සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Thursday 27 September 2012

Change “Shutting down…”

වින්ඩෝස් මෙහෙයුම් පද්දතියට ආවේනිකම් දෙයක් තමයි Shut down කියන්නේ. මෙතෙක් ඉදිරිපත් කල සියලුම මෙහෙයුම් පද්දති වල මේ Shut down කියන පහසුකම එකතුවෙලා තිබුනා. ඉතින් ඔයාලා කවදා හරි උත්සාහා කලාද මේ Shut down  කියන වචන ටික වෙන්ස කරන්න? මේ හදන්නේ ඒක් කරගන්න විදිය කියලා දෙන්නයි 


ඉතින් පහල දක්වල තියන සරල පියවර කීපයෙන් අපිට හැකියාව තියනවා ඒක වෙනස් කරගන්න. මේ වෙනුවෙන් විශේෂ පද්දති ගොනුවක් වෙනස් කිරීමට සිදු වෙනවා. ඔයාලා දන්නවා බාවිතයෙ පවතින් ගොනුවක් වෙනස් කරන්න බෑ කියලා. ඉතින් අපිට  ඒ වෙනුවෙන් තෙවන පාර්ශවීය මෘදුකාංගයක් සහය ලබාගන්න එනවා. ඉතින් මං මේ ක්‍රියාකාරකම වෙනුවෙන් බාවිතා කරන්නේ Resource Hacker කියන මෘදුකාංගය. ඒක් පහල ලින්කුවෙන් බාගන්න පුලුවන්.. 


මේක නොමිලේ දෙන් කුඩා මෘදුකාංගයක්. නමුත් මෙයින් අපිට වැඩ ගොඩක් කරගන්න පුලුවන්. එකක් තමයි බාවිතයෙ පවතින Win32 ගොනු ඒ කියන්නේ *.exe, *.dll, *.cpl, *.ocx ආකාරයේ ගොනු බාවිතා වෙද්දිම විවෘත කර දීම. ඒවගේම සම්පාදනය කරන ලද එහෙම නැත්නම් compiled කරන් ලද ගොනු decompiled කරදීමත් මෙයින් සිදුකර දෙනවා. 

ඉතින් බාගත කරගත් Resource Hacker සරල පියවර කීපයකින් ස්තාපිත කරගන්න් පුලුවන්.. 



ඊලගට අපි යන්නේ පද්දති ගොනුවක් විවෘත කරන්නයි. මට ඕනේ කරන්නේ wininit.exe.mui ගොනුව. මේක පිහිටලා තියෙන්නේ පහතින් දක්වලා තියන මාර්ගයේ. 

C: > Windows > System32 > en-US > wininit.exe.mui

ඉතින් මේ පද්දති ගොනුව හොයාගත්තට පස්සෙ අපි මෙහි අයිතිය ලබා ගන්න ඕනේ. ඒ කියන්නෙ Ownership එක. යම් පද්දති ගොනුවක් විවෘත කිරීමට නම් එය බාවිතා කරන පරිශීලක නාමයට එහි අයිතියක් තියෙන්න ඕනේ. ඉතින් කොහොමද Ownership එක ගන්නේ?මුලින්ම එ ගොනුව මත Right click කර Properties ගන්න. 

 එහි security වල ඇති Advance වලට යන්න. 

 එහි ඇති owner යටතේ දැනට පවතින්නේ වෙනත් නමක් වෙන්න පුලුවන්. මේක අපේ ගිනුමට හරවා ගන්න ඕනේ. Edit වලට යන්න. 

 එතනදී ඔයාලගේ ගිණුමේ නම තෝරලා දෙන්න. 

 ඉතින් ඔන්න් පහල රූපයෙ මෙන් ඔයාලගේ නමට Owner කම ලැබිලා තියෙයි 

ඊලගට Resource Hacker මෘදුකාංගය විවෘත කරගන්න. පහල රූපයේ ආකරයෙන් මෙය විවෘත වෙයි. 

 ඉන් පසුව File > Open යන්න. එතනදී C: > Windows > System32 > en-US > wininit.exe.mui පද්දති ගොනුව තෝරා දෙන්න. en-US වලට තෝරපුවාම වෙන ෆයිල් පෙන්නන්නේ නැත්නම් පහලින් All file කියන එක තෝරාගන්න. 


 ඉන් පසු String > 63 > 1033 කියන පාත් එක තෝරාගන්න. එවිට අනික් පසින් පහල රූපයෙ මෙන් අපිට වෙනස් කරන්න ඕනේ කරන ටෙස්ට් එක පෙන්නයි. 

 ඉතින් මෙතන සාමනයෙන් තියෙන්නේ Shutting down කියලනේ. මං ඒක පහල රූපයේ ආකාරය වෙනස් කරනවා Good Bye Mr. Eranda කියලා. ඔයාලට කැමති දෙයක් මෙතෙන්ට බාවිතා කරන්න පුලුවන්. 

ඊලගට File> Save ගිහින් අපි ඕපන් කරගත් මේ පද්දති ගොනුව සුරක්ශිත කරගන්න. ඉන්පසු Restart කරන්න.. ඔන්න අපේ ක්‍රියාවලිය සාර්තක වෙලා Shutting down… වෙනුවට අපි ටයිප් කරපු එක වැටෙනවා. ඔයාලත් උත්සාහා කරලා බලන්න. 


About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive