සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 17 September 2012

Fake Facebook Profile

Copy Protected by Copyscape Plagiarism Checker!
පේස්බුක් උන්මාදයක් වෙලා තියෙන්නෙ මේ කාලේ. ඒ වගේම පේස්බුක් කියන්නේ ගොඩක් අපරද අනාචාර වෙන තැනක් කියලයි ලෝකයා දකින්නේ. ඒ උනත් අපි කවුරුත් පේස්බුක් එන එක නම් අතාරින්නේ නෑ නේද? ඉතින් මේ පේස්බුක් අඩවියේ තියන ගිණුම් වලින් බොහොමයක් හොරට හදපුවා නැත්නම් අයිතිකරුවෙක් නොමැති ගිණුම් බව පසුගියදා අනාවරණය උනා. ඉතින් ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය ඒ කරුණ වෙනුවෙන් යොමු උනා. ඉතින් මේ බොරු ගොණුම් අටවා ගන්නේ ඇයි? මූලිකවම හැකින් ප්‍රහාරයන් වෙනුවෙන්. ඊලගට වෙන කෙනෙක් අපහසුතාවයට පත් කරන්න භාවිත කරන්න. ඉතින් අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද මේ බොරු ගිණුම් එහෙම නැත්නම් Fake Facebook Profile අදුනා ගන්නේ කියලා.


ඇත්තටම මේක හරිම අපහසු කාර්යයක්. මොකද අපි දන්නේ නෑ මෙ ගිණුම් හදන්නේ කවුද කියන එක. හොදම උදාහරණය මට පුලුවන් මේක කියවන ඔයාගේ නමින් පේස්බුක් පිටුවක් පටන් ගන්න..ඉතින් එක් එක සාධකයන් අනුමාන කරල තර්ක කිරීම මගින් අපිට පුලුවන් මේක ඇත්ත ගිණුමක්ද නැත්නම් බොරු ගිණුමක්ද කියන් එක හොයාගන්න. අපි බලමු සාධකයන් කීපයක් සැලකිල්ලට අරන්.


1. තමන් ගැහැණු කෙනෙක් කියලා හදුනවා ගැනීම

බොහොමයක් Fake Profile වලදි මේවා හදන අය තමන්ව හදුන්වා ගන්නේ ස්ත්‍රී ලිංග විදියට. ඒකට හේතුව ගෑනු කෙනෙක් විදියට පෙනී උන්නාම අනුන්ගේ අවදානය අනුකම්පාව ලබා ගැනීමට වැඩි හැකියාවක් පවතින නිසා. Fake Profile වලින් 97% ප්‍රමාණයක් තියෙන්නෙ ස්ත්‍රී ලිංග විදියට.


 2. Fake Profile වල වැඩි කැමැත්ත ස්ත්‍රී පාර්ශවයටයි

ඉතින් මේ හදන Fake Profile වැඩිපුරම කැමති වෙන්නෙත් ගෑණුන්ටමයි..ඉතින් අපිට Fake Profile එකක් අදුනාගන්න තියන හොදම සාධකයක් තමයි එයාලගේ මිතුරන් අතරේ වැඩිපුරම ඉනේ ගැහැණුද පිරිමිද බලන එක. ඒක අපිව රැවටීමේ උපායක් වෙන්නත් පුලුවන්.


3. ඇත්තටම සිටිනා මිතුරන් ගනන 
 
ඔයාලා ඇත්ත ගිණුමක් හදාගත්තාම හැමෝටම දන්වලා ඒකට මිතුරන් එකතු කරගැනීම ටිකක් කල් යන වැඩක් නේද? ජනප්‍රිය කෙනෙක්ට නම් මේක අදාල වෙන්නෙ නෑ. Fake Profile එකක් අද ඉන්න ගාන නෙමෙයි හෙට ඉන්නෙ. හිතාගන්නවත් බැරි වේගෙන් මිතුරන් එකතු වෙනවා. මේකට හේතුව Fake Profile හදන කෙනා එකක් හදලා බලගෙන ඉන්නෙ නෑ. සාමානයෙන් Fake Profile හදන් හැකර් කරුවෙක් ගාව අඩුම තරමින් Fake Profile 100 ක් වත් තියනවලු. ඒ කියන්නේ ඒ මේල් ගිණුම් 100 වත් තියනවලු.

4. තමන්ගේ ඉගෙනගත්ත විදුහල හෝ උසස් අධ්‍යාපන විස්තර එකතු කිරීම
 
හුගක් අය තමන්ගේ අධ්‍යාපන තත්වයන් පේස්බුක් වලට එකතු කරන්නේ නෑ. ඒත් Fake Profile හදන අය නම් ඔක්කොම වගේ තමගේ උසස් අධ්‍යාපන තත්වයන් දක්වනවා. බොහොමයක් දෙනා විශවවිද්‍යාල අධ්‍යාපනය ලැබූ අය විදියටයි පෙනී ඉන්නේ. ඒ අපි තුල විශ්වාසය වැඩි කරන්න.

5. පොටෝස් වල ටැග් පහසුකම භාවිතය 
 
ඔයාල පොටෝ ඇල්බම් එකක් පේස්බුක් වලට එකතු කලාම තම මිතුරන් අතරේ ඒ සියලුම පොටෝ ටැග් කරනවාද නැත්නම් හොදම එකක් දෙකක් ටැග් කරනවාද? Fake Profile හදන අය එකතු කරන පොටෝ ඇල්බම් වල සියලුම පොටෝ එහි ඉන්න සියලුම මිතුරන්ට ටැග් කරනවා

6. ස්ටේටස් අප්ඩේට් කිරීම 
 
Fake Profile හදාගෙන් ඉන්න අය ගෙන් 43% තමන්ගේ ස්ටේටස් අප්ඩේට් කරන්නේ නැතිලු. ඒ වගේම ඇත්ත ගිණුම් හිමියන්ගෙනුත් 15% දෙනා ස්ටේටස් අප්ඩේට් කරන්නේ නැතිලු. ඉතින් Fake Profile එකක දිගු කාලයක් පවතින එකම ස්ටේටස් එක් දැකගන්න පුලුවන් වෙයි.

7. ගිණුමට එකතු කරන වීඩියෝ වැනි දේවල් 
 
Fake Profile වල අය බොහෝ විට අලුතින් නිකුත් වෙන ලස්සන ගීතයක්, එහෙම නැත්නම් හොදට දුවන අලුත් ෆ්ලිම් එකක ටේලර් එක වගේ දේවල් තමන්ගේ Fake Profile පේජ් එකට එකතු කරන්න උත්සාහා කරනවා අඩුයි.

ඉතින් ඔන්න ඔහොමයි Fake Profile එකක් අදුනා ගන්න වෙන්නෙ. මේක කරන්න නම් ටිකක් අමරුයි තමයි. පේස්බුක් වලින් අලුත් තාක්ශණයක් හදුන්වා දෙන්නයි යන්නේ. එකෙන් කරන්නෙ අපේ මූනේ ලස්සන පොටෝ එකක් ගන්න එක. ඊලගට අලුත් තාක්ශණයක් මුසු කරලා මෙ පොටෝ එක ID එකක් බවට පත් කරනවා. ඉතින් එහෙම උනාම අපිට බාවිතා කරන්න වෙන්නෙ එක ප්‍රොෆයිල් එකයි. ඉතින් මේකට කියන්නේ Face recognition කියලා. කොයි තරම් දුරට මේක සර්තක වෙයිද කියන එක ගැන නම් කලින් අනාවැකි කියන්න බෑ. අපි බලාන ඉමු මේ අලුත් තාක්ශණයත් එක්ක පේස්බුක් කොහොම වෙයිද කියන එක. සුභ දවසක්...!

 
About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive