සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 6 September 2012

BitLocker and BitLocker To Go

Copyrights Received…!

වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියක් එක්ක අලුත් අලුත් තාක්ශණයන් ගොඩක් එලිදැක්වුනා. ඒවා අතරින් මොහොමයක් වටිනා අලුත් යෙදුමක් තමයි මේ BitLocker කියන්නෙ. BitLocker වලින් අපිට තියන වාසිය මොකද්ද? ප්‍රදාන වාසිය තමයි ඔයාලගේ දත්ත BitLocker බාවිතා කරලා ආරක්ශා කරගෙනීමට හැකිවීම.  පරිගනක දත්ත වල ආරක්ශාව පිලිබදව කතා කරන සියලුදෙනාම වින්ඩෝස් 7 එක්ක පැමිණි මේ BitLocker පහසුකම ගැන වැඩි අවදානයක් යොමු කරන්නේ ඒ නිසයි. මෙතනදි වෙන්නේ හාඩ් ඩිස්කය encrypt වීමක්. ඒ පිලිබදව පසුවට කරුණු දක්වනවා. ඒ වගේම මතක තියගන්න මේ වැඩසටහන බාවිත කරන්න පුලුවන් වන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය බාවිතා වෙන පරිගනක වල හාඩ් ඩිස්කයන් වලට පමනයි. වින්ඩෝස් වලදී BitLocker භාවිත කරලා encryption කරපු හාඩ් එකක් Mac, Linux or Unix මාධ්‍යයන් වලදී encrypt වෙන්න නෑ.


මෙය ආකරයන් දෙකකට බාවිතා වෙනවා.
1. BitLocker - හාඩ් ඩිස්කයන් වල Partition වෙනුවෙන්
2. BitLocker To Go - Pen drive, Removable Medea වෙනුවෙන් 

ඉතින් අපි බලමු BitLocker To Go පහසුකම Pen drive එකකට බාවිතා කරන්නේ කියලා. 

1 පියවර.

පෙන් එක් පරිගනකයට සම්බන්ද කරන්න. ඉතින් මෙකෙ දත්ත තිබුණා කියලා බයවෙන්නෙ එප. කිසිදු හානියක් දත්ත වලට වෙන්න් නෑ. 

MyComp

2. පියවර 

control panel එකේ “System and Security” වලට යන්න. ඒකේ තියනවා “BitLocker Drive Encryption” කියන එක. එතන ක්ලික් කරපුවම පහල රූපයේ වගේ අපි සම්බන්ද කරපු පෙන් එක අදුනා ගැනීමක්  සිදුවෙනවා.  ඊලගට ඒ ලගම ඇති “Turn on BitLocker” කියන එක ක්ලික් කරන්න.

Bitlocker

මෙතනදී BitLocker වැඩසටහන විසින් අපේ පෙන් එකේ size එක වගේම contents එක ඒ කියනේ දැනට පෙන් එකේ තියන දත්ත මොනවද කියන එක පරීක්ශා කරනවා. 

StartBL2Go

3. පියවර 

ඊලග පියවර විදියට අපිට මුර පදයක් බාවිතා කිරීමේ අවස්තාව ලැබෙනවා (Encryption Password).  ඉතින් අපි මුර පදයක් බාවිතා නොකරනව නම් අපිට පුලුවන් smart card එක බාවිතා කරන්නත්. මෙතනදී හොද මුරපදයක් BitLocker බලාපොරොත්තු වෙනවා. එතනදී ඉලක්කම් අකුරු සහ special characters ඒ කියන්නෙ @!%*&# වගේ එවා යොදලා හොද මුරපදයක් හදා ගන්න 

blpw

4. පියවර 

ඊලග පියවරේදී අපි recovery key එකක් හදන්න ඕනේ. ඇයි මෙවගේ එකෙක් වැදගත් වෙන්නෙ? හදිස්සියෙවත් ඔයාලට කලින් දාපු මුරපදය අමත උනොත්? ඒ වගේ වෙලාවකදී අපිට recovery key එක බාවිත කරන්න පුලුවන්. ඉතින් මේ recovery key එක අපිට ඕනේ නම් සුරක්ශිත කරගන්න පුලුවන්. ඒවගේම ප්‍රින්ට් එකක් අරන් කොහෙ හරි තියලා තියන්නත් පුලුවන්. 

recovery key

5. පියවර 

Encrypt කරන්න සූදානම් කියලා කියනවා. “Start Encrypting” කියන එක් ක්ලික් කරන්න 

enc

පහල රූපයෙ මෙන් Encrypt වීම ආරම්බ වෙයි. පෙන් එකේ දාරිතාවය අනුව ගන්න කාලය වෙනස් වෙනවා 

encpro

සාර්තකව අවසන් වුන බව දක්වල පණිවිඩයක් එනවා. 

enccomp

අපිට පුලුවන් control panel එකේ “System and Security” වලදී පෙන් එක් හරියටම BitLocker To Go තත්වයට පත්වෙලාද කියන එක බලාගන්න. පහල රූපයෙ මෙන් පෙන් එකෙ ලකුණ වෙනස් වෙලා දකින්න ලැබෙයි. 

comp

My Computer වලදීත් පහල රූපයෙ මෙන් අයිකොන් එක වෙනස් උන් පෙන් එක දකින්න ලැබේවි. එය විවෘත කරන්න යනකොට ඊලග රූපයේ මෙන් අපෙන් මුරපදය විමසනවා.

nowenc

enterpass

හරි, ඔන්න අපි BitLocker To Go පහසුකම යටතේ පෙන් එක හදාගත්තා. මේක වෙන පරිගණකයක බාවිත කරද්දි මුරපදය විමසනවා වගේම මුරපදය නොමැතිව කිසිදු ආකාරයකින් දත්ත උපස්ත (Backup) කිරීමක් වත් , Recovery කිරීමක් වත් කරන්න බෑ. 

ඊලගට අපි බලමු මේ වගෙ Encrypt  කරපු පෙන් එකකින් BitLocker To Go පහසුකම ඉවත් කරන හැටි

control panel එකේ “System and Security” වලට යන්න. එතන්දී පෙන් එක ආසන්නයෙන්ම Turn Off BitLocker කියන එක් දක්නට ලැබෙයි.ඒක ක්ලික් කරන්න. පහල රූපයේ මෙන්  Turn Off කරන්නද අහනවා. 

Decrypt Drive කියන එක ක්ලික් කරන්න. පහල රූපයේ මෙන් Encrypt  කරපු පෙන් එක Decrypt  වෙන්න පටන් ගනී. 



About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Anonymous said...

Vraiment pertinent cet article. Est-ce que vous êtes sur Facebook ?
J'aimerais vous suivre pour ne pas rater vos prochains articles.


Also visit my homepage broken-faith.net ()

Anonymous said...

Today, I աet to the beaϲh with my kids. I found a sea shesll and gave it too my 4 year old daughter and sad "You can hear the ocean if you put this to your ear." She put the shell to her ear
and screamed. There wаs a hermit crab іnside green coffee
bean and weight loss; ,
itt pinched hег ear. She never ԝants to ǥo back!

LoL I know this iѕ totally off tߋpic but І had to tell
someone!

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive