සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 24 September 2012

Cloud System Booster Pro

පරිගණකයක් බාවිතා කිරීම වගේම එය නිසි ආකාරයෙන් නඩත්තු කරන්නත් හැම දෙනාම් දැනගෙන ඉන්න ඕනේ. නඩත්තු කරනවා කියන්නේ පිටින් දූවිලි පිහලා ලස්සනට තියාගන්නවා කියන එක් නම් නෙමෙයි. පරිගණකයේ මෙහෙයුම් පද්දතියේ පටන් සියලු මෘදුකාංගයන් වගේම අභ්‍යන්තර ක්‍රියාකාරී සියලුම දෘඩාංගයන් නඩත්තු කිරීමටත් සිදු වෙනවා. ඉතින් දෘඩාංගයන් නඩත්තු කිරීම නම් අපිට කරගන්න පුලුවන්. ඒත් නිසි ආකාරයෙන් මෙහෙයුම් පද්දතිය ප්‍රමුඛ මෘදුකාංග ටික නඩත්තු කරගන්නේ කොහොමද? 


ඉතින් බොහෝ දෙනා අවදානය යොමු නොකරන් පැත්තක් මේක. අන්තිමට මෙහෙයුම් පද්දතිය අක්‍රිය වෙනතුරුම ඒකෙන් වැඩ ගන්නවා මිසක් එය නඩත්තු කිරීමක් කරන්නේ නෑ. ඉතින් අපිට හිතල නඩත්තු කරන්න බැරි මේ දේවල් අපිට කරලා දෙන හොද මෘදුකාංගයක් ලැබුනා. ඒ තමයි  Cloud System Booster Pro කියන්නේ. 

මේකේ පරීක්ශා කිරීමෙ පිටපතක් අපිට පහල වෙබ් අඩවියෙන් ලබාගන්න පුලුවන්. 

http://www.anvisoft.com/product/cloudsystembooster.html

ඉතින් මේක සල්ලි දීලා ගන්නව නම් $19.98 වෙනව. ඉතින් පරීක්ශා කිරීමේ පිටපත බාගත කරගෙන සරල පියවර කීපයකින් පරිගණකයට ස්තාපිත් කරගන්න. ඊලගට එය විවෘත කලාම පහල රූපයේ මෙන් විවෘත වෙයි. 

ඉතින් Cloud System Booster Pro බාවිත කරලා අපිට පහල දැක්වෙන දේවල් කරගන්න් පුලුවන් 

Cleaner: මේ පහසුකම යටතේ temp files, junk files, old caches, වගේ දේවල් නිසා අපිට අහිමි උන දෘඩ තැටියේ හිස් ඉඩ ප්‍රමාණයි අපිට නැවතත් ලබාදීමක් කරනවා. 

Optimizer: මේ මගින් පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාල නොවන සියලුම සේවාවන් නවත්වා පරිගණකයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරනවා. 

Repair: පරිගණක් පද්දතියට අදාල හානි උන් පද්දති ගොනු නැවත් පිලිසකර කිරීමක් මෙයින් සිදු කරනවා. ඒ වගේම පද්දතියේ රෙජිස්ට්‍රියට අදාල සකසුම් වල පවතින වෙනස් කම් පවා නිවැර්දි කරනවා.

Application: පරිගණකයෙන් ඉවත් කල මෘදුකාංග වල ඉවත් නොවුන කොටස් පවතින්න පුලුවන්. ඉතින් ඒවා ඉවත් කර ක්‍රියාකාරීත්වය වර්දනය කිරීම මේ මගින් සිදු කරනවා

මෙහි පවතින One-Click Boost Mode මගින් අපිට පරිගණකය පිරිසිදු කරගැනීමක් කරගන්න් පුලුවන්. පහල රූපය බලන්න 

ඒ වගේම පහල රූපයේ තියන වෙන්ස් කම් ටිකත් කරගන්න් ඕනේ. එ කියන්නේ වින්ඩෝස් විවෘත වෙන්න වගේ. (Run at windows Startup) 


ඉතින් මේක ඔයාලගෙ පරිගණකවලට වගේම ඇන්ඩ්‍රොයිඩ් දුවන ඔයාලගේ ස්මාට් පෝන් එකටත් මේ මෘදුකාංගය ස්තාපිත කරගෙන පෝන් එක වේගවත් කරගන්න පුලුවන්. ඔයාලත් උත්සාහ කරලා බලන්න...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

1 comments:

Sampath said...

NIce...

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive