සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 16 September 2012

Backtrack 5 Installation

Copy Protected by Copyscape Plagiarism Checker!

එක එක කාලයට එක් එක් මෙහෙයුම් පද්දති ලෝකයට ඉදිරිපත් උනා. Backtrack කියන්නෙත් ඒ වගේ අලුතින් ඉදිරිපත් උන මෙහෙයුම් පද්දතියක්. සාම්ප්‍රදායික මෙහෙයුම් පද්දතියකට වඩා මේක වෙනස්කම් බොහොමයක් පවතිනවා. එකක් තමයි මේක සම්පූර්ණයෙන්ම නිර්මාණය වන්නේ ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දතියක් ලෙසින්. ඒ වගේම සාමන්‍යය පුද්ගල බාවිතයට වඩා මේ මෙහෙයුම් පද්දතිය ඉලක්ක වනේ යම් යම් පරීක්ශණයන් වෙනුවෙන්. ඒ කියන්නේ මෘදුකාංග වල පරීක්ශණයන් වලට වගෙ. ඒ වගේම ලිනක්ස් වලින් සන්නද්ද නිසා මෙය ආරක්ශාව අතිනුත් ඉතාමත් ඉදිරියෙන් ඉන්න මෙහෙයුම් පද්දතියක් වෙලා. ඉතින් නොමිලේ ලාබාදෙන මේ Backtrack වල 5 වෙනි සංස්කරණය අපිට බාගත කර ගන්න පුලුවන්. 


ඉතින් Backtrack අපිට Full Installation එකක් විදියටත් උප මෙහෙයුම් පද්දතියක් ලෙසත් බාවිතා කරන්න පුලුවන්. මං මෙතනදි බාවිත කරන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියත් සමග vmware කියන තෙවන පාර්ශවීය මෘදුකාංගය භාවිතයෙන් Backtrack ස්තාපිත කිරීම. මං හිතන්නේ ඔයාල හැමෝම vmware කියන මෘදුකාංගය ගැන දන්නව කියලා. vmware කියන්නේ පරිගණකයක් තුල තවත් පරිගණකයක් (Virtual Machine) නිර්මාණය කිරීමට අවස්තාව දෙන මෘදුකාංගයක්. ඒ තුලින් එක මෙහෙයුම් පද්දතියක් තුල සිට තවත් මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙවෙනි මෘදුකාංගයන් බොහෝගනනක් තියනවා. උදාහරණ විදියට Microsoft Virtual PC, vmware, QEMU, VirtualBox , Oracle Box දක්වන්න පුලුවන්. 

හොදයි එහෙනම් අපි බලමු vmware  හරහා Backtrack  ස්තාපිත කරන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට සිදුවෙනවා Backtrack  බාගත කරගන්න. පහල ලින්කුවෙන් බාගත් කරගන්න පුලුවන්. 


මේ විස්තර ටික පුරවලා බාගත කරගන්න. අපිට ලැබෙන්නේ .iso ආකාරයේ ගොනුවක්. ඊලගට අපි vmware විවෘත කරගනිමු 

පහල රූපයේ මෙන් අපිට vmware විවෘත වෙනවා. අපි Create a new virtual machine කියන මාර්ගය භාවිත කරමු. ඊලගට ඕපන් වෙන මෙනුවෙන් Typical කියන එක තෝරන්න. 

එතනදී අහනවා මේක මොන කර්නල් එකේද දුවන්නේ කියලා. සරලවම කියනවා නම් මෙක වින්ඩෝස්ද ලිනක්ස් ද කියලා. ලිනක්ස් කියන එක තෝරන්න

ඉන්පසු අපි බාගත කරගත් .iso ගොනුව සුරැකිව ඇති පාත් එක ලබාදෙන්න. 


ඊලගට අපි අපේ මේ අලුත් පරිගණකයට අදුනා ගැනීමේ පහසුව වෙනුවෙන් නමක් දෙන්න ඕනේ. මේක පරිගණකයේ නම් නෙමෙයි. අදුනාගන්න් පමණයි. 

ඊලග කොටසේදී අපෙන් අහනවා කොයිතරම් ඉඩ ප්‍රමාණයක් මෙ අලුත් පරිගණකය වෙනුවෙන් වෙන් කරනවාද කියලා. ඉතින් ඔයාලට කැමති ඉඩක් දෙන්න පුලුවන්. 

ඉන් පසුව අපිට සාරංශයක් පෙන්නනවා. ඊලගට තමයි Backtrack ස්තාපිත වෙන්න පටන් ගන්නෙ. 

පහල රූපයේ ආකාරයට ලිනක්ස් වලින් මේ මෙහෙයුම් පද්දතිය ස්තාපිත වීම ආරම්භ වෙනවා. 



ඉතින් මෙතනදි වින්ඩෝස් ස්තාපනයකදී වගේ වෙනස් කම් කරන්න ඕනේ නෑ. ඔක්කොම ලිනක්ස් විසින් කරගන්නවා. අපිට තියෙන්නෙ ටිකක් වෙලා බලාන ඉන්න විතරයි. ස්තාපිත වීමට කලින් සැකසුම් සදා ගැනීමේ කොටසටයි ඊලගට යන්නෙ. 

මුලින්ම අපි Backtrack බාවිතා කරන්න බලාපොරොත්තු වෙන භාෂාව ලබාදෙන්න ඕනේ. 

ඊලගට ඔයාල ඉන්න රට තෝරන්න ඕනේ. සමහර හරියටම මේක තෝරන්න නම් බැරිවෙයි. අවුලක් නෑ. ලගම රට තෝරන්න 

ඊලග කොටසේදී අපි බාවිත කරන යතුරුපුවරුව මොකද්ද කියන් එක අහනවා. ඕනේම ලිනක්ස් පාදක මෙහෙයුම් පද්දතියක මේ කරුණ ගැන අහනවා. උබන්ටු ස්තාපිත කරපු අයට මතක ඇති ඒකේ අපේ විජේසේකර යතුරුපුවරුව අඩංගු වෙනවා. 

ඊලග කොටසේදී අපි කලින් ලබාදින් ඉඩ ප්‍රමාණය පෝමැට් කිරීමක්  සිදුවෙනවා. මොකද වින්ඩෝස් වල බාවිතා වෙන NTFS හරි FAT හරි කියන පෝමැට් දෙකින් එකක්වත් ලිනක්ස් එක්ක භාවිතා කරන්න බෑ. 

ආයෙමත් සාරාංශයක් දක්වනවා. 

ඊලගට ස්තාපිත වීම පහල රූපයෙ මෙන් ආරම්බ වෙනවා. 

ස්තාපිත වීම අවසන් උනාට පසුව පරිගණකය Restart කරන්න ඕනේ. 

හොදයි, පරිගණකය Restart උනාට පස්සෙ ලිනක්ස් වලින් ඒ කියන්නේ හරියට ඩොස් වලින් වගේ Backtrack මෙහෙයුම් පද්දතිය ඕපන් වෙනවා. බයවෙන්නෙ එපා. User Name, Password පහල රූපයේ වගේ ලබා දෙන්න. 

ඊලගට අපිව Backtrack GNU එකට රැගෙන යනවා. ඔන්න ඉතින් අයිකොන් තියන අපිට හුරුපුරුදු ඩෙස්ක්ටොප් එකට ආවා. යම් යම් යාවත්කාල වීම් තවමත් සිදු වෙනවා. ඒවා ඉවර වෙනකන් ඉන්න. 

අවසානයේ Backtrack  ස්තාපිත් උන් අලුත් පරිගණකයක් අපිට ලැබෙනවා. ඉතින් උබුන්ටු වල වැඩ කරන අයට නම් මේක ඒ තරම් අලුත් වෙන්නෙ නෑ. ඔයාලත් උත්සාහා කරල බලන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

3 comments:

nasaraniya said...

me magula kohenda ban hoyagatte?

Amila sampath vijedasa said...

Admin aiya meka kelinma PC ekata gahanneth mehemada? ubuntu wage CD genna ganna nadda meke?

පි‍ස්‍සා‍ | Rufino Jr said...

maxxaaa... eth machan meka uninstall karaddi ara partition karana Linux format ekata yana 20Gb apahu ganne kohomada? eka Vm machine eka delete karaddi auto revert wenawa da?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive