සයිබර් ආරක්ෂාව තේරෙන සිංහලෙන්

Wednesday 19 September 2012

Windows Server 2012

Copy Protected by Copyscape Plagiarism Checker!

මයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම මෙහෙයුම් පද්දතියේ වන වින්ඩෝස් 8 වල පරීක්ශා කිරීමේ සංස්කරණයක් පසුගියදා ලෝකයාට ඉදිරිපත් කලා. පුද්ගල පරිගණක භාවිතා කරන සියලුදෙනාටම අලුත් අත්දැකීමක් උන මේ වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතියත් සමගම මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම සර්වර් මෙහෙයුම් පද්දතියේත් පරීක්ශා කිරීමේ පිටපතක් එලිදක්වලා තියනවා. ඒ තමයි Windows Server 2012 කියන්නේ. ජාලකරණය පිලිබද උනන්දු  වෙන සියලු දෙනාටම මේක හොද ආරංචියක් වෙයි. ඉතින් වින්ඩෝස් 8 වල පවතින මෙට්‍රෝ ඩෙස්ක්ටොප් එකෙත් එක්කමයි මේ Windows Server 2012 මෙහෙයුම් පද්දතිය එලි දැක්වෙන්නේ.  පරීක්ශා කිරීමේ පිටපත පහත ලින්කුවෙන බාගන්න පුලුවන්.

http://technet.microsoft.com/en-us/evalcenter/hh670538.aspx?wt.mc_id=TEC_108_1_3

ඉතින් වින්ඩොස් 8 ස්තාපනය කරන ආකාරය මං කලින් පෝස්ට් එක්ක ලිවුවා. ඒක බලපු නැති අය මෙතනින් බලන්න. අපි බලමු කොහොමද Windows Server 2012 ස්තාපිත කරන්නේ කියලා.

මුලින්ම පරිගණකය DVD එකෙන් බූට් කරන්න.

Press Enter To boot from DVD

බූට් වීමේදී ඕනේ කරන ගොනු ලෝඩ් වීමක් සිදු වෙනවා. 

Loading Files

අදාල භාෂව තේරීමේ කොටස. 

Windows Server 2012 defaults

ඉන්පසු Install ක්ලික් කරන්න. 

Windows Server 2012 - Install Now

Server Core එක ස්තාපිත කිරීම සදහා පහල රූපයේ මෙන් දෙවෙනි අවස්තාව තෝරන්න.

Server Core

ඉන්පසු ඉදිරිපත් වන්නේ මයික්‍රොසොෆ්ට් ලයිසන් එකයි. මේකට එකග වෙන්න “I accept the license terms” ක්ලික් කර Next කරන්න.

License Agreement

මෙතනදී අපිට දැනට වින්ඩෝස් දුවන් පරිගණකය නම් වින්ඩොස් අප්ඩේට් කරන්න පුලුවන්. අලුතින් වින්ඩෝස් පමණක් ස්තාපිත කරනවා නම් Install Windows only (Advanced) කියන එක තෝරන්න.

.Custom - Install Windows only

ඊලග කොටසේදී අපිට අවස්තාව දෙනවා Windows Server 2012 ස්තාපිත කල යුතු දෘඩ තැටිය තෝරන්න. Dual boot using Native Boot to VHD

Native Boot To VHD (Boot2VHD)

Refresh after creating VHD

මේ සැකසුම් අවසානයේ පද්දති ගොනු කොපි වීමක් හා පද්දතිය ස්තාපිත වීම ආරම්භ වෙනවා. ඉතින් මේකට ගතවෙන කාලය ඔයාලගේ පරිගණකයේ තත්වය මත වෙනස් වෙන්න පුලුවන්.  


Finalizing your settings












Finalizing Your Settings screen

ඉන්පසු අපිට ලැබෙන්නේ මුරපද ලබාදීමට ඇති ස්තානය එතනදී ශක්තිමත් මුරපදයක් භාවිතා කරන්න. 

Password Box

ඉන්පසු පරිගණකය Restart වීමක් සිදු වෙනවා. ඊලගට අපිට දකින්න් ලැබෙනවා Ctrl-Alt-Delete කී භාවිතා කරන්න ලැබෙන පහල වින්ඩෝ එක.. Ctrl Alt Delete

 ඉතින් කලින් හදපු මුරපදය ලබාදීලා ලොග් වෙන්න. 

Administrator Login

ලොග් උනාට පස්සෙ අපිට ලැබෙනවා පහල රූපයේ මෙන් Server Manager කියන කොටස. මේක ඉබේම විවෘත වෙනවා.  Server Manager

ඉතින් ඔයාලා දන්නවා සාමානයෙන් වින්ඩෝස් 8 වලත් start මෙනුවක් නෑ කියලා. ඒ වගේම තමයි Windows Server 2012 මෙහෙයුම් පද්දතියේත් start මෙනුවක් නෑ. ඉතින් අපිට පුලුවන් යතුරු පුවරුවේ Windows Key එක් ඔබල start එක ගන්න. ඇත්තටම් මේකෙ අපි දන්න Start Menu එක නම් නෑ. තියෙන්නේ start screen එකක්. පහල රූපයේ බලන්න 

Start Screen

ඉතින් ඔයාලා System Properties වලට ගියාම පහල රූපයේ මෙන් දකින්න් ලැබෙයි. අපි බලමු මේ සර්වර් එකේ නම වෙනස් කරන්නේ කොහොමද කියලා.Change Settings වලට යන්න 

System Properties Screen

අලුත් නම ටයිප් කරන්න ඊලගට OK කරන්න.

Enter new computer name

එතනදී පරිගණකය restart කරන්න අහනවා.

Information Box

Restart Now කියන් එක ක්ලික් කරන්න 

.Restart Now

ඉතින් මේ විදියට අපිට අලුත් සර්වරයක් Windows Server 2012 බාවිත කරලා හදාගන්න පුලුවන්. 

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Share:

0 comments:

Social Media

About Author



Eranda Dayawansa
Founder and Editor-in-Chief of 'Cyber Security'. Microsoft Certified ICT Instructor, Cyber Security Analyst, Information Security Researcher

Blog Archive

About

Followers

Blog Archive