සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Saturday 1 September 2012

Email Server Setup - Server 2003

Copyrights Received…!

අපි කවුරුත් අන්තර්ජාලය බාවිතා කරනවා නම් ඒ එක්කම ඊමේල් පහසුකමත් අත්විදිනවා. ඊ මේල් අනතර්ජාලය හරහා හුවමරු වෙන්න නම් ඒ වෙනුවෙන් බාවිතා වෙන විශේෂ ප්‍රොටෝකෝලයන් හා සර්වර් පරිගනකයන් නිසි ආකාරයෙන් සකස් කරලා තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු මේ සර්වර් පරිගනකයක් තුල නිවැරදි ආකාරයෙන් ඊමේල් ප්‍රොටෝකෝලයන් ස්තාපනය කරන්නේ කියල. ඉතින් මේ සදහා වින්ඩෝස් සර්වර් මෙහෙයුම් පද්දතිය බාවිතා වෙන පරිගනකයක් ඕනේ කරනවා. ඒ වගේම ඒ සර්වර් මෙහෙයුම් පද්දතිය අඩංගු CD/DVD එකත් ඕනේ කරනවා. 


(ඔයාලා මේල් සර්වර් එකක් Configure කරන්න යනවා නම් ඒ සර්වර් පරිගනකය domain controller එකක් ලෙස සකසා තියෙන්නත් ඕනේ.සර්වර් පරිගනකයට domain controller ස්තාපිත කරන හැටි ගැන දැනගන්න මේ ලිපිය කියවන්න.)


1. පියවර
අපි මුලින්ම අපේ සර්වර් මැනේජරය වෙත පිවිසෙමු ඒ සදහා පහල මාර්ගයේ යන්න.
Go to Start->Programs->Administrative Tools->Manage Your Server
ඉන් පසු Add or remove a role කියන ලින්කුව ක්ලික් කරන්න. අපි මෙතනදී අලුත් රෝල් එකක් සර්වරයට එක් කරන්නයි යන්නෙ. ඉතින් මතකතියා ගන්න ඕනේම් අලුත් රෝල් එකක් එකතු කරන්න් අපි යන්න ඕනේ මේ මාර්ගයේ. 


1

ඊලගට Configure Your Server Wizard කියන එක් ඕපන් වෙනවා. මෙතනදි පහල රූපයේ පරිදි ඊමේල් සර්වරයක් ස්තාපනය කරන්න ඕනේ මූලිකම දේවල්. ඉතින් ඒ දේවල් සම්පූර්ණ නම් Next කරන්න. 
2
ඊලග පියවරේදී අහනවා මොන රෝල් එකද ස්තාපිත කරන්නේ කියලා. අපිට ඕනේ ඊ මේල් සර්වරයක් නිසා Mail Server (POP3,SMTP) කියන එක තෝරලා Next කරන්න. දැනට ස්තාපිත කරලා තියන සර්වර් රෝල් මොනවද කියලත් මෙතනදි බලාගන්න් පුලුවන්. 
3
ඊලග අපිට තෝරන්න් ලැබෙනවා authentication type එක් හා අපි බාවිතා කරන්නට හිතාගෙන ඉන්න ඊමේල් ගිනුමේ email domain name එක. මං මුලින්ම කිවුවා මේ සර්වර් පරිගනකය domain controller එකක් ලෙස සකසා තියෙන්නත් ඕනේ කියලා. ඉතින් domain controller එකක් ලෙස සකසන අවස්තාවේදී බාවිතා කල නම අපිට මෙහිදී බාවිත කරන්න පුලුවන්. ඒක FQDN එහෙම නැත්නම් Full Qualified Domain Name එකක් වෙන්න ඕනේ. ඊලගට next කරන්න. 4

ඊලග පියවරේදී අපි මේ තෝරපු සියල්ලේම සම්පිණඩනයක් එහෙම නැත්නම් summary එකක් පෙන්නනවා. ඊලගට next කරන්න
5
ඊලග පියවරේදී Mail server එක ස්තාපිත වීම ආරම්භ වෙනවා. 
6
මේ ක්‍රියාවලිය සිදුවෙන අතරමගදී අපිට සිදු වෙනවා සර්වර් මෙහෙයුම් පද්දතිය අඩංගු  CD/DVD එක ලබාදෙන්න එතනදී පහල රූපයේ ආකාරයෙන් CD/DVD  එක ඉල්ලුවේ නැත්නම් ඒ කියන්නේ Mail server ක් ස්තාපිත වීමට ඕනේ කරන පද්දති ගොනු වල අඩුපාඩුවක් නොමැති බවයි.  7

අදාල ගොනු කොපි වීමක් සිදු වෙනවා ඊලගට. 
8
Mail server එක ස්තාපිත වීම අවසන් උනාට පස්සේ අපිට පහල රූපයේ ආකරයෙන් එය  අවසන් බව දක්වනවා. ඊලගට Finish කරන්න 
9
ඉතින් ඉහත පියවරයන් නිසි ආකාරයෙන් අනුගමනයි කලාම අපිට Mail server එක ස්තාපිත කරගන්න පුලුවන්. ඉතින් Mail server එකක් ස්තාපිත වෙනවා කියන්නේ ඊට අදාල පද්දති ගොනු නිවැරදී ආකාරයෙන් වින්‍යාශගත උනා කියන එක. Mail server එකක් ස්තාපිත උන එකෙන් හැගෙන්නේ නෑ අපිට ඊ මේල් යවන්න හෝ ලබගන්න පුලුවන් කියලා.ඇත්තටම මෙතනදී වෙන්නේ ඊමේල් සර්වරයට අදාල සේවාවන් ටික නිවැරදි ආකාරයෙන් වින්‍යාශගත වෙන එකයි. ඊලගට අපිට පුලුවන් අපි ස්තාපනය කරගත්ත සේවාව නිවැරදිව ක්‍රියාත්මක කරවන්න. 

මුලින්ම පහල විදානය බාවිතා කරන්න. 

Start—>run > server.msc 

මේ විදානයෙන් අපිට පුලුවන් අපි ස්තාපිත් කරගත්ත POP3 සේවාව වෙත පිවිසෙන්න. පහල රූපයේ ආකාරයට <ComputerName> එක උඩ ක්ලික් කලාම අනෙක් පසින් දිස්වෙනවා  Server Properties කියන් එක. ඒ ලින්කුව උඩ ක්ලික් කරන්න. 11

මෙතනදී අපේ  Mail Server එකෙ වත්කම් නැත්නම් Properties බලගන්න් පුලුවන්. මෙතන තියන එක එක දේවල් මං පහල ආකාරයට විස්තර කරන්නම්. 12

Authentication Method
මුලින්ම තියෙන්නෙ මේ තෝරාගැනීම. මොකක්ද මේ Authentication කියන්නෙ? ඒ කියන්නේ අපි බාවිතා කරන්නේ මොන මොන සේවාවන්ද කියන් එක සහතික කිරීම යි. මෙතනදී Authentication ආකරයන් කීපයක් පවතිනව.  

Local Windows Accounts
ඔයාලගේ සර්වර් පරිගනකය stand alone නම් (ඒ කියනේ Active Directory domain එකක් සාමාජිකයෙක් නෙමෙයි නම්), ඒ වගේම POP3 සේවාව වෙනුවෙන් user accounts තියනවා නම්, ඉහත දක්වපු Authentication Method එක් භාවිතා කරන එක තමයි වඩාත්ම හොද. මේ Authentication Method බාවිතා කිරීම් තුලින් අපිට පුලුවන් වෙනවා SAM  එහෙම නැත්නම් Security Accounts Manager පහසුකම සියලුම ඊමේල් බාවිතා කරන්නන්හට ලබා දෙන්න. එතනදී පරිගනකයට් ලොග් වෙන්න බාවිතා කරන මුරපද හා
බාවිත නාමයන්ම ඊමේල් ගිණුමටත් බාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

Server Port
ඕනේම සේවාවක් බාවිතා කරන නියමිත පෝට් අගයක් තියනවා. ඉතින් port 110 කියන්නේ POP3 protocol එක් වෙනුවෙන් වෙන් කරලා තියන පෝට් අගය. ඉතින් මෙ අගය වෙනස් කරන්න එප. 

Logging Level
තෝරා ගැනීම් 4 මෙහිදී අපිට ලැබෙනවා. ඉතින් තියන තේරීම වෙනස් කලොත් මතක තියාගන්න POP3 සේවාව restart  කරන්න ඕනේ කියල.   

None  – Nothing is logged.
Low – Only critical events are logged.
Medium – Both critical and warning events are logged.
High – Critical, warning and informational events are logged.

Root Mail Directory
අපි POP3  සේවාව පරිගනකයට ස්තාපිත කල වහාම සර්වර් පරිගනකය තුල මේල් ඩිරෙක්ටරියක් නිර්මානය වෙනවා. ඒකට් අපි කියන්නේ default Mail Directory කියලා.  ඒක සාමන්‍යයෙන් තියෙන්නෙ C: පර්ටිශන් එක. ඔයාලට මෙ පාත් එක මරු කරන්න ඕනේ අනිවර්යයෙන්ම මතක තියගන්න ඒ මාරු කරන පර්ටිශන් එක NTFS ආකාරයෙන් පෝමැට්
කරලා තියෙන්නෙ ඕනේ කියන එක.

SPA
මේ සේවාව ක්‍රියාත්මක කිරීම තුලින් සර්වරය හා ඊමේල් බාවිතා කරන්නා අතර මුර පද සම්බන්දයෙන් එකගතාවයන් ඇති වෙනවා. නිවැරදි මුරපද encrypted ආකාරයෙන් බාවිතා කිරීමේ හැකියාව මෙයින් ලැබෙනවා. 

ඉතින් මේ සියල්ල නිසි ආකාරයෙන් සකස් කිරීමෙන් පසුව අපිට පුලුවන් එක් එක් බාවිතා කරන්නා වෙනුවෙන් ඊමේල් ගිනුම් හදන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. 

පහල රූපයේ පරිදි Add Mailbox උඩ ක්ලික් කරන්න.
13
එතනදී පහල රූපයේ පරිදි Add Mailbox යන්න විවෘත වෙනවා. නමක් හා මුරපදයක් ලබා දී ok කරන්න. 
14
එතනදී පහල රූපයේ ආකාරයෙන් pop-up එකක් මතුවී සර්තකව Mailbox  එක නිර්මාණය උන බව දක්වනවා. ඒවගේම සම්පූර්ණ ඊමේල් ගිණුමේ ලිපිනයත් මෙතනදී බලගන්න පුලුවන්. 

15
ඉතින් අපේ මේල් මැනේජරය තුල මේ ආකාරයෙන් සාදන සියලුම් ඊමේල් ගිණුම් දක්නට ලැබෙනවා රතුපාට කවයේ දැක්වෙන ආකාරයට. 
16
ඉතින් මූලික සැකසුම් අවසන් උනාට පස්සේ අපිට තියනවා තවත් විශේෂ වැඩක් කරන්න. ඒ තමයි SMTP සේවාව නිසි ආකාරයෙන් ක්‍රියාත්මක කරන එක. ඊමේල් නිසි ආකාරයෙන් හුවමරු වෙන්න නම් POP3 සේවාව වගේම SMTP සේවාවත් නිසි ආකාරයෙන් තියෙන්න ඕනේ. SMTP සේවාව සදහා පහල මාර්ගයේ යන්න.
17
මෙතනදී Computer Management එක ඕපන් කරගන්න. ඒලගට Services  and Applications කියන එක විහිදවපුවාම අපිට හම්බෙනවා Internet Information Service කියන එක. එය විහිදවපුවාම SMTP Virtual Server කියන එක ලැබෙනවා. ඊලගට ඒකේ Properties ගන්න 

18
ඉතින් පහල ආකාරයේ properties ඕපන් වෙනාඅ. එතනදී Access ටැබ් එක යටතේ ඇති Authentication කියන එක තෝරාගන්න. 
19
එතනදී පහල රූපයේ පරිදි Anonymous Access සහ Integrated Windows Authentication කියන තෝරාගැනීම් දෙක කරන්න. 
20
ඊලගට Relay කියන බටන් එක ක්ලික් කරන්න.එයින් Only the list below කියන එක තෝරන්න. 
21
ඒ වගේම රතු කවයෙන් දක්වලා තියන කොටසත් තෝරන්න. 

හරි, දැන් බොහොමයක් කටයුතු අවසානයි. අපි බලමු මේ සියල්ල නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියලා 

ඒකට පහල පියවර අනුගමනය කරන්න
Start> Run >p3server.msc

එතනදී අපිට ලැබෙන බොක්ස් එකෙන් Properties ලබාගන්න. ඊලගට Require Secure Password Authentication කියන එක තෝරා OK කරන්න.
22
මෙතනදී Microsoft POP3 Service එක restart කරන්න ද කියලා අහනවා. Yes කියලා දෙන්න 23

හරි, ඔන්න සියලුම් සැකසුම් අවසානයි. ඉතින් කැමති ප්‍රමාණයක් ඊමේල් ගිණුම් හදාගන්න පුලුවන්. ඒ වගේම බාවිතා කරන්නගේ පැත්තෙන් සැකසුම් ටික නිසි ආකාරයෙන් සෑදුවාම ඊ මේල් හුවමරුව සිදුවෙනවා .ඔයාලත් උත්සාහා කරලා (මේ පෝස්ට් එක ලියන්න ඕනේ පිංතූර ටික ගත්තේ http://www.windowsreference.com කියන වෙබ් අඩවියෙන්)


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

4 comments:

Anonymous said...

niyamai.. digatama liyanna.. hodata pahadiliyi.. puluwan nam meke ena practical problems eva solve karaganna akaraya dammanam hodai.. man kiwe client machine waladi..

Admin -Help IT Lanka said...

බොහොම් ස්තුතී ඔබගේ කමෙන්ටුවට. ඉදිරියේදී එ ගැන අලුත් ලිපියක් ලියන්න හිතාගෙන ඉන්නවා.

සේරමදේවල් said...

හරිම වටිනවා සහෝ..
මේක 2008 r2 එකටත් පුළුවන්ද?
නැත්නම් 2003 විතරද?
දිගටම කරගෙන යන්න..
බුදු සරණයි!

Anonymous said...

meka 2008 r2 eken karana hati apata kiya denna puluwanda. exchange server 2010 ganat apita kiya denna.jaya wewa IT admin....!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive