සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 19 September 2012

iPhone 5 vs Samsung Galaxy S3 vs Nokia Lumnia 920

Copy Protected by Copyscape Plagiarism Checker!

හැමදේකටම තරගයක් පවතින අද කාලයේ ජංගම දුරකතනයත් තරගයට මැදි වෙලා කියලා ඔයාලා දන්නවා. ජංගම දුරකතන නිර්මාණය කරන සමාගම් එක එක සමාගම් සිය නවතම නිර්මාණයන් එලි දක්වමින් පවතිනවා. උදාහරණයක් ලෙස පසුගියදා එලි දක්වපු iPhone 5 ජංගම දුරකතනය දක්වන්න පුලුවන්.ඉතින් මේ වෙනකොට සැම්සුන් සමාගමත් නොකියා සමාගමත් මේ දුරකතන තරගයට එක් වෙන්න සූදානමින් ඉන්නවා. ඒ ඔවුන්ගේ නවතම ජංගම් දුරකතනත් සමගයි.

ඇපල් - iPhone 5
සැම්සුන් - Galaxy S3
නොකියා - Lumnia 920


iphone 5 vs samsung galaxy s3 vs nokia lumnia 920
ඉතින් ඉහත දක්වලා තියන ජංගම දුරකතන තුනෙන් ඇපල් අයි පෝන් එක නම් මේ වෙනකොට වෙලදපොලේ ගන්න තියනවා. ඉතිරි ජංගම දුරකතන දෙක ඉතාමත් මෑතකදී ඉදිරිපත් වීමට නියමිතයි.ඉතින් පසුගිය 12 වෙනිදා ලෝකයට ඉදිරිපත් කල iPhone 5 ජංගම දුරකතනය පැය 24 ඇතුලත මිලියන 2 වඩා වැඩි අලෙවියක් වාර්තා කලා. (මූලාශ්‍රය http://www.apple.com/ios/) ඉතින් මේකට හේතුව ඇපල් සමාගම දියත් කල පූර්ව ප්‍රචාරණ වැඩසටහන කියලයි ගොඩක් දෙනා කියන්නේ. මොකද ඇපල් කියන්නේ ඇපල් ම තමයි. 
Nokia Lumnia වින්ඩෝස් පාදක ජංගම දුරකතනයක්. මේක හරියටම වින්ඩෝස් 8 වල දක්නට ලැබෙන මෙට්‍රෝ අතුරු මුහුණතට සමානවම් නිපදවලා තියනවා. ඒ වගේම මුල් වතාවට 8.7 MP ප්‍රමාණයේ කැමරාවක් බාවිතා වෙනවා. 

අපි බලමු මේ ජංගම දුරකතන අතර තියන වෙනස්මක් මොනවද කියලා. 

Apple iPhone 5Samsung Galaxy 3Nokia Lumia 920
මෙහෙයුම් පද්දතිය  iOS 6Android 4.0Windows Phone 8
Display ප්‍රමාණය  4-inch IPS LCD; 1,136×640 pixels, 326 ppi4.8-inch HD Super
AMOLED; 1,280×720 pixels, 306 ppi
4.5-inch AMOLED; 1,280×768 pixels, 332 ppi
මිල $199.99, $299.99, $399.99$199.99-$329.99, dතවම දන්වලා නෑ 
ඉදිරිපත් කරන්නෙ සැප්තැම්බර් 21: සමාගම් AT&T, Sprint, Verizonසමාගම් AT&T, Sprint, T-Mobile, U.S. Cellular, Verizonතවම දන්වලා නෑ 
4G තාක්ශණ සහය  තිබේ තිබේ  තිබේ 
කැමරාව  8-megapixel, 720p front-facing8-megapixel, 1.9-megapixel front-facing8.7-megapixel, 1.2-megapixel front-facing
ප්‍රොසෙසරය Proprietary A6 CPU1.5GHz dual-core Qualcomm Snapdragon S41.5GHz dual-core Qualcomm Snapdragon S4
මතකය 16GB, 32GB, 64GB16GB හෝ 32GB; 2GB RAM32GB; 1GB RAM
මතකය වැඩි කිරීමේ හැකියාව නැත  64GB දක්වා නැත 
බැටරිය හා ආයු කාලය කතා කාලය නොනවත්වා පැය 8 බැටරිය මාරු කල හැකිය බැටරිය මාරු කල හැකිය 
NFC ( Near Field Communication )නැත ඇත ඇත 
බර හා ගණකම අවුන්ස 3.95 , අගල් 0.3අවුන්ස 4.7 , අගල් 0.34අවුන්ස 6.5 , අගල් 0.42
වර්ණය Black, whiteWhite, blue, red (AT&T); Also, globally: black, brown, grayBlack, white, yellow, red, gray

ඉතින් ඔන්න වෙනස්කම් ටික දැම්මා. අලුතින් පෝන් එකක් ගන්න ඉන්න අයත් තියන පෝන් එක මාරු කරන්න හිතාගෙන ඉන්න අයටත් මේ විස්තර හුගක් උපකාර වෙයි කියලා හිතනවා. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive