සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 23 September 2012

Natural Reader - Test to Speech

අපි කියන දෙයක් පරිගණකය විසින් අදුනාගෙන එය අපිට ටයිප් කරලා දෙන තාක්ශණයට පොදුවේ කියන්නේ Voice Recognition කියලා. එ වගේම අපි ටයිප් කරලා තියන දෙයක් කියවා ගන්න ඕනේ උනොත්? අපිට ඊ බුක් එකක් දිහා බලගෙන කියවන්න කම්මැලි හිතුනොත්, මෙන්න ඒකට විසදුමක් තියනවා. ඒ තමයි NaturalReader මෘදුකාංගය. මෙහි නොමිලේ ලබාදෙන සංස්කරණයක් පහල වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්. 


http://www.naturalreaders.com/

ඉතින් මෙය පරිගණකයේ ස්තාපිත කරන්න නම් පහල දේවල් ඔයාලගේ පරිගණකයේ තියෙන්න ඕනේ.

මෙහෙයුම් පද්දතිය : windows XP/Vista/Win7
සකසනය : 800Mhz වඩා වැඩි
තාවකාලික මතකය : 256 MB වඩා වැඩි
දෘඩ තැටියේ හිස් ඉඩ : 50MB


මේ මෘදුකාංගය මගින් පහල දක්වලා තියන පහසුකම් ලබාගන්න පුලුවන්

Text-to-speech
මේ පහසුකම් යටතේ ඕනේම වචනයක් එය කියවෙන් කටහඩින් අහන්න පුලුවන් ඒ වගේම ඊමේල්, Microsoft Word වල, වෙබ් අඩවි වල, PDF ගොනුවල පවා තියන වචන කියවන්න මෙයට හැකියාව තියනවා

Floating bar
මේ පහසුකම යටතේ අපි අන්තර්ජාලයට සම්බන්ද වෙල ඉන්න අවස්තාවකදී ඕනෑම වෙබ් අඩවියක ඇති දේවල් කටහඩින් අහගන්න් පුලුවන්

One-Click technology
යම් වචන කොටසක් කොපි කර මෘදුකාංගයට ලබාදීම වගේම එසේ නොකර Hot Key බාවිතයෙනුත් මේ මෘදුකාංගය ක්‍රියාත්මක කරවා ගන්න පුලුවන්. 

මුලින්ම ඉහල වෙබ් අඩවියට යන්න. එතනදී අපිට මෙය බාගත කරගන්න ඕනේ කිනම් වර්ගයෙ මෙහෙයුම් පද්දතියක් වෙනුවෙන්ද කියන එක අහනවා. ඒ කියන්නේ වින්ඩෝස් ද ලිනක්ස් ද කියන එක. ඔයාලගේ මෙහෙයුම් පද්දතියට අනුව බාගත් කරගන්න 

 සරල පියව කීපයකින් මේ මෘදුකාංගය පරිගණකයට ස්තාපිත් කරගන්න පුලුවන්. 

 මේ තියෙන්නේ මෘදුකාංගය ප්‍රදාන මුහුණත. 

 ඉතින් මෙහි ඇති සුදුපාට කොටසේ අපිට ඕනේ නම් ටයිප් කරන්න පුලුවන්. නැත්නම් වෙන කොහෙන් හරි ටෙස්ට් එකක් කොපි කරලා මෙතෙන්ට පේස්ට් කරන්න පුලුවන්. ඊලගට රතුපාටින් දක්වලා තියන කොටස ක්ලික් කලාම අපි ලබා දුන්න ටෙස්ට් කොටස කියවනවා. 

 ඒ වගේම් මෙහි ඇති සෙටිංග්ස් වලිනුත් ගොඩක් වෙනස්කම් කරගන්න පුලුවන්. 

 හුගක්ම් වටිනා යෙදවුම තමයි අපි මේ අහන වචන ටික mp3 ගොනුවක් ලෙසින් පරිගණකයේ   සුරක්ශිත කරන්න හැකි වීම. හිතන්න පිටු ගොඩක් තියන ඊ බුක් එක් කියවන්න අපහසු නම් මේ මෘදුකාංගය හරහා mp3  එකක් කරගෙන අහන්න පුලුවන්. 

ඉතින් ඔයාලත් උත්සාහා කරලා බලන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive