සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 16 September 2012

Android + Teamviewer

අද වෙනකොට තියන ජන්ප්‍රියම මොබයිල් මෙහෙයිම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. ඉතින් මේ මෙහෙයිම් පද්දතියත් එක්ක ගණුදෙනු කිරීම හරිම පහසු බව ඒක බාවිත කරන ඔයාල කවුරුත් දන්නවා. ඉතින් අද වෙන් කොට මේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්දතිය සමග පරිගණක වල භාවිතා වෙන යම් යම් මෘදුකාංගයන් සම්බන්ධ කිරීම් මේ දින වල සීඝ්‍රයෙන් සිදුවෙමින් පවතිනවා. අනිත් මෘදුකාංග කෙසේ වෙතත් මේ කියන්න  යන්නේ ටීම්විවර් මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සමග එකතු වීම ගැන. 

ඔයාලා කවුරුත් දන්නවා ටීම්විවර්  කියන්නේ දුර්ස්ත පරිගණක හැසිරවීමේ වෙනුවෙන් භාවිතා වෙන හොදම මෘදුකාංගයක් කියලා. (Remote Desktop Management) ඉතින් මේ හරහා ලෝකයේ කොහෙ තියන් පරිගණකයක් උනත් අපිට අපේ පරිගණකයෙ සිට පාලනය කරන්න පුලුවන්. බොහොමයක් දේෂ සමනය කිරීමට එහෙම නැත්නම් Help Desk වෙනුවෙන් නිර්මාණය උන මේ මෘදුකාංගය සල්ලි දිල ගන්න පුලුවන් වගේම නොමිලේ බාගත කරගන්න පුලුවන් සංකරණයකිනුත් යුක්තයි 

ඉතින්, මේ පහසුකම සහිතව ටීම්විවර්  මෘදුකාංගය අපිට ඇන්ඩ්‍රොයිඩ් පෝන් එකක් වෙනුවෙන් බාවිත කරන්න පුලුවන් කම තියනවා. එ කියන්නේ අපෙ පරිගණකය අපේ ස්මාට් පෝන් එක හරහා හැසිරවීමේ අවස්තාව ඔන්න උදා වෙලා 

ඉතින් Teamviwer මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සමග ක්‍රියාකරන්න නම් android 2.3.3 කියන් සංස්කරණය හෝ ඊට වඩා වැඩි සංස්කරණයක් ඔයාලගෙ ස්මාට් පෝන් එකේ තියෙන්න් ඕනේ. ඒ වගේම original Samsung firmware එකත් එක්ක විතරයි මේක හොදටම වැඩ කරන්නේ.ඉතින් මේ මෘදුකාංගට Google play store වලින් බාගත් කරගන්න පුලුවන්. වැඩි විස්තර වෙනුවෙන් පහල ලින්කුව බලන්න. 

https://play.google.com/store/apps/details?id=com.teamviewer.quicksupport.market.samsung 


 

පහල වීඩියෝවෙන් වැඩි විස්තර බලගන්න පුලුවන්. ඔයාලත් උත්සහ කරලා බලන්න. සුභ දවසක්...! 

 

Share:

3 comments:

samantha said...

Eranda aiya.. niyamai. api test kala.elatama wada..

Amila sampath vijedasa said...

aiye niyama baande..thanks.. man ape aiyage lap eka mage 4n ekata gatta.. niyamai

Admin - HelpITLanka said...

ela ela...test kala mamath. 100% wada

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive