සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Monday 24 September 2012

Boot Camp - Windows to Apple PC

Boot Camp කියන්නේ ඇපල් පරිගණක වලට වින්ඩෝස් මෙහෙයුම් පද්දති ස්තාපිත කිරීම සදහා නිර්මාණය කරපු තෙවන පාර්ශවීය මෘදුකාංගයක්. සාමානයෙන් ඇපල් පරිගණක වලට හෝ ඇපල් පාදක කිසිම උපකරණකයට වෙනත් මෙහෙයුම් පද්දති හෝ මෘදුකාංගයන් බාවිතයේදී යම් යම් අපහසුතාවයන් ඇතිවෙනවා. මොකද වින්ඩෝස් වලදී බාවිතා වෙන දෘඩාංග වලට වඩා බෙහෙවින් වෙනස් දෘඩාංගයන් ඇපල් පරිගනක හා ඇපල් උපකරන වල බාවිතා වෙනවා. ඉතින් වින්ඩෝස් පාදක බොහොමයක් මෘදුකාංගයන් බාවිතා කිරීම අපහසු වන්නේ ඒ නිසයි. ඉතින් ඇපල් මෙහෙයුම් පද්දතියක් බාවිතා වෙන පරිගණකයකට හෝ නෝට්බුක් පරිගණකයටක වින්ඩෝස් පාදක මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කරන ආකාරය බලමු. 


Boot Camp  මගින් ඔබගේ ඇපල් පරිගණකයේ ඇති දෘඩ තැටියම බාවිතා කරමින් වින්ඩෝස් ස්තාපනය සදහා අවස්තාව ලබා දෙනවා. ඒ කියන්නෙ වින්ඩෝස් දුවන්න ඕනේ පාර්ටිශන් එකක් ඒ කියන්නෙ NTFS පාර්ටිශන් එකක් හදලා දෙනවා. ඉතින් Boot Camp වැඩසටහන ඔබේ මැක් පරිගණකයේ සිට හෝ නෝට්බුක් එකේ සිට හෝ පහල ලින්කුවෙන බාගත කරගන්න පුලුවන් 

http://support.apple.com/downloads/#macoscomponents

ඉතින් මතක තියාගන්න මේ ස්තාපිත් කිරීමට කලින් USB ආකාරයේ යතුරු පුවරුවක් හා මවුසයක් සපයාගන්න. ඒ වගේම මැක් පරිගණකයට සම්බන්ද CD/DVD drive එකක් හෝ බාහිරින් සම්බන්ද කල හැකි external drive එකකුත් ඕනේ කරනවා. ඒ වගේම වින්ඩෝස් ඕනේම් මෙහෙයුම් පද්දතියක්.. ඒ වගේම මැක් පරිගණකයේ වින්ඩෝස් දාන්න තරමේ ඉඩ තියෙන්නත් ඕනේ.

මුලින්ම Apple > Software Update කියන මාර්ගයේ යන්න. එතනදී ඇපල් වලට අදාල අප්ඩේට්ස් තියන්වා නම් බාගත කරගන්නවා. ඒ වගේම http://www.apple.com/support/bootcamp කියන ලින්කුවෙන් ගිහින් Boot Camp වලට අදාල යාවත්කාල කිරීම ලබාගන්නත් පුලුවන්. එතනදී වින්ඩෝස් වලට අදාල මෘදුකාංගයන් යාවත්කාල වෙනවා. වින්ඩෝස් ඉන්ස්ටෝලර් වගේ ඒවත් මෙතනදී යාවත්කාල වෙනවා

ඊලගට මැක් පරිගණකයේ Boot Camp Assistant කියන වැඩසටහන විවෘත කරගන්න.  ඒක තියෙන්නේ Applications පෝල්ඩරය ඇතුලේ තියන Utilities folder එක ඇතුලේ.

ඉහත රූපයේ ආකාරයට Boot Camp Assistant වැඩසටහන විවෘත වෙනවා. ඊලගට Continue කල පසුව පහල රූපයේ  මෙන් දක්නට ලැබෙයි 

මෙතනදී අපිට ක්‍රියාවලීන් 3 ගැන කියනවා 

1. Create a Windows 7 install disk 

2. Download the latest Windows support software from Apple

3. Install or remove Windows 7 

එතන තියන විස්තරය කියවලා ඒ ගැන ඔයලට අවබෝදයක් ගන්න පුලුවන්. එතනින් අපි Download the latest Windows support software from Apple  කියන එක හා Install or remove Windows 7  කියන කොටස් දෙක තෝරලා Continue  කරන්න. 

ඊලගට වින්ඩෝස් වලට අදාල මෘදුකාංගත් කිපයක් බාගත වෙන්වා. මේවා පසුවට උවමනා මෙන නිසා ඒවා පෙන් එකකට කොපි කරගන්න. 

ඊලගට කොටසෙදී වින්ඩෝස් ස්තාපිත කරන්න ඕනේ හාඩ් ඩිස්කයේ ඉඩ ප්‍රමාණය තෝරා ගන්න අවස්තාවක් ලැබෙනවා. 


Install ක්ලික් කල පසුව වින්ඩෝස් ස්තාපිත කිරීමට ඕනේ පාර්ටිශන් එක හැදෙනවා. පහල රූපයේ මෙන්. 

ඊලගට අපිට සිදු වෙනවා USB ආකාරයේ යතුරු පුවරුව හා මවුසය මැක් පරිගණකයට හෝ නෝට් බුක් එකට සම්බන්ද කරන්න. ඒ වගේම බාහිරින් සම්බන්ද කල හැකි external drive එකත් සම්බන්ද කරගන්න පුලුවන්. ඊලගට වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය සහිත CD/DVD එක බාවිතා කරලා සාමාන්‍ය පරිගණකයකට මෙහෙයුම් පද්දතිය ස්තාපිත කරන ආකාරයට වින්ඩෝස් ස්තාපිත කරන්න පුලුවන්. හැබැයි අපිට බාවිතා කරන්න වෙන්නෙ Boot Camp Assistant  මගින් හදාගත්ත ඉහත රූපයේ පෙන්නන  Disk 0 partition 4: BOOTCAMP ආකාරයෙන් දක්වන පාර්ටිශන් කොටසයි. 

ඊලගට අපිට මැක් පරිගණකයේ මෙහෙයුම් පද්දති 2ක් දකින්න ලැබෙනවා. එකක් ඇපල් මෙහෙයුම් පද්දතිය. අනික අපි අලුතින් ස්තාපිත කල වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය. ඉතින් ඔයාලට වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය මැක් පරිගණකයේ default මෙහෙයුම් පද්දතිය බවට පත් කරගන්න ඕනෙ නම් පහල පියවර අනුගමනයි කරන්න. 

1. මැක් පරිගණකය  ඇපල් මෙහෙයුම් පද්දතියෙන් බූට් කරන්න. එහි Apple menu > System Preferences වල ඇති Startup Disk කියන එකට යන්න.
2 default ආකාරයට බාවිත කරන්න් ඕනේ මෙහෙයුම් පද්දතිය අඩංගු පාර්ටිශන් එක තෝරන්න.
3 ඉතින් ඒ තෝරපු මෙහෙයුම් පද්දතියෙන් පරිගණකය බූට් කරන්න ඕනෙ නම් Restart කරන්න.

ඉතින් මේ ආකරයට අපි වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය default  කරලා ඇති අවස්තාවක අපිට ඕනේ උනොත් ඇපල් මෙහෙයුම් පද්දතිය default  කරගන්න එය වින්ඩෝස් තුල සිට කරන්නේ මෙහෙමයි.

1 වින්ඩෝස් වලදී system tray එකේ පවතින Boot Camp අයිකනය තෝරා එහෙ ඇති Boot Camp Control Panel එකට යන්න.
2 default ආකාරයට බාවිත කරන්න් ඕනේ මෙහෙයුම් පද්දතිය අඩංගු පාර්ටිශන් එක තෝරන්න.
3ඉතින් ඒ තෝරපු මෙහෙයුම් පද්දතියෙන් පරිගණකය බූට් කරන්න ඕනෙ නම් Restart කරන්න.

ඉතින් කවදා හරි මැක් පරිගණකයේ හරි නෝට් බුක් එකෙ හරි තියන වින්ඩෝස් එප උනොත්? 

අපිට පුලුවන් වින්ඩෝස් ස්තාපිත කරපු පාර්ටිශන් එක මකලා දාන්න. ඒක කරන්නෙ මෙහෙමයි 

1. මැක් පරිගණකය ඇපල් මෙහෙයුම් පද්දතියෙන් ස්ටාට් බූට් කරන්න
2.  විවෘත වෙලා තියන සියලුම මෘදුකාංග හා යෙදවුම් (applications) ඉවත් කරන්න
3. Boot Camp Assistant විවෘත කරගන්න.
4  “Create or remove a Windows partition” කියන එක තෝරා Continue කරන්න.
5 පහත දේවල් වලින් එකක් කරන්න
  • ඔයාලගෙ මැක් පරිගණකයේ ඇත්තේ එක internal disk එකක් නම්, Restore කරන්න.
  • ඔයාලගේ මැක් පරිගණකයේ internal disk කීපයක් පවතිනවා නම්, වින්ඩෝස් ස්තාපිත ඩිස්කය තෝරා “Restore to a single Mac OS partition” කියන එක තෝරා ඉන් පසු Continue කරන්න.
ඉතින් මේ පියවරයන් ටික සරලව නිවැරදිව කරගත්තාම අපිට මැක් පරිගණකයකට හෝ නෝට් බුක් එකකට වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් ස්තාපිත කරගන්න පුලුවන්. සුබ දවසක්...! 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive