සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 21 August 2012

Change LOG ON screen of Your Window 7

කතෘ අයිතිය සුරකින්න..!
අපි හැමදාම දකින සම්ප්‍රදායික LOG ON screen වෙනස් කරලා අලුත් විදියට ඒක හදන්න පුලුවන් බව ඔයාලා දන්නවද? පෙර පැවති වින්ඩෝස් XP වැනි මෙහෙයුම් පද්දති වලදි මේක අපහසු උනත් වින්ඩෝස් 7 වලදි පහල පියවරයන් නිසි ආකාරයෙන් අනුගමනය කලොත් අපිට අලුත් LOG ON screen එකක් හදගන්න පුලුවන්.







1. මුලින්ම රෙජිස්ට්‍රියට යන්න. Win+R ගහලා එතනදි REGEDIT කියලා ගහල එන්ටර් කලාම අපිට රෙජිස්ට්‍රියට යන්න පුලුවන්

2. පහත දක්වල තියන මාර්ගය තෝරගන්න. HKey_Local_Machine\Software\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background

3 එතනදි ඔයාලට පේනවා අනික් පැත්තේ OEMBackground කියලා එකක්. මේක ඕපන් කරගෙන ඒකෙ value එක 1 බවට පත් කරන්න. සාමන්‍යයෙන් මේක තියෙන්නෙ 0 වශයෙන්.

4. ඊලගට අපේ පරිගනකයේ %windir%\system32\oobe කියන පෝල්ඩර් එකට යන්න 

5. ඊලගට මේ පෝල්ඩර් එක තුල info ලෙස අලුත් පෝල්ඩරයක් හදන්න ඒ info පෝල්ඩරය තුල background ලෙස අලුත් පෝල්ඩරයක් හදන්න.
6. ඊලගට අපිට පුලුවන් අපේ  LOG ON screen විදියට එන්න ඕනේ පිංතූරය මේ background පෝල්ඩරය තුලට කොපි කරන්න. ඒ පින්තූරයේ නම backgroundDefault.jpg ලෙස තියෙන්න ඕනේ. ඉතින් අපිට පුලුවන් මේ පිංතූර එක් එක් රෙශලූශන් ප්‍රමාන වලින් background පෝල්ඩරය තුලට ඇතුලත් කරගන්න. හැබැයි මතක තියාගන්න මෙ පිංතූරයක උපරිම දාරිතාවය 256kb හෝ ඊට වඩා අඩු විය යුතුයි.

ඊලගට පරිගනයක Restart කරලා බලන්න් ඔයාලා දාපු පිංතූරය LOG ON screen  එකට එනවද කියලා.. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive