සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 17 August 2012

Start Computer Automatically

කතෘ අයිතිය සුරකින්න..!
පරිගනකයක් Shutdown කිරීමට හා  Restart කිරීමට විදානයන් මෙහෙයුම් පද්දතිය විසින්ම සපයාලා තියනවා. ක්‍රියාත්මක වෙලා තියන පරිගනකයක් කිසියම් වෙලාවකදී   Shutdown  කිරීමට වගේම ක්‍රියා විරහිත පරිගනකයක් කිසියම් වෙලාවකදී ඉබේ ක්‍රියාත්මක වෙන්නත් හදන්න පුලුවන්. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා

මුලින්ම අපිට පරිගනකයේ BIOS වැඩසටහනට යන්න වෙනවා. සාමානයයෙන් BIOS වැඩසටහනට යන්න යතුරුපුවරුවේ Dell F2 Home වගේ යතුරු බාවිතා වෙනව මේකෙ තියෙන්න් පරිගනකයේ දෘඩාංග වල මූලික සැකසුම්. ඒ නිසා හොද අවබෝදයකින් මේ කොටසට යන්න. මොකද මේකෙ කරන සමහර වෙනස්කම් වලින් පරිගනකය සම්පූර්නයෙන්ම අඩාල කරන්න පුලුවන්



හොදයි, එක එක මවු පුවරු සමග බාවිතා වෙන BIOS වැඩසටහන වෙනස් වෙන්න පුලුවන්. හැබැයි හැම BIOS වැඩසටහනක්ම එකම ආකාරයේ ස්වරූපයක් තමයි ගන්නෙ. මේකේ තියන Power Management වල ඇති  Resume by Alarm කියන පහසුකම මගින් අපිට පුලුවන් මේ ක්‍රියාව කරගන්න.

එතනදි අපිට පුලුවන් පරිගනකය දවසේ  කොයි වෙලාවටද ස්ටාර්ට් වෙන්න ඕනේ කියන එක BIOS වැඩසටහන වෙත ලබා දෙන්න. ඊලගට BIOS වැඩසටහන සුර්ක්ශිත කරලා පරිගනකය සමනයය පරිදි ස්ටාර්ට් කරගන්න.

ඊලගට අපි වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ සිට පොඩි වෙන්සකම් කීපයක් කරමු.
ඔබ වින්ඩෝස් 7 බාවිතා කරනව නම් ස්ටාර්ට් මෙනුව් task scheduler වශයෙන් ටයිප් කරන්න. 
මෙතනදි Create Task කියන ස්තානයෙන් අපිට පුලුවන් අලුත් Task එකක් පටන් ගන්න. නමක් දෙන්න ඔයාලා කැමති. ඊලගට General tab එකේ තියන "Run with highest privileges" කියන එකයි "Run whether user is logged on or not" කියන එකයි තෝරන්නත් අමතක කරන්න එප.. 
ඊලගට Actions tab එකේ ඇති New වලට් යන්න. එතනදි "Start a Program" කියන එක තෝරලා Program කියන් ස්තානයට පහල කේතය දෙන්න .

shutdown -s

ඉන් පසු Triggers tab වලදි New එකක් ගන්න. එතනදි අපිට පුලුවන් පරිගනකය ඉබේ ඔන් වෙන්න ඕනේ වෙලාව දෙන්න. ඉතින් ඔබේ ඕනේ කම පරිදි මේ වෙනස් කම කරගන්න.
හොදයි, ඉතින් අපි ඔන්න සැකසුම් හදලා ඉවරයි. දෙන් පරිගනකය Shutdown  කරන්න. ඔයාලා ලබා දුන්න වෙලාවට ගානට පරිගනකය ඉබේම ක්‍රියාත්මක වෙයි.. උත්සාහ කරලා බලන්න. සුබ දවසක්..! 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive