සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 10 September 2012

Beep Code

Copy Protected by Copyscape Plagiarism Checker!

පරිගණක් දෘඩාංග සම්බන්දයෙන් වැඩකරන සියලුදෙනාව දැනගෙන ඉන්න ඕනේ කරුණක් තමයි පරිගණකයෙ Beep Code කියන්නේ. පරිගණකය ඔන් වීමෙන් මුල් තප්පර කීපය තුලදී POST එක සිද්ද වෙනවා කියලා ඔයාලා දන්නවා. (ඒ ගැන වැඩි විස්තර මෙතනින් බලන්න) POST එක් මගින් කරන්නේ පරිගණකයට සම්බන්ද කරලා තියන සියලුම දෘඩාංගයන් පරීක්ශා කරලා බලන එකයි. එතනදී මොනයම් හෝ දෝෂයක් පවතිනව නම් ඒ බව දක්වන්නේ බීප් සබ්දයකින්. අපි බලමු එක් එක් බීප් සබ්දයන්ගෙන් දන්වන දෝෂ පණිවිඩය කුමද්ද කියන එක. 


මතකතියාගන්න ඕනේ කරුණක් තියනවා. එක් එක් මවුපුවරු නිශ්පාදකයාගෙන් නිශ්පාදකයාට මේ බීප් සබ්දයන් වෙනස් වෙනවා. හැබැයි සමානකම් දරන බීප් සබ්දයන් කීපයක් පවතිනවා. ඒවා කොයි මවුපුවරුවටත් පොදුයි. 


  • බීප් 1
පරිගණකයේ අත්‍ය මතකය නැවත පණගන්වන කාලය පිලිබද ගැටලුවක් (Memory refresh timer error.)
  • බීප් 2
මේ ආකාරයෙන් බීප් 2 ඇසෙන්නේ තාවකාලික මතක පත් අදුනාගත් විටයි. මෙයි දෝෂයක් වනේ එලෙස මතකපත් අදුනා නොගත් විටයි
  • බීප් 3
තාවකාලික මතකයේ කියවීමේ හ ලිවීමේ දෝෂ තත්වයක් පවතින විට
  • බීප් 4
මවුපුවරුවේ timer එක නිසි ආකාරයෙන් ක්‍රියා නොකරන විටදී. CMOS බැටරිය දුර්වල විටදීත් මේ ආකරයෙන් බීප් ඇසේ.
  • බීප් 5
පරිගණකයේ ප්‍රොසෙසරයේ දෝෂයන් පවතී.
  • බීප් 6
පරිගණකයට සම්බන්ද යතුරුපුවරුවේ දේෂයන් පවතී.
  • බීප් 7
කිසියම් ක්‍රියාවකට විරුද්දත්වයක් පෑමේදී මේ ආකාරයෙන් බීප් සබ්දයන් ලබාදෙයි.
  • බීප් 8
VGA මතකයේ ගැටලුවක් පවතී.
  • බීප් 9
පාත්‍ර මතකය කියවීමේ ලිවීමේ දෝෂයන් පවතී.
  • බීප් 10
CMOS වල shutdown register අදාලව කියවීමේ හා ලිවීමේ දෝෂයන් පවතී.
  • බීප් 11
පරිගණකයෙ Cache මතකයේ දෝෂ පවතී.

ඉතින් ඉහල දක්වා ඇති බීප් සබ්දයන් වලින් අපිට පරිගණකයෙ පවතින දෝෂය කුමද්ද කියන එක ගැන අදහසක් ගන්න පුලුවන්. ඒවගේම එක් එක් මවුපුවරු නිශ්පාදකයින් විසින් ඔවුන්ටම ආවේනික බීප් සබ්දයන් ඇතුලත් කර මවුපුවරු නිශ්පාදනය කරනවා. පහල උදාහරණයන් බලන්න. 

AWARD BIOS වලින් සමන්විත මවුපුවරු වලදී


බීප් වාර සටහන 
දිගු බීප් 1, කෙටි බීප් 2  BIOS වැඩසටහනට පරිගණකයේ video කාඩ්පත් හෝ එයට අදාල මතකය අදුනාගැනීමට නොහැකි අවස්තා වලදී
වෙනත් ඕනේම සබ්දයක් පරිගණකයේ තාවකාලික මතකයේ ගැටලු


IBM BIOS වලින් සමන්විත මවුපුවරු 

බීප් වාරසටහන 
බීප් එකක් වත් නොමැත පරිගණකයට විදුලි සැපයුමක් නැත, පරිගණකයට සම්බන්ද කර වෙති කාඩ් පත් වල දෝෂ, මවුපුවරුව ලුහුඩු තත්වයෙන් පැවතීම 
කෙටි බීප් 1 POST වැඩසටහන නිවැරදී, පරිගණකයේ ගැටලු නැත.
කෙටි බීප් 2POST වැඩසටහන දෝෂ සහිතයි පරිගණකයේ දක්වන error code එක පිලිබද අවදානය යොමු කරන්න
දිගටම ඇසෙන බීප් පරිගණකයට විදුලි සැපයුමක් නැත, පරිගණකයට සම්බන්ද කර වෙති කාඩ් පත් වල දෝෂ, මවුපුවරුව ලුහුඩු තත්වයෙන් පැවතීම
දිගටම පවතින කෙටි බීප් පරිගණකයට විදුලි සැපයුමක් නැත, පරිගණකයට සම්බන්ද කර වෙති කාඩ් පත් වල දෝෂ, මවුපුවරුව ලුහුඩු තත්වයෙන් පැවතීම
කෙටි බීප් 1 දිගු බීප් 2 මවුපුවරුව දෝෂ සහිතයි 
දිගු බීප් 1 කෙටි බීප් 2 VGA ගැටලු සහිතයි 
දිගු බීප් 1 කෙටි බීප් 3VGA පරිපතයේ ගැටලු සහිතයි 
දිගු බීප් 3 යතුරුපුවරුවේ ගැටලු සහිතයි 
කෙටි බීප් 1 කින් පසු මොනිටරය නිවී යාම VGA ගැටලු සහිතයි - අලුතින් සම්බ්න්ද කල දෘඩාංග ගැටලු සහිතයි 

Phoenix වලින් සමන්විත මවුපුවරු


බීප් වාර සටහන 
1-1-1-3Real Mode එක නිවැරදි කිරීම 
1-1-2-1CPU type අදුනා නොගැනීම 
1-1-2-3system hardware අදුනා නොගැනීම 
1-1-3-1chipset වලට අදාල POST values නිවැරදි නොවීම 
1-1-3-2POST ඉදිරියට කියවීමට නොහැකි වීම 
1-1-3-3register එකට අදාලව දෝෂ පැවතීම 
1-1-4-1POST values වල දෝෂයන් 
1-1-4-3I/O නිසි අයුරින් හදුනා නොගැනීම 
1-2-1-1බල සැපයුමේ ගැටලු 

ඉතින් මේ ආකාරයෙන් දක්වන විවිද බීප් සබ්දයන් වලින් අදාල ගැටලුව හදුනා ගැනීම ඉක්මන් වෙනවා වගේම අනවශ්‍යය ගැටලු වලට මැදි නොවී පරිගණකය නිසි ආකරයෙන් ක්‍රියාත්මක කරවා ගැනීමටත්  හැකිවෙනවා 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

2 comments:

samantha said...

නියමයි... මං මේක හොය හොයි උන්නෙ..

Unknown said...

Thanks ayya

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive