සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Sunday 9 September 2012

Windows Event Viewer

Copy Protected by Copyscape Plagiarism Checker!

වින්ඩෝස් මෙහෙයුම් පද්දතියත් එක්ක පැමිනෙන අපිට අත්‍යවශ්‍යය වන නමුත් බොහෝ දෙනා බාවිතා නොකරන යෙදුමක් තමයි Windows Event Viewer කියන්නේ. ඔයාලා දන්නවා පරිගණක බාවිතයේදී එක් එක් ගැටලුකරී අවස්තා එනවා. විශේෂයෙන් මෙහෙයුම් පද්දතියි පිලිබදව. මොන වගේ ගැටලුවක්ද තියෙන්නෙ කියල වත් සමහර වෙලාවට අපිට අදහසක් ගන්න බෑ. උදාහරනයක් විදියට පරිගණකයේ වේගය හුගක් අඩු උන කියලා හිතමු. ඒකට හේතු වෙන්න පුලුවන් වයිරසයක්. ඒ වගේම දෘඩාංග වල ගැටලුවක් ඒ කියන්නේ තාවකාලික මතකයේ වගේ ගැටලුවක් වෙන්න පුලුවන්. ඉතින්  අපිට නිවැරදිව හේතුව අදුනාගැනීමේ අපහසුතාවයක් තියනවා. ඔන්න මේ වෙලාවේ තමයි Event Viewer එක බාවිතා කරලා අපිට හේතුව හොයගන්න පුලුවන් වෙන්නේ. 


පරිගණකය තුල පරිගණකය ඔන් කල මොහොතේ සිට මෙහෙයුම් පද්දතියේ සියලුම ක්‍රියාකාරකම් මේ මගින් සටහන් තබාගැනීමක් කරනවා. අලුත් මෘදුකාංග ස්තාපිත කිරීම්, මෘදුකාංග වල හටගන්න ගැටලුකාරී තත්වයන් වගේ දේවල්. ඔයාලා දන්නවද සමහර ගැටලුකාරී තත්වයන් අපිට දැනෙන්නෙත් නෑ. ඒත් Event Viewer එකේ සටහන් වෙලා තියනවා. ප්‍රදාන වශයෙන් errors, information messages, සහ warnings කියන අවස්තාවන් මෙයින් ග්‍රහනය කරගෙන සටහන් තබාගන්නවා 

හරි අපි බලමු මේ වැඩසටහන ක්‍රියාත්මක කරගන්නේ කොහොමද කියලා. 

මුලින්ම Start menu එකේදී Event Viewer කියලා ටයිප් කරන්න. පහල රූපයේ මෙන්. 

(Windows xp වාල්දී > Start > Control Panel > Administrative Tools >Event Viewer)

Event Viewer එක ඕපන් උනාම පහල රූපයේ මෙන් දක්නට ලැබෙයි. ඉතින් වෙන වෙනම ලොග් සටහන් ආකාරයෙනුයි සටහන් තබාගෙන ඉන්නෙ. 

ඉතින් ඔයාලා දකී එකම දේෂ පණිවිඩය කීප පොලකම තියනවා. පහල රූපයේ උදාහරණය බලන්න
Event Viewer වැඩසටහන නිර්මාණය කරලා තියෙන්නේ පරිගනක ජාලයක පවතින පරිගනක වල ඇතිවෙන දෝෂයන් පිලිබද system administrators හෝ සමාන තනතුරක් දරන කෙනෙකුට අදහසක් ලබා ගැනීමටයි. එතනදී එකම දෝෂ පණිවිඩය පැමිණි වාරයන් ගනන හෝ එකම දෝෂ පණිවිඩය පැමිනි වෙලාව වගේ දේවල් සටහන් තබාගන්නේ පසුව පරීක්ශා කිරීමේ පහසුව තකායි.

දෝෂ පණිවිඩ සටහන් තබාගැනීම පරිගණකය බාවිතා කරන සියලුම පරිශීලක ගිණුම් වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් සටහන් වෙනවා. එය වැදගත් මොන පරිශීලක ගිණුම් මගින්ද වැඩිපුර දෝෂයන් වර්තා වෙන්නේ එහෙම නැත්නම් මොන පරිශීලක ගිණුම් ද පරිගණකයට හානිදායක ලෙස භාවිත කරලා තියෙන්නේ කියන එක වගේ දළ අදහසක් ගන්න. 

ඉතින් හොද මෘදුකාංග නිර්මාණකරුවන් සහ සමාගම් නිතරම් තමන්ගේ මෘදුකාංගයන් නිර්මාණය කරන්නේ Event Viewer වලටත් සහය දක්වන ආකරයෙන්. නමුත් Illegal හෝ Fake මෘදුකාංග නිර්මාණය කරන්නන් විශේෂයෙන් හැකර් වරුන් තමන්ගේ මෘදුකාංගයන් නිර්මාණය කරද්දී Event Viewer පිලිබද තැකීමක් කරන්නේ නෑ. 

Event Viewer වල පවතින වාසි මොනවද?

වාසිය තමයි පරිගණකයෙ සියලු ක්‍රියාකාරමක් ලොග් සටහන් තබා ගැනීම. අපි හිතමු ඔයාලගේ පරිගණකයේ blue-screening දේෂ පනිවිඩයක් හරි පරිගණකය දිගින් දිගටම reboot වෙනවා හරි කියලා. Event Viewer වැඩසටහන මගින් මේ සියලු තොරතුරු රැස්කරලා තියාගන්නවා. එතනදී System log section වලදී අපිට බලගන්න පුලුවන් මොන hardware driver එකද crash වෙලා තියෙන්නේ කියලා. ඒ තොරතුර අපිට උදවු වෙනවා අපිට පරිගණකය නිසි ආකරයෙන් හදාගන්න. ඒ වගේම විශේෂ event ID එකක් නිර්මානය කරනවා. ඒවා ලෝකයටම පොදුයි. ඉතින් මේ event ID එක බාවිතා කරලා  අන්තර්ජාලයෙන් සෙවුමක් කිරීමෙන් අපිට දේෂය පිලිබද හොද අවබෝදයක් ගන්න පුලුවන් 

Event Viewer මගින් පරිගණකයට ලොග් උන වෙලාව පවා සටහන් කරගෙන තියාගන්නවා. අපිට පුලුවන් අපේ අවසරයකින් තොරව් පරිගණකය බාවිතා කරලද කියන එක මේ ලොග් ටයිම් වලින් බලාගන්න. ඒ වගේම පරිගණකය Audit කිරීමටත් මේ Event Viewer වැඩසටහන බාවිතා කරන්න පුලුවන්. Computer Auditing කියන්නෙත් හොද ජොබ් එකක්. ලංකාවේ මේවා ඒ තරම් නැති උනාට ලෝකයේ බොහෝ රටවල් Computer Auditing කියන එකට ප්‍රමුඛතාවයක් දෙනවා 

ඉතින් බොහොමයක් පහසුකම් තියන මේ වැඩසටහන බාවිතා කරලා ඔයාලත් අත්දැකීමක් ගන්න උත්සාහා කරන්න. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive