සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 30 September 2012

Install Windows 7 from Usb Flash Drive Without Any Software

USB එකක් බාවිත කරලා පරිගණක වලට මෙහෙයුම් පද්දති ස්තාපිත කිරීම අලුත්ම ක්‍රමවේදයක්. එහිදී අපි බාවිත කරන්න් බලාපොරොත්තු වෙන USB  එක බූටබල් තත්වයට පත් කරන්න ඕනේ වගේම පරිගණකයේ මවු පුවරුවත් USB  වලින් බූට් වීම සදහා සහය දක්වන්නත් ඕනේ. ඉතින් USB බූටබල් ආකාරයෙන් සැකසීම වෙනුවෙන් නිර්මාණය උන මෘදුකාංගයන් බොහොමයක් අන්තර්ජාලය තුලින් සොයාගන්න පුලුවන්. මේවා බාවිතය තරමක් සංකීරණ බව බාවිතා කල අය දන්නවා ඇති. ඉතින් මේ මෘදුකාංග වලින් කරගන්න පුලුවන් දේ, ඒ කියන්නේ USB  එකක් බූටබල් කිරීම අපි හොදින් දන්නා ඩොස් මෙහෙයුම් පද්දතිය ඇසුරින් කිරීමට ගත් උත්සාහයක් තමයි මේ. 


ඉතින් මේ දේ කිරීමට පහත සදහන් දේවල් උවමනා කරනවා. 

1. වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතිය ඇතුලත් ඩිවීඩී එකක් හෝ අන්තර්ජාලයෙන් බාගත කරගත් .iso ගොනුවක් 

2. 3 GB ප්‍රමාණයේ හෝ ඊට වඩා වැඩි වන USB එකක් 

මුලින්ම ඩොස් මෙහෙයුම් පද්දතියට පිවිසෙන්න. Start > Run > CMD ඉන්පසු USB එක පරිගණකයට සම්බන්ද කරන්න. විදානයන් කීපයක් බාවිතා කිරීමෙන් අපිට මෙය නිවැරදිව කරගන්න පුලුවන්. අපි මෙතනදී මුලින්ම  බාවිත කරන්නේ diskpart කියන ඩොස් විදානය මේ විදානය ඩොස් වලට ලබා දුන් පසුව වෙනත් වින්ඩෝ එකක diskpart ලෙසින් විවෘත වෙවි. 

 

diskpart විදානයට පිවිසුන පසු පහල රූපයේ ආකාරයෙන් දක්නට ලැබෙයි. 

ඉන් පසුව අපි අපේ USB එක අදුනාගැනීමක් කරන්න් ඕනේ. ඒ කියන්නේ පාර්ටිශන් අංකය. අපි list disk කියන විදානය බාවිත කරමු. 

ඉහත රූපය බලන්න. මගේ උදාහරණයෙ මං බාවිත කරන USB එක Disk 3 ලෙසයි අදුනා ගන්නේ. ඊලගට අපි මේ පාර්ටිශන් එක තෝරාගමු. select disk 3 කියන විදානය ලබාදෙන්න. 3 කියන එක ඔයාලට ලැබෙන අගය අනුව වෙනස් වෙනවා. 

දැන් අපි පාර්ටිශන් එක තෝරගෙන් ඉවරයි. මින් පසු කරන සියලු වෙනස් කම් මෙ පාර්ටිශන් එකටයි එකතු වෙන්නේ .ඊලගට අපි මේ පාර්ටිශන් එක clean කරගන්න් ඕනේ. විදානය clean. පහල රූපය බලන්න. 

ඉන්පසු මෙය බූටබල් වෙන්න නම් partition primary එකක් ආකාරයෙන් තියෙන්නෙ ඕනේ. විදානය create partition primary

ඉන පසු මේ හදාගත් පාර්ටිශන් කොටස තෝරාගන්න ඕනේ. විදානය select partition 1

ඉන් පසුව මෙය ඇක්ටිව් තත්වයට පත් කරන්න ඕනේ. විදානය active

ඉන් පසුව මෙය NTFS ආකාරයෙන් පෝමැට් කරගන්න වෙනවා.  විදානය format fs=ntfs

ඉන් පසුව මේ බූටබල්  USB එකට ඩ්‍රයිව් ලෙටර් එකක් ලබාදෙන්න ඕනේ. විදානය assign

ඉන්පසුව exit විදානය බාවිතා කර diskpart  වැඩසටහනින් ඉවත් වන්න. ඉතින් මේ වෙනකොට අපේ USB එක බූටබල් වෙලා අවසානයි. දැන් ඔයාලට හැකියාව තියනවා ඕනේම වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් මේ හරහා ස්තාපිත කරගන්න. ඉතින් ඔයාලා ලග තියන වින්ඩෝස් 7 ඩිවීඩී එකේ තියන ඔක්කොම ගොනු ටික මේ USB එකට කොපි කරගන්න. ඊලගට USB එකෙන් වින්ඩෝස් දාන්න ඕනේ පරිගණකයේ BIOS වලට යන්න. USB වලින් බූට් වෙන්න් හදන්න. ඊලගට  පෙන් එක් පරිගණකයට සම්බන්ද කරලා USB එකෙන් බූට් කරන්න. කිසිම මෘදුකාංගයක් නැතුව ඔන්න අපි USB එකෙන් වින්ඩෝස් දැම්මා... ඔයාලත් උත්සාහා කරලා බලන්න. අඩුපඩු තියනවා නම් කොමෙන්ටුවක් දාන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

Sampath said...

niyamai... mamath karagaththa

VESAK said...

wade niyameta kara gaththa.kohomada pen eka thibunu thathweta ganne?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive