සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 5 September 2012

Play Snake Game In YouTube Video

Copyrights Received…!

YouTube කියන්නෙ ලෝකයේ තියන විශාලතම වීඩියෝ එකතුව සහිත වෙබ් අඩවිය. ඉතින් මේ වෙබ් අඩවිය බාවිතා කරලා ලෝකයේ බොහෝ දෙනා තමන්ට ඕනේ කරන වීඩියෝ බලනවා. බාගන්නවා. තමන් ලග තියන් දුර්ලභ ඒ වගේම් වටිනා වීඩියෝ මෙ වෙබ් අඩවියට එකතු කරනවා. ඉතින් ඔයාලා දන්නවනේ සමහර වීඩියේ බලන්න ගියාම ලෝඩ් වෙනකන් බලාන ඉන්න ඕනේ කියලා. ඒකට හේතුව අපිට තියන අන්තර්ජාල පහසුකම මදවේග නිසා.


ඉතින් වීඩියෝ එක ලෝඩ් වෙනකන් කාලය කන්නේ නැතුව අපි පොඩි ගේම් එක ගහමු. නොකියා පෝන් වලට අදුන්වල දුන්නා Snake ගේම් එක YouTube වෙබ් අඩවියේ ඕනේම වීඩියෝ එකක් තුලම සැගවිලා තියනවා කියලා ඔයාලා දන්නවද? 

පහල පියවර අනුගමනය කලාම අපිට මේ වැඩේ කරගන්න පුලුවන්. 

1. මුලින්ම YouTube වෙබ් අඩවියට යන්න. ඔයාලා කැමති වීඩියෝ එකක් ඕපන් කරගන්න. වීඩියෝ එක ලෝඩ් වෙන් මුල් තප්පර කීපයේ ඔයාලා දකිනව ලෝඩ් වෙන අයිකොන් එක. 


2.ඉතින් එක් වරක් play Button එක ක්ලික් කලාම මේ වීඩියෝ එක streaming වෙන්න එහෙම නැත්නම් ලෝඩ් වෙන්න පටන් ගන්නවා. ඊලගට ඒ සැනින් pause කරන්න.

3. ඊලගට Left arrow key එක ඔබන්න.

4. Left arrow key එක ඔබනකොටම Snake ගේම් එක පටන්ගන්නවා. ඔයාලට තියෙන්නේ arrow key බාවිතා කරලා ගේම් එක සෙල්ලන් කරන්න. 

ඉතින් වීඩියෝ එක ලෝඩ් වෙන අතරතුර වගේම එය නරබන අතරත් මේ ගේම් එක සෙල්ලන් කරන්න පුලුවන්. වැඩි සතුටක් ලබන්න නම් වීඩියෝ එක Full Screen ආකාරයෙන් තබාගෙන සෙල්ලන් කරන්න.


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive