සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Tuesday 11 September 2012

Overclocking

Copy Protected by Copyscape Plagiarism Checker!

මොකද්ද මේ Overclocking කියන්නෙ? පරිගණකයක් සම්මත තත්වයන් යටතේ ක්‍රියාත්මක වෙන වේගයක් තියනවා කියලා ඔයාලා දන්නවා. යම් යම් භාහිර සාධක නිසා ඒ නිශ්චිත වේගය අඩාල වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට අධික උණුසුම වගේ දෙයක් නිසා පරිගණකයේ වේගය අඩාල වෙන්න පුලුවන්. පරිගණකයක වේගය රදා පවතින්නේ මොන මොන අභ්‍යන්තර සාධක මතද?එක සාධකයක් තමයි පරිගණකයේ තාවකාලික මතකය. තවත් සාධකයක් තමයි පරිගණකයේ ප්‍රධාන සකසනයේ (processor) වේගය. ඉතින් Overclocking කිරීමකදී වෙන්නේ මේ සාධක වල සම්මත තත්වයන් වෙනස් කිරීමයි. එතනදී බොහෝවිට පරිගනකයේ බයෝස් වැඩසටහන හරහා මේවා යාවත්කාලීන කිරීමක් සිදු වෙනවා

ඉතින් අඩු වේගයක් සහිත පරිගණකයකින් වැඩි වේගයක් ලබා ගැනීම සදහා අපිට මේ Overclocking කියන ක්‍රියාකාරකම කරන්න පුලුවන්. පහලින් දක්වලා තියනවා පියවරින් පියවර මෙය සිදුකරන ආකාරය. ඉතින් පොඩි අවවාදයක් දෙන්න ඕනේ. Overclocking වලදී අපි කෙලින්ම බලපෑම් කරන්නේ පරිගණකයේ හදවත බදු processor එකට. ඒ වගේම මවුපුවරුවේ යම් යම් තාක්ශණික වෙනස් කම් වලට. ඉතින් පරිගණක් දෘඩාංග සම්බන්දයෙන් සැලකිය යුතු දැනුමක් නැත්නම් කරුණාකර මේ ක්‍රියාකාරකම් කිරීමෙන් වලකින්න. එයින් ඔබේ පරිගණකයේ වටිනා කොටස් වලට හානි වෙන්න පුලුවන්. නිවැරදිව කලොත් කිසිම හානියකින් තොරව Overclocking කරන්න පුලුවන්.

 පියවර අංක 1 - නිවැරදි දෘඩාංග හදුනා ගැනීම  

අපි කලිනුත් කිවුවා පරිගණකයේ Overclocking කිරීමට බාවිතා වෙන්නෙ මොන් මොන දෘඩාංගයන්ද කියන එක. ඉතින් ඔයාලට ඒ ඒ දෘඩාංග කොටස් පිලිබදව හොද අවබෝදයක් තියෙන්නෙ ඕනේ. ඔයාලගේ පරිගණකයේ මවුපුවරුව අදාල පොත එහෙම හොයගත්තට කමක් නෑ. ඉතින් මේ පොතේ කොහේ හරි ඇති මවුපුවරුව Overclocking වලට සහය දක්වනවද නැද්ද දක්වනවා නම් කොයි කොයි ආකාරයෙන්ද කියන විස්තරයන්. ඉතින් මෙ ටික හොදින් කියවන්න.  ඊලගට සකසනය. මං දන්න තරමින් දැනට තියන ඕනේම සකසනයක් Overclocking වලට සහය දක්වනවා. සාමනයෙන් සකසනයක් නිශ්පාදිත තත්වයෙන්ම අඩු වේගයන්ගෙන් වැඩ කරන්නයි නිර්මාණය කරන්නේ. ඒ කියන්නෙ අපිට ලැබෙන ගිගාහර්ට්ස් වේගයට වඩා වැඩි වේගයක් මේ සකසනය තුල පවතිනවා කියන එකයි.  අවසානයේ තාවකාලික මතකය. බොහොමයක් මතකපත් Overclocking වලට සහය දක්වනවා. ඒ උනත් ඔයාලා හොදින් බලන්න මවුපුවරුවේ ඒ බව සටහන් වෙනවද කියලා. මතකය සහය දැක්වුවට මවුපුවරුව සහය නොදක්වනවා නම් අපි Overclocking කිරීමෙන් වැඩක් වෙන්නේ නෑනේ.

පියවර අංක 2 - සකසනයේ දැනට පවතින ක්‍රියාකාරීත්වය 

සකසනයට අයත් කොටස් කීපයක්ම පවතිනවා. පලමු කොටස හීට් සින්ක් එක. ඊලගට හීට් සින්ක් එක හා සකසනය අතරට යොදන ගම් එක. ඊලගට ෆෑන් එක. ඒ එක්කම සකසනය. මෙ කොටස් හතරම නිසි ආකාරයෙන් තිබුනොත් තමයි සකසනයෙන් ලබාදෙන නිවැරදි වේගය ලබාගන්න පුලුවන් වෙන්නේ. ඉතින් අපි Overclocking  කිරීමේදී මේ සකසනයේ සම්මත් වේගයටත් වඩා වැඩි වේගයක් බලාපොරොත්තු වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය වන්නේ සකසනය වෙනදාටත් වඩා අධික ලෙස රත් වීම. ඉතින් Overclocking  කරන්න යනවා නම් අපි බලන්න ඕනේ අපේ හීට් සින්ක් එක හා ෆෑන් එක Overclocking  කිරීමෙන් පසු සකසනයෙන් පිට කරන් තාපය උරා ගැනීමට තරම් ප්‍රමාණවත්ද කියන එක. එහෙම නොවෙන අවස්තාවකදී නම් අපිට හීට් සින්ක් එක හා ෆෑන් එක මාරු කරන්න වෙනවා. සාමානයෙන් පරිගණකයක ක්‍රියාකාරී උශ්ණත්වය 30-65 අතර පවතිනවා. ඉතින් සාමනයෙන් බාවිතා වෙන හීට් සින්ක් එකක් මේ උණුසුම දරා ගැනීමට් ප්‍රමාණවත් උනත් Overclocking  වලින් පසු පිට වෙන 85 පමණ උණුසුම් දරාගන්න ප්‍රමාණවත් වෙන්නේ නෑ. ඒ නිසා අපිට අලුත් හීට් සින්ක් එකකට යන්න වෙනවා


Thermalright Ultra-120 eXtreme

Thermalright's Ultra-120 eXtreme

පියවර අංක 3 - සකසනය Overclocking කිරීමට පෙර 

පරිගණකයේ බයෝස් වැඩසටහන වෙත යොමු වෙන්න. මං හිතන්නේ ඔයාලා බයෝස් ගැන මේ වෙනකොට හොද අවබෝදෙකින් ඉන්නේ. මං කලින් පෝස්ට් එකක ඒ ගැන විස්තර කලා. නොබලපු අය මෙතනින් ඒක බලලම ඉන්න. ඉතින් අපිට මේ බයෝස් වැඩසටහන තුලදී දක්නට ලැබෙනවා CPU Ratio කියන කොටස. ඒ කොටසින් පසුව තියන සැකසුම් වෙනස් කිරීමයි අපි කරන්න යන්නේ. ඊට කලින් අපි බලමු සකසනයේ වේගය කොහොමද පවතින්නේ කියලා

අපි දන්නවා වේගය මනින්නේ ගිගාහර්ට්ස් වලින්. සාමනයෙන් සකසන වල වේගයන් 1.6 සිට 3.0 දක්වා ප්‍රමාණ වලින් අද වෙනකොට පවතිනවා. (මීට අඩු වේගයින් පැවතුනා. දැන් ඒවා බාවිතයේ නැති හින්දයි මේ ප්‍රමාණය දක්වන්නේ) ඉතින් මේ වේගය කියන්නේ මොකක්ද? "මවුපුවරුව හා මවුපුවරුවට සම්බන්ද මතකපත් මෙන්ම වෙනත් කාඩ් පත් සමග වැඩකල හැකි ඝටිකා වේගය" ඔයාලට දල අදහසක් එන්න ඇති නේද? හරි. අපි ඒකට කියනව system-clock speed එක කියලා. මේක මනින්නෙ කොහොමද? උදාහරණයක් ගමු.


අපේ පරිගණකයේ සකසනය Core 2 Duo chip සමග 1,066MHz බස් වේගයක් සහිතයි කියලා හිතමු. මේ සකසනයේ ඝටිකා වේගය එහෙම් නැත්නම් clock speed එක වෙන්නේ  266MHz ප්‍රමාණයක්

හරි, අපි එහෙනම් දැන් Overclocking  කිරීම් පටන් ගමු. බයෝස් වල ඇති Advanced Chipset Features" හරි "Chipset Configuration." කියන එකට යන්න. එක් එක් මවුපුවරු නිශ්පාදකය එක එක නම් බාවිත කරනවා. ඉතින් මේ වචන නැතත් මීට සමාන අදහසක් දෙන වචන කීපයක් තියෙන්නෙ පුලුවන්. ඊලගට අපිට දකින්න ලැබෙයි FSB Frequency කියන එක. ඉතින් මෙතනදී අපිට පුලුවන් සකසනයේ ඝටිකා වේගය වැඩි කරගන්න. ඒ වෙනස් කම රදා පවතින්නේ මවුපුවරුව සහය දක්වන ප්‍රමාණයටයි. ඉතින් තියන ඝටිකා වේගය වගේ සියයට 5 වැඩි කිරීම තමයි සම්මත ක්‍රමය.

පහල රූපයේ බලන්න,
සම්මත මට්ටමේදී 2GHz වේගයක් ලබා දුන්න සකසනයේ ඝටිකා වේගය 200MHz. මේ අගය 225MHz දක්වා වැඩි කරපුවාම සකසනයේ වේගය 2.25GHz දක්වා වැඩිවෙනවා.



පියවර අංක 4 - තාවකාලික මතකය Overclocking  කිරීම 

මෙතනදී තාවකාලික මතකයේ සැකසුම් ලබාදීමේ වේගය වෙනස් කිරීමක් සිදු වෙනවා. දැනට බාවිත කරන වේගය පෙන්නුම් කරන අතරම අපිට බාවිත කලහැකි උපරිම වේගය ලබාදෙන්න් පුලුවන්. උදාහරණයක් ලෙස DDR3 1,333MHz සකසන වේගයක් සහිත මතක පතක්,1,450MHz සකසන වේගයක් බවට පත් කරන්න පුලුවන්.

Newer motherboards typically let you directly set memory speed.

ඉතින් මේ සැකසුම් අවසානයේදී පරිගණකය රීස්ටාට් කරන්න. සමහර අවස්තා වලදී එක් එක් දෝශ පණිවිඩයන් දෙන්න පුලුවන්. ඒ වගේ වෙලාවල් වලදී නැවතත් බයෝස් වැඩසටහනට ගොස් අපි ලබා දුන් අගයන් වලට වඩා අඩු අගයන් ලබාදීමෙන් මේ ගැටලුකාරී තත්වයන්ගෙන් ගැලවෙන්න පුලුවන්. ඉතින් සමහර මවු පුවරු, උදාහරණයක් විදියට Asus වගේ මවු පුවරු අපි මේ කල සැකසුම් වල දෝෂ පවතිනවා නම් ඒ සැකසුම් බාර නොගෙන default තත්වයෙන් පරිගණකය ක්‍රියාත්මක කරනවා. එහෙමත් පරිගණකය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් CMOS බැටරිය ගලවලා CMOS මතකය පිරිසිදු කිරීමෙන් යලිත් පුරුදු පරිදි පරිගණකය ක්‍රියාත්මක කරගන්න පුලුවන්.

ඉතින් බයෝස් වලින් මේ දේ කරගන්න තරම් තේරුමක් නැති අයට Overclocking  කිරීමට බාවිත කරන්න පුලුවන් සරල මෘදුකාංගයන් තියනවා. උදාහරණ විදියට පහල මෘදුකාංගයන් දක්වන්න පුලුවන්. ඉතින් අවබෝධයෙන් බාවිතා කරලා අඩු වේගයෙන් දුවන ඔයාලගේ  පරිගණකය වේගවත් කරගන්න් උත්සාහා කරන්න.

Essential Overclocking Software Kit
ClockGen 1.0.5.3


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

7 comments:

Anonymous said...

thanks niyama post eka..

Anonymous said...

Aw, this was an exceptionally good post. Finding the time and actual effort
to produce a superb article… but what can I say… I put things off a whole lot and never manage to get anything done.



Feel free to visit my web-site: En.netlog.Com

Anonymous said...

Great article, just what I was looking for.


Here is my webpage Unknown

Anonymous said...

I am regular reader, how are you everybody? This piece of
writing posted at this site is really nice.

My web blog ... http://www.Diaperrashhomeremedies.Com/

Anonymous said...

Thanks to my father who stated to me about
this web site, this web site is in fact amazing.


Visit my webpage :: Unknown

Anonymous said...

Thanks for sharing your thoughts about dry scalp treatment.
Regards

Stop by my web-site Unknown

Anonymous said...

Way cool! Some very valid points! I appreciate you writing this article and the rest of the
website is very good.

Stop by my web page ... Www.Xfire.com

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive