සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Friday 21 September 2012

Access Multiple Facebook Accounts Simultaneously

Copy Protected by Copyscape Plagiarism Checker!

බොහොමයක් දෙනාට තියන ගැටලුවක් තමයි කොහොමද එකම මොහොතේ පේස්බුක් ගිණුම් කීපයකට ලොග් වෙන්නෙ කියන එක. බොහොමයක් බ්‍රවුසර් එක වරකට එක ගිණුමට ලොග් වෙන්නයි සහය දක්වන්නේ. වෙන එකකට ලොග් වෙනවා නම් ලොග් අවුට් වෙල ලොග් වෙන්න ඕනේ. ඉතින් ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය මෙයට විසදුමක් ඉදිරිපත් කරලා තියනවා. අපි බලමු සරල පියවර කීපයකින් මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා

මේකට කියන්නෙ fbQuickLogin කියලයි. මේක ගූගල් ක්‍රෝම් බ්‍රවුසරයට එන ප්ලගින් එකක් විදියටයි ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාල මුලින්ම ක්‍රෝම් බ්‍රවුසරයට පිවිසිලා ඉන් පසු පහල ලින්කුව ක්ලික් කරන්න. 


https://chrome.google.com/webstore/detail/ihpcdjelcodenkpfkbaficnkgkmljjbf

එතනදී අලුත් පිටුවක ගූගල් ප්ලගින්ස් එක විවෘත වෙනවා. එතනදී Add to Chrome කියන එක් ක්ලික් කරන්න 


ඉතින් මේ ප්ලගින් එක ගූගල් වලට එක් කරගත්තට පස්සෙ පහල රූපයේ මෙන් පේස්බුක් ලකුන සහිත් අලුත් අයිකනයක් එකතු වෙනවා. 

ඉතින් මේ අයිකනය උඩ ක්ලික් කලාම පහලට එන මෙනුවේ තියනව මොන මොන පේස්බුක් ගිණුම්ද එකතු කරන්න් ඕනේ කියලා. ඒකට යන්න “here” කියන් තැන ක්ලික් කරන්න.


ඊලගට නම, ඊමේල් ගිණුම, මුරපදය (ඒ කියන්නේ ලොග් වෙන්න ඕනේ පේස්බුක් ගිණුම් වල) ලබාදෙන්න. ඊලගට සේවු කරන්න.

ඉතින් මූලික සැකසුම් අවසන් උනට පස්සෙ අපි කලින් දැක්ක පේස්බුක් අයිකනය පහල රූපයේ ආකාරයෙන් පෙනෙයි. එතනදී මොන මොන ගිණුම්ද ඕපන් කරන්න ඕනේ කියලා ටික් කලාම අලුත් ගූගල් ක්‍රෝම් ටැබ් වල ඒ සියලුම් ගිණුම් ලොග් වෙලා ඕපන් වෙනවා. 100 උනත්..! නියමයි නේද? 

ඉතින් මේ ප්ලගින් එක හුගක් කාලය ඉතුරු කරනවා. මොකද එකකින් ලොග් ඕෆ් වෙලා අනිකට ලොග් වෙන්න යන කාලය පවා අපිට වටිනවා නේද? එහෙනම් ඔයාලත් උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive