් පරිගනකයක් ගත්තාම අපිට ප්‍රදාන වශයෙන්
1. පුදගලික දත්ත 
2. ඊමේල් ගිනුම් තොරතූරු
3. මෘදුකාංග
4. Permission
5. Encrypting File System (EFS) සැකසුම් 

වගේ දේවල ගැන බලන්න ඕනේ ඉතින් වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකදී අපිට පහල ආකාරයට පරිගනකයේ Backup එකක් ගන්න් පුලුවන්.

  1. Click Start, and then click Run.
  2. Type ntbackup.exe in the Open box, and then click OK.

ntbackup කියන්නෙ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියකදී  අපිය නොමිලේ ලැබෙන backup මෘදුකාංගයක් 

Next කරන්න 
මෙතනදි අපිට පුලුවන් තෝරාගැනීම් 2ක් කරන්න. All Information on this computer තේරුවොත් මුලු පරිගනකයම බැකප් වෙනවා. ඊලග අවස්තාවෙදි අපිට පුලුවන් බැකප් කරන්න ඕනේ දේවල් තෝරලා දෙන්න. වඩා හොද දෙවෙනි අවස්තාව. Next කරන්න 
බැකප් කරන්න ඕනේ දේවල් ටික් කරලා තෝරන්න Next කරන්න 
බැකප් කරන්නේ කොහෙටද හා බැකප් කරන ෆයිල් එකෙ නම ලබා දෙන්න. 
Finish කලාම බැකප් වීම ආරම්බ වෙනව
ඉතින් මේ ආකාරයට ලබා ගත් බැකප් එක ආයෙමත් Restore  කරන්නත් පුලුවන්. 
Share:

1 comments:

tharushika said...

oya soft eka free baganna linkuwak denna ko..plzz

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive