සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 5 September 2012

Root Android

Copyrights Received…!

Android කියන්නේ අද වෙනකොට තියන ජනප්‍රියම මොබයිල් මෙහෙයුම් පද්දතියක්. පරිගනක මෙහෙයුම් පද්දතියකින් කරගන්නා වැඩ කොටස වගේම වැඩ කොටසක් අපිට මේ  මොබයිල් මෙහෙයුම් පද්දතිය තුලිනුත් කරගන්න පුලුවන්. HelpITlanka මිතුරෙකුගෙනුත් ඉල්ලීමක් තිබුනා මේ ගැන පෝස්ට් එකක් ලියන්න කියලා. ඉතින් අපි බලමු මොකද්ද මේ Android රූට් කරනවා කියන්න කියලා. 


මේක සරලව පැහැදිලි කරගන්න මං උදාහරණයට ගන්නේ පරිගනකයක්. ඔයාලා දන්නවා පරිගනකය තුල එක එක පහසුකම්, බලතල සහිත User Accounts තියනවා. උදාහරණ විදියට Power user, Administrator, guest, user වගේ ඒවා දක්වන්න පුලුවන්. ඉතින් user කෙනෙකුට තියන බලතල නෙමෙයි Administrator කෙනෙක්ට තියෙන්නෙ. මෙන්න මේ වගේ තමයි Android  මෙහෙයුම් පද්දතිය තුලත් බලතල පවතින්නේ. සාමනයෙන් අපිට මිලදී ගන්න තියන Android  අඩංගු ජංගම දුරකතනයක් අපිට ලැබෙන්නේ බලතල අඩු ආකාරයෙන්. හරියට user කෙනෙක් විදියට ඔයාල පරිගනකයක් බාවිතා කරනවා වගේ. මං හිතන්නේ ඔයාලට දල අදහසක් එන්න ඇති කියලා. 



ඉතින් මේ Root කිරීමෙන් කරන්නේ මොබයිල් මෙහෙයුම් පද්දතිය මගින් අපිට ලබා නොදුන් Administrator  බලතල ලබා ගැනීම. ඇත්තටම මේක හරියට Android  හැක් කරනවා හා සමාන වැඩක්. ඉතින් මේ Root කිරීම සදහා නිර්මාණය කරපු මෘදුකාංග අන්තර්ජාලය තුල හොයගන්න පුලුවන්. Odin, SuperOneClick වගේ ඒවා උදාහරණයට ගන්න පුලුවන්


අපි බලමු SuperOneClick භාවිතා කරලා Android මෙහෙයුම් පද්දතිය Root  කරන්නේ කොහොමද කියලා.

ඔයාලා ගොඩක් වියදන් කරලයි Android ස්මාට් පෝන් එකක් ගන්නේ. ඉතින් මේ දේ කරන්න් කලින් හොදම දේ ඔයාලගේ පෝන් එකේ Full System Backup එකක් ලබාගන්න. මොනව හරි අවුලක් උනොත් අපිට පස්සෙ Restore කරගන්න පුලුවන්නේ.


මුලින්ම අපි Super One-Click මෘදුකාංගය පහල ලින්කුවෙන් බාගමු. 

අපිට පහල රූපයේ මෙන් ඒ මෘදුකාංගය සහ එහි අනෙකුත් කොටස් බලාගන්න පුලුවන් 

android root access

ඊලගට ඔයාලගෙ ජංගම දුරකතනය USB මගින් පරිගනකයට සම්බන්ද කරගන්න. ඒ වගේම ජංගම දුරකතනයේත් පහල රූපයෙ දැක්වෙන පරිදි USB Debugging පහසුකම සක්‍රීයද බලන්න.
Settings->Applications->Development and enabling “USB Debugging“

how to root your android phone

ඊලගට අපේ මෘදුකාංගය විවෘත කරගන්න. පහල රූපයේ මෙන් එය විවෘත වෙයි. ඉතින් මතක තියගන්න ඔයාලගේ ජංගම දුරකතනයේ භාවිතා වෙන SD card එහෙම තියනවා නම් ඒවා ඉවත් කරන්න. පහල රූපයේ පෙනෙන ආකාරයට “Root” කියන තැන ක්ලික් කරන්න. 

android root access

ඉතින් මෘදුකාංගය දාවනය වෙද්දි ඔයාලා දකී “OK” වෙමින් එක් එක් කාර්යයන් සම්පූර්ණ කරනවා. අවසානයේ “Success!” කියන පණිවිඩය එනතුරු බලාන ඉන්න. 

android root access

ඉතින් මේ ක්‍රියාව අවසන් උනාම ඔයාලගේ ජංගම දුර්කතනය reboot  වෙනවා. ee ඒවගේම ඔයාලගේ පෝන් එකෙ ඩෙක්ස්ටොප් එකට “Superuser” කියලා අලුත් අයිකොන් එකක් එකතු වෙලත් තියෙයි. ඒ අයිකොන් එක තියනවා කියන්නේ ඔයලගේ ජංගම දුරකතනයේ මෙහෙයුම් පද්දතිය රූට් වෙලා කියන් එක. එහෙම පෙන්න තිබුනේ නැත්නම් කලබල නොවී ආයෙමත් ජංගම දුර්කතනය reboot  කරන්න. 

how to root android

අපි බලමු මෙ SuperUser කියන එක ඕපන් කරලා මොනවද තියෙන්නෙ කියලා. පහල රූපයේ මෙන් ඔයාලට අලුත් සැකසුම් ගොඩක් එක්ක මෙනුවක් දක්නට ලැබෙයි.

how to root android

ඉතින් ඔයාලා අලුතින් කුමක් හෝ app එකක් බාවිත කරන්න උත්සාහා කරද්දි පහල රූපයේ මෙන් superuser permission ලබාදීමක් ගැන අහයි. ඒක Allow කරන්න. ඉතින් මේ permission එක ලැබෙනවා කියන්නේ සමහර  app වල සැගවුන පහසුකම් පවා බාවිතයට ඉඩ ලැබෙනවා කියන එක. 

how to root android

හරි, ඔන්න අපි රූට් කරලා අවසන් කලා. ඉතින් හැංගිලා තිබුන හුගක් සැකසුම් මින් පස්සෙ පෙනෙන්න ගනී. විශේෂයෙන් මෙහෙයුම් පද්දතිය බාවිතා කරන රැම් මතකය පවා මින් පස්සෙ පාලනය කරලා මෙහෙයුම් පද්දතියේ performance හුගක් වෙනස් කරන්න පුලුවන්. උත්සාහා කරලා බලන්න. 

Protected by Copyscape Plagiarism Tool

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

10 comments:

pubudu said...

හොද ලිපියක් ස්තූතියි යාලුවා දිගටම ලියන්න

Admin -Help IT Lanka said...

comment කලාට බොහොම ස්තුතියි. දිගට රැදී සිටින්න..

Anonymous said...

thanks

Anonymous said...

mama me soft eken Sony Ericson Xperia mini pro ekak root karanna haduwa eth hari yanne na ... Ay e ?

මොහාන් said...

ස්තුතියි.

මොහාන් said...

ස්තුතියි.

Anonymous said...

Meka anaroid tabs walata wadada?

Madhawa Habarakada said...

මේක ටැබ් වලටත් භාවිතා කරන්න පුළුවන්ද?

niranga said...

software eken root kiyana eka click karaddi phone eka usb connect karala on karalada thiyanna one nattam off karalada?

Illusion said...

Machn Sd card ekata install kranna barida?oka install kraddi chip eka galawanna oneda?ai e?

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive