සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 2 September 2012

Domain Controller Installation - Windows server 2003

Copyrights Received…!

Windows Server 2003 සර්වර් මෙහෙයුම් පද්දතිය ආරක්ශාව, විශ්වාසනීයත්වය, උපයෝගීතාවය වගෙ දේවල් වලින් ප්‍රමුක මෙහෙයුම් පද්ද්තියක්. ඉන් පසු ඉදිරිපත් උන Windows Server 2008  මෙහෙයුම් පද්දතිය මීට වඩා බෙහෙවින් ප්‍රබල මෙහෙයුම් පද්දතියක්. අපි බලමු Windows Server 2003 වලදී වින්ඩෝස් ඩොම්න් කොන්ට්‍රෝලර් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් පහල දැක්වෙන මූලික දේවල් ඕනේ කරනවා 


1. මූලිකවම වින්ඩෝස් සර්වර් මෙහෙයුම් පද්ද්තියක් පරිගනකයට ස්තාපිත කරලා තියෙන්න ඕනේ. 

2. ඊලගට ඒ පරිගනකයට static ip address එකක් ලබාදීලා තියෙන්න ඕනේ. 

3. වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය අඩංගු CD/DVD එකක් 

හරි, දැන් අපි ඩොම්න් කොන්ට්‍රෝලර් එකක් ස්තාපිත කරන්න් පටන් ගමු.  පහල මාර්ගයේ යන්න. 

Start–>All Programs–>Administrative Tools–>Manage Your Server

ඊලගට Add or remove a role කියන ලින්කුවට යන්න 

ඊලගට අපිට ලැබෙනවා මූලික වශයෙන් මේ ක්‍රියාවලිය කිරීමට ඕනේ දේවල්. ඒවා නිසි ආකාරයෙන් තියනවා නම් Next කරන්න. 

ඉන්පසු Server Role කියන් කොටසේදී Domain Controller කියන එක තෝරලා Next කරන්න 

ඊලග කොටසේදී Summary එකක් පෙන්නනවා. Next කරන්න. 

ඊලගට අපිට ලැබෙනවා Active Directory Installation Wizard කියන එක. ඊලගට Next කරන්න. 

ඊලග පියවරේදී compatibility භාවය පිලිබද විස්තරයක් පෙන්නනවා. ඊලගට Next කරන්න. 

ඊලග කොටසේදී අපිට ලැබෙනවා මොන ජාතියේ ඩොමේන් එකක්ද ස්තාපිත කරන්නේ කියන එක තෝරන්න. ඉතින් අපි මේ ස්තාපිත කරන්න යන්නේ අපේ පරිගනක ජාලයේ පලමු ඩොමේන් සර්වරය නම් “Domain Controller for a new domain” කියන එක තෝරලා “Next” කරන්න. දැනටමත් ඩොමේන්  සර්වරයක් තියනවා නම් ඊලග එක එහෙම් නැත්නම් චයිල්ඩ් ඩොමේන් එක ස්තාපිත කිරීමට ඊලග තේරීම කරන්න ඕනේ. 

ඩොමේන් එක අලුත් නම් අපි ඒකට කියන්නේ new forest එකක් කියලා. ඉතින් සබ් ඩොමේන්  නාමයන් ඕනේ තරම් new forest එක ඇතුලේ සබ් ඩොමේන්  නාමයන් ඕනේ තරම් හදාගන්න පුලුවන්. 

ඉතින් ඊලග කොටසේදී අපිට සිදු වෙනවා අපී ඩොමේන් එකට නමක් දෙන්න. ඉතින් මේ උදාහරනයේ මං ඉදිරිපත් කරන්නේ windowsreference.com කියන නාමය. ඔයාලා යම් ආයතනයකට ඩොමේන් එකක් ස්තාපිත කරනවා නම් ආයතනයෙ නම් <ආයතනයේ නම.com> කියන පිලිවෙලට නම බාවිත කරන්න ඕනේ 

මේක .com වෙන්නම් ඕනෙ නෑ ඔයාලට කැමති එකක් බාවිතා කරන්න පුලුවන්. 

ඊලගට අපි NetBIOS name එකක් දෙන්න ඕනේ. ඒකෙදී අපි .com  වගේ කොටස බාවිතා නොකර ඉතුරු කොටස බාවිත කරනවා. 


ඉන් පසු අපිට සිදුවෙනවා අපේ ඩොමේන් කොන්ට්‍රෝලර් එකට අයත් AD database එක පරිගනකයේ ස්තාපිත විය යුත්තේ කොහෙද කියන එක තෝරන්න. සාමාන්‍යයෙන් එය පිහිටන්නේ C:\WINDOWS ඇතුලේ. ඔයාලට ඕනේ නම් එය වෙනස් කරගන්න පුලුවන්. 

ඉන්පසු මෙහෙයුම් පද්දතිය විසින් SYSVOL නමින් පෝල්ඩරයක් නිර්මානය කරනවා.

ඊලග කොටසේදී  “Install and Configure…” කියන කොටස තෝරලා next කරන්න.

ඉන්පසු අපිට permissions ලබාදිය යුතු මෙහෙයුම් පද්දති ගැන දක්වන්න් අවස්තාව දෙනවා. මෙතනදී win 2000 හරි win 2003 server බාවිතා කරනවා නම් දෙවන තේරුම තෝරන්න. 

ඩොමේන් කොන්ට්‍රෝලය හදිසි අවස්තාවකදී restore කරන්න ඕනේ කරන මුරපදය මෙහෙදී ලබාදෙන්න ඕනේ. ඊලගට next කරන්න. 

අපිට summary එකක් දක්වනවා. ඊලගට next කරන්න. 

ඉන්පසු අපේ ඩොමේන් එක ස්තාපිත වීම අරම්බ වෙනවා. අතරමගදී ඕනේ උනොත් Windows Server 2003 CD එක පරිගනකයට ලබාදෙන්න සිදුවේවි. 

ඉතින් ඉහල ක්‍රියාවලිය අවසානයේ සාර්තකව Active directory එක ස්තාපිත උන බව දක්වනවා. ඊලගට Finish කරන්න.

ඉන්පසු “Restart Now” කියන එක තෝරන්න. ඔයාලගේ පරිගනකය reboot වෙයි. 

ඉතින් පරිගනකය reboot වෙලා අවසානයේ අලුතින් ලොග් වෙද්දි පහල් රූපයේ මෙන්  ඩොමේන් කොන්ට්‍රෝලයත් සමගම ලොග් වෙන්න පහසුකම් සලසා දේවි. 

ඔන්න ඊලග පියවරේදී අපිට ඩොමේන් කොන්ට්‍රෝලය පහල රූපයේ දක්නට ලැබෙන ආකාරයට බලාගන්න් පුලුවන්. 

මේ සැකසුම් වලින් පසුව අපිට පුලුවන් අපේ සර්වර් පරිගනකය domain controller එකක් වගේම DNS server එකක් ලෙසත් බාවිතා කරන්න. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

සේරමදේවල් said...

වටිනවා සහෝ..
පට්ටම වටිනවා..
ජය!

Anonymous said...

godak watinawa mewa apita. apita Domain Controller Installation saha DHCP Windows server 2008 eke karana hati kiya denna puluwanda.thank you admin...ජය!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive