සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 2 September 2012

Apple SIRI And Android Skyvi

Copyrights Received…!

තාක්ෂණයේ දියුණුවත් එක්ක එක එක ජාතියේ සොයා ගැනීම් දිනෙන් දිනම සිදු වෙනවා. ඉතින් මේ කියන්න යන SIRI කියන තාක්ෂණයත් ඒ වගේ අනාගතයේ බාවිතාවට එන අලුත්ම තාක්ෂණයක්. අපි බලමු මොකද්ද මේ SIRI කියන්නේ කියලා. 


ඔයාලා දන්නවා පරිගනකයට කටහඩ අදුන්වා දීමට බාවිතා වෙන Speech Recognition වර්ගයේ මෘදුකාංගයන් මේ වෙනකොට නිපදවලා තියනවා කියලා. අපි කටහඩින් කියන විදානයන් අනුව පරිගනකය ක්‍රියාත්මක වීමකුයි මෙහිදි සිදු වෙන්නෙ. (ඒ ගැන වැඩිදුර දැන්ගන්න ඕනේ නම් මේ ලින්කුවෙන් බලන්න)  ඉතින් SIRI කියන්නේ ඒ වගෙ කටහඩට සංවේදී වෙන ජංගම දුරකතන වලට බාවිතා වෙන් අලුත්ම පහසුකමක්. මෙයින් බාවිතා කරන්නගේ කටහඩට අනුකූලව ජංගම දුරකතනය හැසිරවීමේ හැකියව ලැබෙනවා. ඉතින් මේ SIRI මෘදුකාංගය ඉස්සරලාම ඉදිරිපත් කලේ ඇපල් සමාගමේ අයි පෝන් වෙනුවෙන්. අද වෙනකොට අනෙකුත් ජංගම දුර්කතන වෙනුවෙනුත් SIRI පහසුකම ලබාගත් හැකි මෘදුකාංගයන් නිර්මානය වෙලා තියනවා. උදාහරනයක් විදියට Android වලට බාවිතා වෙන Skyvi කියන මෘදුකාංගය දක්වන්න පුලුවන්. 



ඉතින් මේ SIRI භාවිතයේදී විශේෂ විදානයන් බාවිතා කරන්න වෙනවා. ඒ වගේම අපේ විදානයන් මදිනම් අපෙ කාර්යය කරදීම සදහා අපෙන් ප්‍රශ්න ඇසීමට තරම් මේ SIRI බුද්ධිමත්. මේ පහසුකම අපහසුවකින් තොරව ලබා දෙන්න dual-core A5 තරමෙ ප්‍රභල ප්‍රොසෙසරයක් හා 3G සහ Wi-Fi කියන පහසුකමුත් බාවිතා වෙනවා. 

මං මෙ පෝස්ට් එක ලියන්න iPhone 4S වර්ගයේ ජංගම දුරකතනයක් උදාහරනයට අරගෙනයි. මුලින්ම අපි SIRI  iPhone එකේ වැඩ කරන ආකාරයට හදා ගමු. එකට Settings > Siri > On  කියන මාර්ගයේ හෝ Settings > General > Siri > On කියන මාර්ගයේ යන්න. ඉතින් අනෙකුත් iPhone වෙලත් මේ ආකාරයෙන්ම අපිට මෙය බාවිතා කරන්න පුලුවන්. ඉලගට මුලින්ම ෆෝන් එකේ Home button එක ඔබන්න. එතනදී කෙටි බීප් නාදයන් දෙකකින් පසු ඔයාලගේ iPhone යෙන් “What can I help you with?” වශයෙන් ප්‍රශ්ණ කරයි. මේ මොහොතේ ඔයාලට මයික්‍රොෆෝන් එකක අයිකනයක් තිරයේ දිස්වේවි. ඒ කියන්නේ SIRI අපිත් සමග සංවාදය පටන් ගන්න සූදානම් කියලා. 


ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ විදානයන් කීපයක් තියනවා. ඒවා කොයි දේටත් පොදු විදානයන්. 

Texting - SMS යවන විටදී SMS එක ටයිප් කිරීමට 

“Text Eranda, I will meet you at the Office”
“Send a text to Eranda “
[මෙතනදී Siri උත්තර දෙනවා 'Ok, I can send a message to Eranda, what would you like it to say?']
ඉන් පසු අපිට පුලුවන් අපිට ඕනේ SMS එක කියන්න.
“Where is my money?”

Weather කාලගුනය ගැන කියද්දි 

“Is it going to rain today”
“What is the weather for this weekend?”

Email එකක් යවන්න නම්

“Email eranda: Looking forward to seeing you this weekend”
“Send an email to eranda”
[ මෙතනදී Siri උත්තර දෙනවා 'Ok, I can send an email to eranda, what would you like it to say?'];
ඉන් පසු අපිට පුලුවන් අපිට ඕනේ e mail එක කියන්න. “Are we still on for tonight?”

Maps/Directions දිශාවක් ස්තානයක් අහනකොට 

“Where is the nearest McDonald’s?”
“How do I get home?”

General Information සාමන්‍යය තොරතුරු විමසීමකදී 

“Where is the nearest ATM?”

Launch an App අපිට ඕනේ ඇප්ලිකේශන් එකක් ඕපන් කරගන්න නම් 

“Open Pandora”

ඉතින් පහල තියන ඇප්ලිකේශන් එක්ක SIRI  විදානයන් බාවිත කරන්න පුලුවන් 


  • Phone
  • FaceTime
  • Music


  • Messages

  • Calendar

  • Reminders

  • Notes

  • Contacts

  • Weather

  • Stocks

  • Web Search




 Wikipedia search

 Wolfram|Alpha(English only)

 Alarms, World Clock and Timer

 Find My Friends






ඉතින් මේ පහසුකම පහල දක්වල තියන භාෂාවන් කීපය එක්ක බාවිත කරන්න පුලුවන්.

  • English (United States, United Kingdom, Australia)
  • French (France)
  • German (Germany)
  • Japanese (Japan)


ඇපල් නොවනම් අනෙක් මෙහෙයුම් පද්දති බාවිතා කරන ජංගම් දුරකතන වලට බාවිත කරන්න පුලුවන් වන්නේ  Skyvi කියන මෘදුකාංගය  

ඉතින් මේක ඔයාලගේ ෆෝන් වලින් බාගත කරගන්න පුලුවන්. පහල වෙබ් අඩවියෙන් වැඩි වස්තර බලගන්නත් පුලුවන්. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

samantha wickramarathne said...

iphone 4 ekath ekka me app eka on wenne nane

Admin -Help IT Lanka said...

Setting wala Genaral eke balanna. on karanna puluwan wenna one.

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive