සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 12 August 2012

Fix Windows Genuine Error - ඕනේම වින්ඩෝස් ඕස් එකක් ජෙනුයින් කරමු..

කතෘ අයිතිය සුරකින්න..!
මයික්‍රොසොෆ්ට් එකෙන් සල්ලි දීලා ගන්න මෙහෙයුම් පද්දති හැර අනෙකුත් සියලුම  මෙහෙයුම් පද්දති වලට බලපාන දෙයක් තමයි Windows Genuine Error කියලා කියන්නෙ. ඒ කියන්නේ ඔයාලා බාවිතා කරන්නේ වින්ඩෝස් හොර කොපියක් කියලා  මයික්‍රොසොෆ්ට් එකට මාට්ටු උනාම දෙන  Error  පනිවිඩය. ඉතින් මෙහෙම උනාම අපි එක්කො සල්ලි දීලා වින්ඩෝස් ගන්න් ඕනේ. නැත්නම් වෙන ක්‍රමයකින් මේ  Error  පනිවිඩය ඉවත් කරගන්න් ඕනේ. ඉතින් අන්තර්ජාලය බාවිතා කරන අයට තමයි මේකේ ලොකුම් ගැටලුව තියෙන්නෙ. ඒ අය බාවිතා කරන්නේ හොර කොපියක් නම්  මයික්‍රොසොෆ්ට් එක එක  Update  එවලා ඒක අල්ලගෙන අපිට කරදර කරනවා.  Windows Genuine නෑ කියලා අහු උනාම පහල දේවල් වලට අපිට මූන දෙන්න වෙනවා. 


1. කලුපාට Screen එකක Windows Genuine Advantage කියන මැසේජ් එකත් එක්ක වැඩ කරන්න සිද්ද වෙනවා. 
2 කිසිම Windows Update එකකට අයෙමත් සහය දක්වන් නෑ. 
3 මයික්‍රොසොෆ්ට් සමාගමේ කිසිම නිශපාදනයක් පරිගනකයට ස්තාපිත කරන්න දෙන්නෙ නෑ. 
4 සමහර වයිරස් මෘදුකාංග වල ආරක්ශන හැකියවත් නවත්තලා දානවා. 
5 සමහර මෘදුකාංග බාවිතා කරන්න බැරි බව දක්වමින් දෝශ පනිවිඩ ලබා දෙනවා. 

ඉතින් මෙහෙම තියාගෙන පරිගනකයකින් වැඩ කරන්න ගොඩක් අමරුයි නේද?ඉතින් අපි බලමු මේක හදා ගන්න විදියක් නැද්ද කියලා. 

ඔයාලා බාවිතා කරන්නෙ Windows XP මෙහෙයුම් පද්දති නම්  මේ පහල තියන ලින්කුවේ ඇති මෘදුකාංගයෙන් මේ ප්‍රශ්නය විසදා ගන්න පුලුවන්.

ඒ වගේම ඔයාට පරිගනක බාවිතය පිලිබද හොද දැනුමක් තියනවා නම් මෙ පහල පියවර අනුගමනය කරලා මේ දේ කරගන්නත් පුලුවන්.

1. මුලින්ම Task Manager වලට යන්න.
2. ඒකේ ඔයාලට දකින්න ලැබෙයි wgatray.exe ප්‍රොසෙස් එකක් රන් වෙනව. ඒක අවසන් කරන්න
3 පරිගනකය Safe Mode වලින් ක්‍රියාත්මක කරන්න
4. C:\Windows\System32 කියන ස්තානයට යන්න
5. එතන තියන WgaTray.exe කියන ෆයිල් එක මකන්න.
6. C:\Windows\System32\dllcache.කියන ස්තානයට යන්න
7. එතන තියන WgaTray.exe කියන ෆයිල් එක මකන්න.
8. RegEdit මගින් වින්ඩෝස් රෙජිස්ට්‍රිය විවෘත කරගන්න
9 එහි HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows NT\CurrentVersion\Winlogon\Notify කියන මාර්ගයේ යන්න.
10. එතන් තියන WgaLogon කියන පෝල්ඩරයම මකන්න.
11. පරිගනකය Restart කරන්න.


ඔයාලා බාවිතා කරන්නෙ Windows Vista / 7 නම් මේ පහල තියන ලින්කුවේ ඇති මෘදුකාංගයෙන් මේ ප්‍රශ්නය විසදා ගන්න පුලුවන්.


මුලින්ම මේ මෘදුකාංගය විවෘත කරන්න. ඊලගට Apply කරගන්න. සියල්ල ඉවර උනාට පස්සෙ පරිගනකය Restart වෙයි. ඉන්පසු පහත මෘදුකාංගය බාවිතා කරලාඅ අයේමත් මේ ප්‍රශ්නය නොඑන ආකරයට පරිගකය සදා ගන්න. 

ඉතින් ඔයාලත් මේ පියවර උත්සාහා කරල බලන්න. සුබ දවසක්...! 


Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive